Wednesday, June 13, 2012

Windows 8 මෙහෙයුම් පද්දතිය.



Windows 8 මෙහෙයුම් පද්දතිය.

 
ලොව වැඩිම පරිගණක ප්‍රමාණයක ධාවනය වන මෙහෙයුම් පද්දතිය වන්නේ කුමක් හෝ වින්ඩෝස් සංස්කරණයක මෙහෙයුම් පද්දතියකි.මෙසේ ලොව පුරා භාවිතා වන වින්ඩෝස් මෙහෙයුම් පද්දති වල නවතම සංස්කරණය ලෙස එළිදැක්වීමට ඇත්තේ විනඩෝස් 8 මෙහෙයුම් පද්දතියයි.
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය තැනීමේ වැඩකටයුතු ඇරඹුණේ 2002 වසරේ ජනවාරි මාසයේදීය.එතැකික් පටන්ගත් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියේ වැඩකටයුතු මේවෙන විට 2/3 ක් අවසන්වී ඇත.නමුත් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියේ ගුණාංගයන් ගැණ වැඩි දෙයක් තවමත් මයික්‍රොසොෆට් සමාගම විසින් ඉදිරිපත් කර නැත.දැනට වින්ඩෝස් 8 ගැන ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී ඇමරිකාවේදී පැවති CES [ Consumer Electronic Show ] ප්‍රදර්ශණයේදී මයික්‍රොසොෆට් ආයතිනය විසින් හෙළිකල තොරතුරු සහ වින්ඩෝස් 8 ගැන නිල නොවන තොරතුරු හෙළිකරන විවිධ වෙබ් අඩවි වලින් හෙළි කරන තොරතුරුත් මයික්‍රොසොෆට් සමාගමේ සේවකයන් තම පුද්ගලික වෙබ් අඩවි වලින් හෙළි කරන තොරතුරුත් පමණි.
1985 වසරේදී Windows 1.0 මෙහෙයුම් පද්දතිය නිකුත්වීමෙන් පසුව මේවන විට Windows මෙහෙයුම් පද්දති 12ක් නිකුත්වී ඇත.නමුත් මෙසේ නිකුත් වී ඇති මෙහෙයුම් පද්දති තාක්ෂණික අතින් අයත් වන්නේ කාණ්ඩ 7 කටය.එනම් මුලින්ම පැමණි Windows 1.0, Windows 2.0, Windows 3.0 සහ මීළගට පැමිණි Windows NT අයත් වන්නේ Windows 3.1 යන සංස්කරණයටය, මීළගට පැමිණි Windows 95 අයත් වන්නේ Windows 3.5 සංස්කරණයටය, ඉන් පසුව ආ Windows 98 සහ Windows මිලේනියම් අයත් වන්නේ Windows 4.0 සංස්කරණයටය, මීළගට පැමිණි Windows 2000 අයත්වන්නේ Windows 5.0 සංස්කරණයටය, ඉන්පසුව ආ Windows XP අයත් වන්නේ Windows 5.1 සංස්කරණයටය, XP ට පසුව ආ Windows Vista අයත්වන්නේ Windows 6.0 සංස්කරණයටය දැනට ඇත් නවතම Windows මෙහෙයුම් පද්දතිය වන Windows 7 අයත් වන්නේ Windows 7.0 සංස්කරණයටය, මීලගට පැමිණිමට ඇති Windows 8 මෙහෙයුම් පද්දතිය අයත්වන්නේ Windows 8.0 සංස්කරණයටය.
මයික්‍රොසොෆට් සමාගම මෙහෙයුම් පද්දතියකට නම් තුනක් ලබාදේ එනම් කේත නාමය [ Code Name ], නිශ්පාදන අංකය [ Product Number ] සහ වෙළද නාමය [ Official Brand] යන්නයි.මේ අනුව මෙතෙක් නිකුත්වී ඇති මෙහෙයුම් පද්දති සදහා නම් ලබාදීමේදී මයික්‍රොසොෆට් සමාගම ක්‍රම කිහිපයක් අනුගමනය කර ඇත.මුලින් සිදුකලේ මෙහෙයුම් පද්දතියේ නමට Version Number එක යොදාගැනීමය.දෙවනුව සිදු කලේ මෙහයුම් පද්දතිය ඉදිරිපත් කල වර්ශයේ නමින් මෙහෙයම් පද්දතිය නම් කිරීමයි.ඉන්පසුව කාටත් පහසු නම් වලින් මෙහෙයුම් පද්දතියට නම් ලබා දුනි.ඒ අනුව වින්ඩෝස් එක්ස්පී සහ විස්ටා යන නම් මෙහෙයුම් පද්දති වලට ලැබුණි.නමුත් දැනට ඇති වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියට නම ලබාදීමේදී මයික්‍රොසොෆට් සමාගම වෙනමම ක්‍රමවේදයක් අනුගමනය කලේ ඒ අනුව වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්දතියේ නම ලෙස සංස්කරණ අංකයම යොදාගත්තේය.
එසේම ඉදිරියේදී නිකුත් වීමට නියමිත Windows 8.0 වන සංස්කරණයේ මෙහෙයුම් පද්දතියේ නම තවමත් මයික්‍රොසොෆට් සමාගම විසින් හෙළිකර නොමැති අතර දැනට මයික්‍රොසොෆට් සමාගම විසින් මෙය හදුන්වනු ලබන්නේ “Windows vNext“ යනුවෙනි.නමුත් දැනට ප්‍රසිද්ද වී අති තොරතුරු අනුව Windows 8.0 සංස්කරණය Windows 8 යනුවෙන්ම සංස්කරණ අංකය යොදාගෙන හැදින්වීමේ නම ලෙස මයික්‍රොසෝෆට් සමාගම විසින් යොදනු ඇති බව විශ්වාස කළ හැකිය.මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ 2008 දී වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියේ නම ප්‍රකාශ කිරීමේ උත්සවයේදී වින්ඩෝස් නිශ්පාදන පිළිබද උප සභාපති මයික් නාෂ් පැවසූ මින් ඉදිරිටත් මෙහෙයම් පද්දති නම් කිරීමේදී ඊට සංස්කරණයේ නම යොදාගැනීමට උනන්දු වන බවයනු ප්‍රකාශයයි.
වින්ඩෝස් මෙහෙයුම් පද්දති වල නව සංස්කරණයක් නිකුත් වන්නේ වසර 3කට වරක්ය.ඒ අනුව අලුතින් නිකුත් වීමට ඇති වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය නිකුත් වන ඇත්තේ 2012 වසරේදීය.මේ පිළිබද සදහන් ප්‍රසන්ටේෂන් වැඩසටහනක් මයික්‍රොසොෆට් ඉතාලි ආයතනයෙන් හොර රහසේ පිටතට ආවේය.එහි සදහන්ව ඇත්තේ 2012 වසරේදී ප්‍රධාන නිකුත් කිරීමක් ඇති බවත් එය වින්ඩෝස් 8 යන කේත නාමයෙන් යුතු සර්වර් මෙහෙයුම් පද්දතියක් බවත්ය.මේ අනුව මේ සමග නිකුත් වන පරිගණක මෙහෙයුම් පද්දතිය වනු ඇත්තේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියයි.
නමුත් මයික්‍රොසොටේ සමාගම ආවට ගියාට මෙහෙයුම් පද්දතියක් නිකුත් කරණු නොලබයි.එනමි මෙහෙයුම් පද්දතියක් නිකුත් කරනු ලබන්නේ අදියර තුනකිනි එනම් ප්‍රථමයෙන් මෙහෙයුම් පද්දතියේ බීටා සංස්කරණය නිකුත් කරනු ලබයි.එහි ඇති වැරදි අඩුපාඩු සකසා මාස තුනකින් RC සංස්කරණය නිකුත් කරණු ලබයි.ඉන් මාස තුනකට පසු RTM සංස්කරණය නිකුත් කරනු ලබයි.ඉන් මාස 2 කට පසු ස්ථිර මෙහෙයුම් පද්දතිය මයික්‍රොසොෆට් සමාගම විසින් වෙළදපලට නිකුත් කරනු ලබයි.මේ සදහා මාස නවයක කාලයක් ගතවේ.මේ අනුව වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතතියේ බීටා සංස්කරණය 2012 වසරේ ජනවාරි මාසයේදී පැමිණිය හොත් 2012 වසරේ ඔක්තෝම්බර් වන විට වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය වෙළදපලට පැමිණෙනු ඇත.


Windows 8 මෙහෙයුම් පද්දතියේ ගුණාංග.



   විස්ටා වල අඩුපාඩු දුරු කර එක්ස්පී වල ගුණාංග දියුණු කර පැමිණි වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියට ඇතුලු මීට පෙර පැමිණි සෑම මෙහෙයුම් පද්දතියකටම වඩා වෙනස් ලෙස මීළගට එළිදකින වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය ඉදිරිපත් කරනු ඇත.ඒආනාගතය ස්පර්ශ කරන“ [ Touch the Future ] මෙහෙයුම් පද්දතිය යන තේමාවෙන් මයික්‍රොසොෆට් සමාගම හදුන්වන ඉදිරියේදී නිකත්වීමට ඇති වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියයි.වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය සැබැවින්ම නව ගුණාංගයන් ගනනාවකින් යුතු මෙහෙයුම් පද්දතියකි.එනම් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය එය ඉදිරි වසර පහ හයක් තුල පැමිණෙන සෑම නව තාක්ෂණික යෙදුමක් සමගම වැඩකරන්නට ගැලපෙන ලෙස සැකසෙන මෙහෙයුම් පද්දතියක් වන බැවිනි.
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියේ ඇති ප්‍රධාන වෙනස්කමක් වන්නේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය දැනට භාවිතා වන ARM මයික්‍රොචිප් ආකෘතියට නොව SOC [ System On a Chip ] නම් නව මයික්‍රොචිප් ආකෘතියට ගැලපෙන ලෙස සකසා ඇති මෙහෙයුම් පද්දතියක් වීමයි.එනම් Graphic ප්‍රොසෙසින් සහ Memory ප්‍රොසෙසින් ඇතුලු ප්‍රොසෙසින් සියල්ලක්ම එකම චිපයක සිදුවන SOC චිප වලට ගැලපෙන ලෙස වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය සකසා ඇත.එමෙන්ම SOC මයික්‍රොචිප් වැඩි කාර්යක්ෂමතාවක් මෙන්ම අඩු විදුලි පරිභෝජනයෙන්ද යුක්තවේ.මේ අනුව SOC මයික්‍රොචිප් භාවිතා වන පරිගණකයන් වලට වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ස්ථාපනය කිරීමෙන් වැඩි කාර්යක්ෂමතාවක් මෙන්ම අඩු විදුලි පරිභෝජනයක් යන වාසි ද ලැබේ.
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය සමග අලුත්ම යූසර් ඉන්ටර්ෆේස් එකක් පැමිනෙන බව පැවසේ.මෙය වින්ඩෝස් 7 සහ විස්ටා වල ඇති Aero ඉන්ටර්ෆේස් එක දියුණු කර නිපදවූවක් වේ.මෙසේ පැමිනෙන නව යූසර් ඉන්ටර්ෆේස් එක හදුන්වන්නේ Wind යන නමිනි.එමෙන්ම පෙර සංස්කරණයන්ට වඩා අයිකනයන් වලද ත්‍රිමාණ පෙනුම තවත් දියුණු කර ඇත.එමෙන්ම සම්පූර්ණ මෙහෙයුම් පද්දතියම ටච් ස්ක්‍රීන් තාක්ණයට සහය දක්වන අතර ඩෙස්ක්ටොප් එකෙහි ටච් ස්ක්‍රීන් ක්‍රමයට වැඩ කල හැකි යතුරු පුවරුවක්ද ඇත.
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ඩෙක්ටොප්, ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණකවලද එකලෙස වැඩකරන්නට හැකිය.මේ හේතුවෙන් දැනට ටැබ්ලට් පරිගණක මෙහෙයුම් පද්දති ලොවේ රජකරන Apple i OS සහ Google Android යන මෙහෙයුම් පද්දති වලට තරගයක්ද ඇති වනු ඇත.
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය දැනට ඇති වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්දතිය මෙන් 64 bit සහ 32 bit මෙහෙයුම් පද්දතියක් නොවේ.වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය 128 bit සහ 64 bit මෙහෙයුම් පද්දතියකි.මේ අනුව 128 bit මෙහෙයුම් පද්දති ආරම්භ වනුයේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය සමග වේ.
වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය ඊට පෙර පැමිණි සියලු මෙහෙයුම් පද්දති වලට වඩා ඉක්මනින් බූට් වේ.මේ මග යමින් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියද වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියටත් වඩා ඉක්මනින් බූට්වීමට සකසා ඇත.
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ක්ලවුඩ් කම්පියුටින් තාක්ෂණයද උපයෝගී වන මෙහෙයුම් පද්දතියක් වේ.ක්ලවුඩ් කම්පියුටින් තාක්ෂණය වින්ඩෝස් 8 තුලදී භාවිතා වන එක් අවස්ථාවක් වන්නේ Facial Recognition තාක්ෂණය භාවිතයෙන් පරිගණකයට ලොග් වීමේදී පාස්වර්ඩ් එක ලෙස වෙබ් කැම් එක හරහා මුහුණ හදුනා ගැනීමට හැකි ලෙස එක්කර ඇති නව පහසුකමත් සමගය.මෙහිදී සිදුවන්නේ පරිගණකය භාවිතා කරන්නාගේ යූසර් එකවුන්ටු එකෙහි පාස්වර්ඩ් එක ලෙස යොදන්නේ පරිශීලකයාගේ මුහුණේ ඡායාරූපයකි.ඉන්පසුව පරිගණකයට ලොග් වීමේදී වෙබ් කැම එක හරහා පරිශීලකයාගේ මුහුණ පරිගණකය හදුනාගෙන එය ගැලපෙන්නේ නම් පරිගණකයට ලොග් වීමට ඉඩ ලබාදේ.මෙහිදී අදාල දත්ත රැස්ව ඇත්තේ ක්ලවුඩ් තාක්ෂණය පදනම් වන අන්තර්ජාල සර්වර්ස් තුලය.
ඇප් ස්ටොර් මෙන් වින්ඩෝස් 8 තුලදී මෘදුකාංගයන් ඔන්ලයින් ක්‍රමයට මිළදී ගන්නට හැකි වෙබ් සේවාවක්ද වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය සමග එළි දක්වන බව පැවසේ.
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ත්‍රිමාණ තාක්ෂණය, 4K Format, USB 3.0 සහ බ්ලූටූත් 3.0 ඇතුලු නව තාක්ෂණයන් සියලක් සමගමත් මල්ටිමීඩියා වැඩකටයුතුත් එක ලෙස වැඩ කරන්නට හැකි වන ලෙස නිපදවා ඇති මෙහෙයුම් පද්දතියකි.එනිසා අනෙක් මෙහෙයුම් පද්දති වලට වඩා ඉදිරියෙන් සිටීමට වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියට හැකි වනු ඇත.
මීට අමතරව එකම වේලාවක සර්වර් කිහිපයක් සමග ගනුදෙනු කල හැකි Distributed File System Replication තාක්ෂණයත් පෙර ප්‍රවේශවූ වෙබ් අඩවියකට නැවත ප්‍රවේශ වීමේදී ලොඩ් වීම ඉක්මන් කරන Branch Cache නම් නව තාක්ෂණයකතුත් සහ GPS තාක්ෂණයට උපරිම ලෙස සහය දැක්වීමත් වින්ඩෝස් 8 සමග ඇති තවත් පහසුකම්ය.





No comments:

Post a Comment