Monday, June 11, 2012

හාර්ඩ් ඩිස්ක් එක ගැන යමක්

postheadericon පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකෙහි File system එක



වින්ඩෝස් 2000 හා XP යන මෙහෙයුම් පද්ධති නිර්මාණය කොට ඇත්තේ NTFS file System සමග වැඩ කිරීම සදහාය.වින්ඩෝස් 98 හෝ ME යන සංස්කරණයන් ඉන්ස්ටෝල් කරන්නේ නම් (Dual boot)අනිවාර්යයෙන්ම FAT 32 File system එක භාවිතා කළ යුතුය.
පරිගණකයේ අමතර පංකා සවිකිරීමේදී (Fan)සවි කිරීමේදී හාර්ඩ් ඩිස්ක් එකට විදුලිය දෙන සොකට්ටුවෙන්ම ඒවාට විදුලිය ලබා දීම මවුපුවරුවට අහිතකර ලෙස බලපායිද?
පරිගණකයේ වේගව වැඩි කර ගැනීමට වැඩි බලයක් සහිත ප්‍රොසෙසර හා උපාංගයන් සවි කරන්නේ නම් ඊට ගැලැපෙන කේසින් (casing)මෙන්ම විදුලි සැපැයුම් (Power supply) උපාංගද භාවිතා කළ යුතුය.පරිගණකයට අමතර ප්‍රෙසෙසර සවිකර ගන්නා විට ඒ සමග අමතර සිසිලන පංකා දෙකක් හෝ තුනක් සවි කර ගැනීම හොදය.මෙහිදී සාමාන්‍ය ක්‍රමයක් ලෙසම ඒවාට විදුලිය ලබාදෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකට විදුලිය සපයන සොකට් තුලිනි.එහි විශේෂ දෝෂයක් නැත.එහෙත් මතක තබා ගත යුතු වන්නේ නිවැරදිම සොකට්  වර්ග භාවිතා කර නිවැරදිව විදුලිය ලබා ගැනීමටය.
එනම් පවර් සප්ලයි එකේ වයර් වයර් ගැට ගැසීම හා ටේප් එතීම වැනි දෑ නොකළ යුතුය.ඒ පවර් සප්ලයි තුල ඉතා සංවේදී ආරක්ෂක උපක්‍රම භාවිතා කරන නිසා ඉතා සුථ විදුලි කාන්දුවකදී පවා එය පිළිස්සි යා හැකි බැවිනි.
සාමාන්‍ය පුරුද්දක් ලෙසම පරිගණකයේ සසිලන පංකා (cooling fan) ආදීය අවහිර වන සේ මේස යට හෝ ආවරණයක් තුල පරිගණක තැබීම නොකළ යුතුය.එසේම පරිගණකයේ උපාංග වලට ගැලැපෙන කේසින් එකක් හා පවර් සප්ලයි එකක් භාවිතා කිරීමටත් ,සිසිල් වාතය පරිගණකය වටා ගමන් කිරීමට හැකිවන ස්ථානයක තබා තැබීමත් මගින් පරිගණකයේ සිසිළන ක්‍රියාවලිය අවහිර වී පරිගණකයේ දෘඩාංග කොටස් දෝෂ සහගත වීම හෝ පිළිස්සී යාම මඟ හරවා ගත හැකිය. 



postheadericon Hard disk chek up



යූපීඑස් (UPS) එකක් සම්බන්ධ කර නොමැති පරිගණකයක් විදුලිය ඇනහිටීමකදී ක්‍රියාවිරහිත වු පසු ,එය නැවත ක්‍රියාකරවන විට සාමාන්‍යෙයන් Hard ckeck up නැමැති ව්න්ඩෝවක් පැමිණ 0% සිට 100% දක්වා සම්පූර්ණ වෙමින් Hard disk එකේ වැරදි නිවැරදි කරනු ලැබේ.එහෙත් යූපීඑස් නොමැති සමහර පරිගණක වල විදුලිය ඇනහිටිමෙන් පසු නැවත පරිගණකය ක්‍රියාකරවන විට Hard disk chek up නැමැති වින්ඩෝව නොපැමිනේ.පරිගණකයේ Ms DOS ආකාරයට BIOS වැනි windowsදිස් වූ පසු සැනින් welcome window XP වින්ඩෝව වෙත පැමිණ Desktop එකට පැමිණේ.මෙය සාමාන්‍ය දෙයක්ද නැත්නම් පරිගණකයේ දෝෂයක්ද?
මෙය දෝෂයක් නොවේ.වින්ඩෝස් 2000 හා XP යන සංස්කරණ වින්ඩෝස් 98 මෙන් සෑම විදුලි ව්සන්ධි වීමකදීම හාර්ඩ් ඩිස්ක් එක ස්කෑන් (Scan)නොකරයි.විදුලිය විසන්දී විමකදී එමගින් හාර්ඩ් ඩිස්ක් එකට බලපෑමක් සිදුවී ඇති බව පෙනී යන්නේ නම් පමණක් ස්කෑන් ඩිස්ක්(Scan disk)එක මගින් අදාල හාර්ඩ් ඩිස්ක් එක හෝ පාටීෂන් එක පරීක්ෂා කරන අතර එසේ නොමැති වේලාවන් වලදී Hard check up වින්ඩෝව නොපැමිණ සාමාන්‍ය ආකාරයටම පරිගණකය පණ ගැන්වේ.

postheadericon පාටිෂන් වසන් කරමු



Truecrypt මෘදුකාංගය මගින් ඔබට අවශ්‍ය ගොනුවක් හෝ පාටිෂන් කොටසක් මුරපද යොදා ආරක්ෂා කර ගත හැක.
http://www.truecrypt.org/downloads මෙම ලින්ක් එක හරහා එය බාගත කර ගත හැක
http://www.truecrypt.org/docs/ මෙ හරහා එය භාවිතා කරන අයුරු දැන ගත හැක

No comments:

Post a Comment