Wednesday, June 27, 2012

වඩා වේගවත් අන්තර්ජාල භාවිතයක ඇරඹුම




Google සමගම අද වන විට විවිද නව හදුන්වාදීම් සිදු කරමින් විවිද අන්තර්ජාලසේවා සපයමින් ලෝකයට බලපෑමක් ඇති කල හැකි අති ප්‍රබල සමාගමක් බවට පත්ව තිබෙනවා. නමුත් ඔවුන් ලෝකය වෙත තිලින කරන නව නිපැයුම් වල නම් කෙළවරක් නෑ .නිතර නිතර මෙවන් වූ නව සොයා ගැනීම් ලෝකයා හමුවේ තබන google සමාගමේ අලුත්ම සොයා ගැනීම තමයි SPDY. SPDY යනු අන්තර්ජාල ප්රොටෝකොලයකි (protocol ). අන්තර්ජාලය තුලදී සාමාන්යෙන් පරිගණක දෙකක් අතර තොරතුරු හුවමාරු කිරීමට සිදුවේ. නමුත් පරිගණකදෙකම එකම භාෂාවකින් දත්ත හුවමාරුවට එකග වනතුරු මෙසේ දත්ත හුමමාරු කල නොහැක උදාහරණයක් ලෙස දෙදෙනෙකුට අදහස් හුවමාරු කර ගැනීමටනම් ඒ දෙදෙනාම එකම භාෂාවක් කතා කිරීමට එකග විය යුතුය පරිගණක දෙකක් අතර ඇතිවන මෙවන් වූ එකගතාවයක් ඇති කිරීම ප්‍රොටෝකෝල වල කාර්යයි. 
අද වනවිට අන්තර්ජාලයේ බොහෝදුරට භාවිතා වන්නේ HTTP හෙවත්Hypertext Transferring Protocol එකයි නමුත් Google සමාගමේ නවතමහදුන්වාදීම වන SPDY ,HTTP වලට වඩා වේගයෙන් අන්තර්ජාල පිටු වෙබ් බ්රව්සරය වෙත ගෙන ඒමේ හැකියාවෙන් යුක්ත වේ .2009 වර්ෂයේ අග භාගයේදී සොයාගන්න ලද මෙම SPDY ප්‍රොටෝකෝලයට අන්තර්ජාලය වෙතට විස්මිතවේගයක් ලබාදීමේ හැකියාව සහිතය.නමුත් මතක් වනතුරුම පරීක්ෂණ මට්ටමේ පැවති මෙම සොයාගැනීම Google සමාගමටම අයත් වෙබ් අඩවි වල පමණක් යොදා ගැනිණි.

Google Chromeවෙබ් බ්‍රවුසරය හරහා පමණක් මෙය යොදා ගැනුන නමුත් ක්‍රෝම් හරහා අන්තර්ජාලයට පිවිසෙන්නන්ට මුලදීඑහි වේගයේ විශේෂ වෙනසක් හදුනා ගත නොහැකි වියනමුත් අද වන විට මෙය වානිජමය නිෂ්පාදනයක් බවට පත්වී හමාරය වෙබ් අඩවි ප්‍රශස්තීකරණය ( Web optimization ) සමාගමක් වන Strangeloop සමගම ඔවුන්ගේ වෙබ් අඩවි හා එම වෙබ් අඩවි භාවිත කරන්නන් වෙනුවෙන් යොදාගන ඇත. මෙම ප්‍රොටෝකෝලය අනාගතයේදී ජංගම දුරකථන හා ජංගම උපාංග හරහා අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර පවා ප්‍රචලිතවන බව Strangeloop සමාගම තරයේ විශ්වාස කරයි. මෙය වෙබ් අඩවිය හා එය භාවිතා කරන්නා අතර මැදදී මැදිහත්වන මෘදුකාන්ගයක් වන අතර මෙමගින් අදාළ වෙබ් පිටුව නියමාකාරයෙන් වේගයෙන් නරබන්නා වෙත ලබා දේ මෙමගින් 10% 20% අතර ප්‍රමාණයකින් වේගය වැඩි කරන බව සොයා ගෙන ඇත. Google සමාගම Android සදහා නිපදවන බ්‍රවූසරයටද SPDY යොදාගැනීමට බලාපොරොත්තු වේ. වෙබ් අඩවියක වේගය එම අඩවිය කෙරෙහි කෙලින්ම බලපාන්නේ සාමන්යෙන් අප බොහොවෙලාවක් එකම වෙබ් අඩවියක් ලෝඩ් වනතුරු බලා නොඉද වෙනත් වෙබ් පිටුවක් කරා ඇදීමට හුරු වී ඇති බැවිනි. එනම් වෙබ් අඩවියක වේගය වැඩි වනවා යනු එම වෙබ් අඩවියට පැමිණෙන්නා නරබන වෙබ් පිටු ගණන වැඩි වීමයි. මෙය අන්තර්ජාලය හරහා භාණ්ඩ අලවි කරන වෙබ් අදවියක්නම් මෙම අඩවියෙන් අලවි වන භාණ්ඩ ප්‍රමාණය වැඩි කර කරමී හැකියාව වෙබ් අඩවිය වේගවත් කිරීම තුලින් සිදු කරගත හැක.සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් එහි වේගය වැඩි කරගැනීමට විශේෂ අවදානයක්යොමු කරන්නේ ඉහත හේතූන් නිසාය. වේගවත් බව නරබන්නා සතුටු කරවන අතර එමගින් ඔවුන්ට වෙබ් සේවා කරා වැඩි පිරිසක් ඇද ගැනීමේ හැකියාව ලැබේ. සියලුම වෙබ් බ්‍රවුසර් හා සර්වර් පරිගණක මෙම තාක්ෂණය භාවිතයටගතහොත් වේගවත් ව අන්තර්ජාලයේ සැරිසැරීමේ හැකියාව ලැබේ

Saturday, June 23, 2012

පරිගනක ante virus වැඩ සටහනකින් තොරව virus සොයා විනශ කිරිම


ඔබට ඔබ භාවිත කරන pen drive එක මගින් පැමිනෙන virus මහත් හිසරදයක්ද?මෙන්න ඒසඳහා කලහැකි හොදම විසදුම.කිසිදු පරිගනක වැඩසටහනක් අවශ්ය නොවේ.කල යුතු ආකරය ඔබ හට මම කියාදෙන්නම්. එතරම් විශාල කර්යයක් නොවේ.මම මෙම ක්‍රමය මගින් virus ඉවත කොට පරිගනකය ආරක්ශා කරගන්න්නේ බොහෝකලක සිටය.
පලමුව my computer ඕපන් කරගන්න


පසුව tools ගොස් folder option වෙත යන්න



එහි ඇති view ටැබ් එකට පිවිසෙන්න.



එහි පහලින් අති show hidden files and folders යන්න මත ක්ලික් කරන්න්.



පසුව ඊට පහලින් ඇති hide extensions for know files යන්න මත ක්ලික් කරන්න



පසුව ඊට පහලින් ඇති hide protect operation system files(recommended) යන්න මත ක්ලික් කරන්න



දැන් apply කොට ok කරන්න
දැන් ඔබගෙ pen drive එක shift button එක press කරගෙන පරිගනකයට අතුලත් කරන්න

shift press කරනුයේ auto run එක නැවතිම සදහය(තත්පර කිහිපයක් ඔබගෙන සිටින්න)

දැන් my computer තුල ඇති folder button එක ක්ලික් කරන්න

එහි ඇති list එක මගින් ඔබගේ pen එකට පිවිසෙන්න(කිසිවිටකත් කෙලින්න්ම පෙන් එක ඔපන් කොට පිවිසීමෙන් වලකින්න)



දැන් ඔබගෙ pen එකහි ඔබ නොදන්නා files කිහිපයක් ඇත(සමහර virus වර්ග folder හැඩයෙන් යුත් ඒවාද වෙ.එවන් virus හදුනගන්නා ආකරය වෙනත් ලිපියකින් ඔබට ප්‍රකශ කොට ඇත)
දැන් ඔබ නොදන්නා files මකා දමන්න(මෙම files ඇත්තේ hidden කොටය)
මෙය ප්‍රධාන වශයෙන් autorun.inf හෝ ......exe නම් වලින් දැකිය හැකිය

සැ.යු:-
කිසිවිටකත් ඔබගේ පරිගනකයේ අති c:\ (c partition එකහි)ඇති hidden වු files මැකීමෙන් වලකින්න.ඊට හේතුව නම් මෙම files වින්ඩොවුස් පද්ධතියට අයත් වන files අතර එම files මැකුව හොත් ඔබගෙ පරිගනකය ක්‍රියා විරහිත වීමටද පුලුවන

Thursday, June 21, 2012

open කරගෙන තිබෙන windows වලින් එකින් එකට පහසුවෙන් මාරුවෙන්න

ඔබ open කරගෙන තිබෙන windows වලින් එකින් එකට පහසුවෙන් මාරුවෙන්න ක්‍රම තුනක්

සමහර අවස්තාවන් වලදී ඔබේ පරිගණකයේ වැඩ කරනා විට ගොඩක් windows විවුර්ත කරගෙන වැඩ කරන අවස්ථා අනන්තවත් ඇති. ඉතින් එවැනි අවස්ථා වලදී ඔබ සිටිනා window එකේ සිට වෙන windows එකකට මාරු වෙන්න නම්, ඔබ open කරගෙන තිබෙන windows අස්සේ අවශ්‍ය windows එක හොයා ගන්න ඕනේ. Windows 7 හි Aero themes වල නම් taskbar එකේ thumbnails විදියට windows පෙන්නන නිසා mouse එක බාවිතයෙන් පහසුවෙන් මාරු වෙන්න පුළුවන්. නමුත් ඔබ keyboard එකත් සමග වැඩ කරනා අවස්ථාවක් නම් Keyboard එක බාවිතයෙන්ම ඔබට පුළුවන් බොහොම පහසුවෙන් හා ඉක්මනින් අනෙක් windows වලට යන්නට. ඉතින් අපි බලමු මොනවද මේ keyboard shortcuts කියලා.
Alt + Tab – (Task switcher) මේ ක්‍රමය Windows XP සහ ඊට පසුව ආව ඕනෙම මෙහෙයුම් පද්දතියක වැඩ කරනවා. Windows XP හෝ non-Aero Vista/7 වලදී Alt + Tab මගින් ඔබ open කරගෙන ඇති සියලුම windows වල icons, bar එකක පෙන්නනවා. Alt key එක ඔබාගෙන සිටියදීම Tab key එක එබීමෙන් ඔබට අවශ්‍ය window එක open කරගන්න පුළුවන්. Aero theme එකේදී නම් Alt key එක ඔබාගෙන Tab key එක ඔබනා විට icon bar එකේ windows එකේ icon එකට අමතරව windows එකත් ඔබට පෙන්වනවා.
Alt + Esc – මෙයත් තවත් එක පරණ ක්‍රමයක්‌. තවමත් windows XP හි මෙන්ම windows 7 වලත් වැඩ කරනවා. windows taskbar එකේ windows ඇති පිලිවලට තමයි මෙය කැරකෙන්නේ. Alt key එක ඔබගෙන ඔබට අවශ්‍ය windows එක ලැබෙන තුරු Esc key එක ඔබන්න.
Windows key + Tab – (Flip 3D) මෙය windows vista සමග හදුන්වා දුන්නු විශේෂාංගයක්. windows 7 හිදීත් මෙය ක්‍රියාත්මකයි. ඒ සදහා windows aero theme එක හා එයට සහය දක්වන graphics අවශ්‍ය වෙනවා. Windows key එක ඔබාගෙන, ඔබට අවශ්‍ය window එක ලැබෙනා තුරු Tab key එක ඔබන්න.
තවද Ctrl + Windows key + Tab මගින් ඔබට පුළුවන් keyboard එකේ arrow keys වලින් හා mouse එකේ scroll button එකෙන් ඔබ open කරගෙන ඇති  windows ටික රවුමක් වගේ කරකවා අවශ්‍ය windows එක තෝරාගන්නට.
Windows keybord shortcuts, www.trickslanka.com

facebook එකේ මේ දිනවල පැතිරයන අලුත් scams කිහිපයක්.

ප්‍රවේසමෙන්!!

මේ දවස්වල තවත් අලුත් scams කිහිපයක් facebook එක තුල පතිරයනවා. සමහර විට ඔබට හිතෙන්න ඇති ඇයි මුහුනුපොතේ මේ වගේ වංචාකාරී දේවල් පැතිරෙන්නේ කියලා. facebook එක තුල ඕනෑම කෙනෙකුට applications හදන්න අවස්තාව facebook සලසා දී තිබෙනවා. ඉතින් ඒ නිසයි අපි මේ විදියට අමුතු අමුතු scams මුහුනුපොත තුල දකින්නේ.
මෙය wall post එකක් විදියට පැතිර යන්නේ. ඉතින් ඒ ලින්ක් එක ක්ලික් කල විට පහත රුපයේ ඇති පරිදි app එකකට ඔබව රැගෙන යනවා.
Facebook-scam
Remove My Timeline
මෙම application එක මගින් Timeline එක disable කරන්න ඔබේ browser එකට extension එකක් එකතු කරන ලෙස පවසනවා. ඔබ යම් හෙයකින් එම extension එක ස්ථාපිත කරගත්තොතින් ඔබේ සියලුම තොරතුරු මෙම extension එක මගින් එය නිර්මාණය කල තැනැත්තා වෙත යවනවා. ඉතින් ගොඩක් ප්‍රවේසම් වෙන්න මෙයින්.
remove_my_timeline_app
Who view your Profile
මෙම application එක මගින් ඔබේ profile එක බැලුවේ කවුද යන්න පෙන්නමින් ඔබව රවටා ඔබේ තොරතුරු ලබාගන්නවා.
anothe-Facebook-scam
Auto Subscribe
මුහුණුපොතේ scams අතරින් මෙය තවත් එකක්. මෙමගින් ඔබට facebook subscribers 100,000 ලබාදෙන බව පවසනවා. ඕනෑම කෙනෙක් කැමතියි නේ ඉතින් තමන්ට subscribers ලා වැඩි කරගෙන මුහුනුපොතේ චරිතයක් වෙන්න. ඉතින් මෙවැනි වංචාකාරී apps වලට අහුවෙන්න තියෙන ඉඩ වැඩියි.
Facebook-recent-scam
ඉතින් මම කියන්නේ ඔබ apps වලට ඔබේ තොරතුරු වලට පිවිසීමට ඉඩ ලබාදෙන විට ඔබට පිළිගන්න පුළුවන්, එහෙම නැතිනම් කවුරුත් දන්නා කියන වෙබ් අඩවියක හෝ පිළිගත හැකි ආයතනයක apps වලට පමණක් ඔබේ තොරතුරු වලට පිවිසීමට අවස්තාව ලබාදෙන්න.
facebook app settings

Sunday, June 17, 2012

YouTube\Facebook Videos බාගන්න මෘදුකාංග මොකටද..


 මම අද කියල දෙන්න හදන්නෙ ඔයාල YouTube\Facebook වල බලන Videos මෘදුකාංගයක් නැතුව Download කර ගන්නෙ කොහොමද කියල. මම මේ පෝස්ට් එකෙන් අදනම් කියල දෙන්නෙ මේ වැඩේ Google Chrome භාවිතා කරන අයට විතරයි.
 ඔබ YouTube එකේ හරි Facebook හරි Video එකක් බලනකොට එම video file එක temporary file එකක් ලෙස ඔබගේ පරිගණකයේ විශේෂ ෆෝල්ඩ්ර් එකක ගබඩා වෙනවා.  එම ෆොල්ඩ්ර් එකට අපි කියන්න CACHE folder කියල.
ඔබ video එකක් නැරඹීමෙන් පසුව එම video එක එම CACHE folder එකට ගොස් ඔබට copy කර ගැනීමට හැකියාව පවතිනවා. නමුත් මෙම file එක එම folder එක තුල පවතින්නේ extension එකක් නොමැතිවයි. උදාහරණයක් විදිහට අපි AVI File එකක් ගත්තොත් එකේ file name එක විදිහට තියෙන්නෙ videoname.avi කියල. නමුත් මෙම ෆෝල්ඩ්ර් එකේ ඇති සියලු ෆයිල්ස් ඇත්තේ කිසිම extension එකක් නොමෙතිව ඒ කියන්නෙ මේ විදිහට. (videoname). අපි මෙම folder එකේ ඇති video file එක අපගේ පරිගණකයෙහි ඇති වෙනත් folder එකකට copy කරගැනීමෙන් පසුව මෙයට සුදුසු extension එකක් දිය යුතුය ඒ සදහා එම file එක rename කර එහි අගට ලෙස .flv දෙන්න. එවිට එම file එක Flv Video File එකක් ලෙස rename වේවි. 
CACHE folder එක විවෘත්ත කරගමු.
මෙම folder එක විවෘත්ත කර ගැනීමට පෙර ඔබගේ පරිගණකයෙහි Hidden Files සහ Folders කරගත Show යුතුය. ඒ සදහා Organize –> Folder and Search Option –> View ගොස්, Hidden files and folders කියන තැන Show hidden files and folders යන්න select කරගන්න. ඉන් පසුව OK කරන්න.

Windows 7/Vista මෙහෙයුම් පද්දති වල CACHE folder එක ඇති ස්ථානය


C:\Users\USER_NAME\AppData\Local\Google\Chrome\UserData\Default\Cache 

 මෙම folder එක විවෘත්ත කරගත් පසුව එම folder එකේ right click කර Arrange icons by >> size  ලෙස දෙන්න. මොකද මෙම folder එක තුල විශාල files සංඛ්‍යාවක් තියන නිසා මෙහි ඇති ඔබගේ video එක සොයා ගැනීමට පහසු කර ගැනීමට. දැන් එහි ඇති files වලින් size එක වැඩි files තොරා ඔබගේ media player එකට ඇද දමන්න. මෙය කිරීමට VLC media player එක භාවිතා කරන්න.

මේසේ කිරීමේදී ඔබට ඔබගේ video එක ලැබේවි. එවිට එම file එක ඔබගේ පරිගණකයෙහි වෙනත් folder එකකට copy කර ඔබ කැමති extension එකක් යටතේ එය rename කරගන්න. මතක තබාගෙන්න මෙය කිර්මට පෙර ඔබ එම video එක ඔබගේ web browser එකෙන් සම්පූර්ණව නරඹා තිබිය යුතුය.

 (Rename කරගන්න ආකාරය උදාහරණයක් මගින් f_0001f9 = f_0001f9.flv)

Windows XP මෙහෙයුම් පද්දති වල CACHE folder එක ඇති ස්ථානය

C:\Documents and Settings\USER_NAME\Local Settings\Application Data\Google\Chrome

අන්තර්ජායේ පොඩි වැඩ ටිකක්

විවෘතව ඇති ෆෝල්ඩරයක සිට අන්තර්ජාලයට පිවිසීම.


සාමාන්‍යයෙන් වෙබ් ලිපිනයක් ලබා දිය යුත්තේ වෙබ් බ්‍රව්සරයේ ඇඩ්රස් බාර් එක තුළයි. එහෙත් මේ සදහා වෙබ් බ්‍රව්සරය මුලින් විවෘත කර ගෙන පසුව ඇඩ්රස් එක ලබා දිය යුතු වේ. එහෙත් ඔබ විවෘත කරගෙන ඇති ඔනෑම ෆෝල්ඩරයක් තුළ ඇති ඇඩ්රස් බාර් එක තුළ ඔබට අවශ්‍ය වෙබ් ලිපිනය ලබා දී යතුරු පුවරුවේ ඇති Enter යතුර තද කරන්න. එවිට සම්මත වශයෙන් තේරී ඇති  වෙබ් බ්‍රව්සරය විවෘත වී ඒ හරහා අදාළ වෙබ් ලිපිනයේ ඇති විස්තර පෙන්වනු ඇත.


අන්තර්ජාලය හරහා ඩෙක්ස්ටොප් එක වෙනත් අයෙකුට පෙන්විය හැකිද?


මේ සදහා ක්‍රම කිහිපයක් ඇත. Windows Remote Desktop එවැනි පහසුවෙන්  ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයකි. මෙම ක්‍රමය මගින් අන්තර්ජාලය ඔස්සේ වෙනත් අයෙකුට අපගේ ඩෙක්ස්ටොප් එක බැලීමට  පමණක් නොව පරිගණකයේ වැඩ කිරීමටද ඉඩ සලසයි. එසේම ස්කයිප්(Skype) මෘදුකාංගය හරහා ඩෙක්ස්ටොප් එක ආරක්ෂිතව වෙනත් අයෙකුට පෙන්විය හැකිය. ඒ සදහා පළමුව අදාල පුද්ගලයා Skype Contact තුලට ඇතුල් කරගන්න. ඉන්පසුව Call මෙනූව තුළින් Share Your Screen තුළ ඇති Share Full Screen යන්න තෝර්න්න. එවිට අනෙක් පුද්ගලයාට අපගේ ඩෙක්ස්ටොප් එක පෙනේ. එහෙත් අපගේ පරිගණකයට ඇතුල් විය නොහැක.


Friday, June 15, 2012

පරිගනකයේ ගබඩාවේ මතකය (Hard Memory) මනින අලුත්ම ඒකක මොනාද?


පරිගනක මතකය බයිට් වලින් ප්‍රකාශ කරයි.ඒවාහි අලුත්ම ගුනාකාර පහත දැක්වේ.

8 byte       =  1 kilobyte (KB)
1024 KB  =  1 MB (Megabyte)
1024 MB =  1GB (Gigabyte)
1024 GB  =  1TB (Terabyte)
1024 TB  =  1PB (Petabyte)
1024 PB  =  1EB (Exabyte)
1024 EB  =  1ZB (Zettabyte)
1024 ZB  =  1YB (Yottabyte)

CD හා DVD වල නැවත නැවත තොරතුරු ගබඩා කරන්නේ මෙහෙමයි


ගොඩක් අය දැනට CD හා DVD ලියන්න,ඒකියන්නෙ Write කරන්න Nero යොදගන්නව.99% දෙනා Nero භාවිතා කරනව CD/DVD Write කරන්න.මොකද ඒක ලේසියි,ඉක්මනට Write කරගන්න පුලුවන්,එවගේම නියමෙටම Write වෙන්නෙ මේකෙන් තම්යි.ගොඩක් සැරයක් Write කරන්න Erase/Clean කරන්න පුලුවන් CD වලට DVD වලට Re-Writerble Discs කියල කියනව.Nero වල උදව්වෙන් Re-Writerble Disc එක Erase කරගන්න පුලුවන්,Windows වලිනුත් පුලුවන්.
Windows වලදි නම් CD/DVD එක Open කරාට පස්සෙ වම් පැත්තෙ Bar එකේ CD Writing Tasks යටතේ Erase this CD-RW කියල තියන ලින්ක් එක Click කරල Disc එක Erase/Clean කරගන්න පුලුවන්.Nero වලනම් Erase Disc කමාන්ඩ් එකෙන් Disc එක Erase/Clean කරගන්න පුලුවන්.
දැන් කියන්න යන්නෙ Normal Disc එකක කොහොමද මෙහෙම නැවත නැවත Data Write කරන්නෙ කියල.Nero වදිනම් අපි Disc එක Write කරන්න ඉස්සෙල්ල වැටෙන Page එකේ Multi session කියල තියන තැන Box එක Click කරල Option එක Allow කරගන්න ඕන.








Windows වල Dics Burn කරන එක ආරම්භ කරන වෙලාවෙදි එන Window එකේ Allow Files to be added later ඔප්ශන් එක Select කරල Burn කරාම ආය ආය Data Write කරන්න පුලුවන්.

ඉංගී‍්‍රසි වචනේ තේරුම ටග් ගාලා හොයාගන්න












comeege dinapotha
 අද කියන්න යන්නේ තවත් වැදගත් වෙන දෙයක් ගැන මෙක ශබ්දකෝෂයක්. ශබ්දකෝෂයක් කිව්වට නිකම් එකක් නෙවෙ ඉංගී‍්‍රසි සිංහල ශබ්දකෝෂයක්. මෙකේ නම නම් දෙරණ ශබ්දකෝෂය Derana Dictionary. මෙකේ විශේෂත්වෙ තමා අපිට පහසුවෙන් වචන හොයා ගන්න පුලුවන් කමත් ඉක්මනින්ම වචන හොයාගන්න පුලුවන් වීමත් ඒ කියන්නේ මෙකෙන් වචනයක් හොයනවා කියන්නේ හරියට ගූගල් ඒකේ වෙබ් එකක් හොයනවා වගේ මොකද අකුර ගහන්න පටන් ගත්තම ඒ අකුරට අදාල වචන ටික පෙරලා (Filter කරලා) දෙනවා ඒ වගේම සාමාන්‍යයෙන් භාවිතා වන සිංහල ටයිපින් ක‍්‍රමයට තමා තියෙන්නේ (FMBindumathi) මෙක ඉතින් වැදගත් වෙන්නේ අපි වචනේ අකුරු හරියට දන්නැත්තම් මොකද අකුරක් ගහපු ගමන් ඒ අකුරෙන් පටන් ගන්න ටික එනවනේ. මෙක මමත් භාවිතා කරනවා ගොඩක් හොද ශබ්දකෝෂයක් කියලා කියන්න පුලුවන්. ඒහෙනම් පහලින් භාගන්න http://www.mediafire.com/?s61gdsoyns4lp5e

Wednesday, June 13, 2012

Windows 8 මෙහෙයුම් පද්දතිය.



Windows 8 මෙහෙයුම් පද්දතිය.

 
ලොව වැඩිම පරිගණක ප්‍රමාණයක ධාවනය වන මෙහෙයුම් පද්දතිය වන්නේ කුමක් හෝ වින්ඩෝස් සංස්කරණයක මෙහෙයුම් පද්දතියකි.මෙසේ ලොව පුරා භාවිතා වන වින්ඩෝස් මෙහෙයුම් පද්දති වල නවතම සංස්කරණය ලෙස එළිදැක්වීමට ඇත්තේ විනඩෝස් 8 මෙහෙයුම් පද්දතියයි.
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය තැනීමේ වැඩකටයුතු ඇරඹුණේ 2002 වසරේ ජනවාරි මාසයේදීය.එතැකික් පටන්ගත් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියේ වැඩකටයුතු මේවෙන විට 2/3 ක් අවසන්වී ඇත.නමුත් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියේ ගුණාංගයන් ගැණ වැඩි දෙයක් තවමත් මයික්‍රොසොෆට් සමාගම විසින් ඉදිරිපත් කර නැත.දැනට වින්ඩෝස් 8 ගැන ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී ඇමරිකාවේදී පැවති CES [ Consumer Electronic Show ] ප්‍රදර්ශණයේදී මයික්‍රොසොෆට් ආයතිනය විසින් හෙළිකල තොරතුරු සහ වින්ඩෝස් 8 ගැන නිල නොවන තොරතුරු හෙළිකරන විවිධ වෙබ් අඩවි වලින් හෙළි කරන තොරතුරුත් මයික්‍රොසොෆට් සමාගමේ සේවකයන් තම පුද්ගලික වෙබ් අඩවි වලින් හෙළි කරන තොරතුරුත් පමණි.
1985 වසරේදී Windows 1.0 මෙහෙයුම් පද්දතිය නිකුත්වීමෙන් පසුව මේවන විට Windows මෙහෙයුම් පද්දති 12ක් නිකුත්වී ඇත.නමුත් මෙසේ නිකුත් වී ඇති මෙහෙයුම් පද්දති තාක්ෂණික අතින් අයත් වන්නේ කාණ්ඩ 7 කටය.එනම් මුලින්ම පැමණි Windows 1.0, Windows 2.0, Windows 3.0 සහ මීළගට පැමිණි Windows NT අයත් වන්නේ Windows 3.1 යන සංස්කරණයටය, මීළගට පැමිණි Windows 95 අයත් වන්නේ Windows 3.5 සංස්කරණයටය, ඉන් පසුව ආ Windows 98 සහ Windows මිලේනියම් අයත් වන්නේ Windows 4.0 සංස්කරණයටය, මීළගට පැමිණි Windows 2000 අයත්වන්නේ Windows 5.0 සංස්කරණයටය, ඉන්පසුව ආ Windows XP අයත් වන්නේ Windows 5.1 සංස්කරණයටය, XP ට පසුව ආ Windows Vista අයත්වන්නේ Windows 6.0 සංස්කරණයටය දැනට ඇත් නවතම Windows මෙහෙයුම් පද්දතිය වන Windows 7 අයත් වන්නේ Windows 7.0 සංස්කරණයටය, මීලගට පැමිණිමට ඇති Windows 8 මෙහෙයුම් පද්දතිය අයත්වන්නේ Windows 8.0 සංස්කරණයටය.
මයික්‍රොසොෆට් සමාගම මෙහෙයුම් පද්දතියකට නම් තුනක් ලබාදේ එනම් කේත නාමය [ Code Name ], නිශ්පාදන අංකය [ Product Number ] සහ වෙළද නාමය [ Official Brand] යන්නයි.මේ අනුව මෙතෙක් නිකුත්වී ඇති මෙහෙයුම් පද්දති සදහා නම් ලබාදීමේදී මයික්‍රොසොෆට් සමාගම ක්‍රම කිහිපයක් අනුගමනය කර ඇත.මුලින් සිදුකලේ මෙහෙයුම් පද්දතියේ නමට Version Number එක යොදාගැනීමය.දෙවනුව සිදු කලේ මෙහයුම් පද්දතිය ඉදිරිපත් කල වර්ශයේ නමින් මෙහෙයම් පද්දතිය නම් කිරීමයි.ඉන්පසුව කාටත් පහසු නම් වලින් මෙහෙයුම් පද්දතියට නම් ලබා දුනි.ඒ අනුව වින්ඩෝස් එක්ස්පී සහ විස්ටා යන නම් මෙහෙයුම් පද්දති වලට ලැබුණි.නමුත් දැනට ඇති වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියට නම ලබාදීමේදී මයික්‍රොසොෆට් සමාගම වෙනමම ක්‍රමවේදයක් අනුගමනය කලේ ඒ අනුව වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්දතියේ නම ලෙස සංස්කරණ අංකයම යොදාගත්තේය.
එසේම ඉදිරියේදී නිකුත් වීමට නියමිත Windows 8.0 වන සංස්කරණයේ මෙහෙයුම් පද්දතියේ නම තවමත් මයික්‍රොසොෆට් සමාගම විසින් හෙළිකර නොමැති අතර දැනට මයික්‍රොසොෆට් සමාගම විසින් මෙය හදුන්වනු ලබන්නේ “Windows vNext“ යනුවෙනි.නමුත් දැනට ප්‍රසිද්ද වී අති තොරතුරු අනුව Windows 8.0 සංස්කරණය Windows 8 යනුවෙන්ම සංස්කරණ අංකය යොදාගෙන හැදින්වීමේ නම ලෙස මයික්‍රොසෝෆට් සමාගම විසින් යොදනු ඇති බව විශ්වාස කළ හැකිය.මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ 2008 දී වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියේ නම ප්‍රකාශ කිරීමේ උත්සවයේදී වින්ඩෝස් නිශ්පාදන පිළිබද උප සභාපති මයික් නාෂ් පැවසූ මින් ඉදිරිටත් මෙහෙයම් පද්දති නම් කිරීමේදී ඊට සංස්කරණයේ නම යොදාගැනීමට උනන්දු වන බවයනු ප්‍රකාශයයි.
වින්ඩෝස් මෙහෙයුම් පද්දති වල නව සංස්කරණයක් නිකුත් වන්නේ වසර 3කට වරක්ය.ඒ අනුව අලුතින් නිකුත් වීමට ඇති වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය නිකුත් වන ඇත්තේ 2012 වසරේදීය.මේ පිළිබද සදහන් ප්‍රසන්ටේෂන් වැඩසටහනක් මයික්‍රොසොෆට් ඉතාලි ආයතනයෙන් හොර රහසේ පිටතට ආවේය.එහි සදහන්ව ඇත්තේ 2012 වසරේදී ප්‍රධාන නිකුත් කිරීමක් ඇති බවත් එය වින්ඩෝස් 8 යන කේත නාමයෙන් යුතු සර්වර් මෙහෙයුම් පද්දතියක් බවත්ය.මේ අනුව මේ සමග නිකුත් වන පරිගණක මෙහෙයුම් පද්දතිය වනු ඇත්තේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියයි.
නමුත් මයික්‍රොසොටේ සමාගම ආවට ගියාට මෙහෙයුම් පද්දතියක් නිකුත් කරණු නොලබයි.එනමි මෙහෙයුම් පද්දතියක් නිකුත් කරනු ලබන්නේ අදියර තුනකිනි එනම් ප්‍රථමයෙන් මෙහෙයුම් පද්දතියේ බීටා සංස්කරණය නිකුත් කරනු ලබයි.එහි ඇති වැරදි අඩුපාඩු සකසා මාස තුනකින් RC සංස්කරණය නිකුත් කරණු ලබයි.ඉන් මාස තුනකට පසු RTM සංස්කරණය නිකුත් කරනු ලබයි.ඉන් මාස 2 කට පසු ස්ථිර මෙහෙයුම් පද්දතිය මයික්‍රොසොෆට් සමාගම විසින් වෙළදපලට නිකුත් කරනු ලබයි.මේ සදහා මාස නවයක කාලයක් ගතවේ.මේ අනුව වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතතියේ බීටා සංස්කරණය 2012 වසරේ ජනවාරි මාසයේදී පැමිණිය හොත් 2012 වසරේ ඔක්තෝම්බර් වන විට වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය වෙළදපලට පැමිණෙනු ඇත.


Windows 8 මෙහෙයුම් පද්දතියේ ගුණාංග.



   විස්ටා වල අඩුපාඩු දුරු කර එක්ස්පී වල ගුණාංග දියුණු කර පැමිණි වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියට ඇතුලු මීට පෙර පැමිණි සෑම මෙහෙයුම් පද්දතියකටම වඩා වෙනස් ලෙස මීළගට එළිදකින වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය ඉදිරිපත් කරනු ඇත.ඒආනාගතය ස්පර්ශ කරන“ [ Touch the Future ] මෙහෙයුම් පද්දතිය යන තේමාවෙන් මයික්‍රොසොෆට් සමාගම හදුන්වන ඉදිරියේදී නිකත්වීමට ඇති වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියයි.වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය සැබැවින්ම නව ගුණාංගයන් ගනනාවකින් යුතු මෙහෙයුම් පද්දතියකි.එනම් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය එය ඉදිරි වසර පහ හයක් තුල පැමිණෙන සෑම නව තාක්ෂණික යෙදුමක් සමගම වැඩකරන්නට ගැලපෙන ලෙස සැකසෙන මෙහෙයුම් පද්දතියක් වන බැවිනි.
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියේ ඇති ප්‍රධාන වෙනස්කමක් වන්නේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය දැනට භාවිතා වන ARM මයික්‍රොචිප් ආකෘතියට නොව SOC [ System On a Chip ] නම් නව මයික්‍රොචිප් ආකෘතියට ගැලපෙන ලෙස සකසා ඇති මෙහෙයුම් පද්දතියක් වීමයි.එනම් Graphic ප්‍රොසෙසින් සහ Memory ප්‍රොසෙසින් ඇතුලු ප්‍රොසෙසින් සියල්ලක්ම එකම චිපයක සිදුවන SOC චිප වලට ගැලපෙන ලෙස වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය සකසා ඇත.එමෙන්ම SOC මයික්‍රොචිප් වැඩි කාර්යක්ෂමතාවක් මෙන්ම අඩු විදුලි පරිභෝජනයෙන්ද යුක්තවේ.මේ අනුව SOC මයික්‍රොචිප් භාවිතා වන පරිගණකයන් වලට වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ස්ථාපනය කිරීමෙන් වැඩි කාර්යක්ෂමතාවක් මෙන්ම අඩු විදුලි පරිභෝජනයක් යන වාසි ද ලැබේ.
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය සමග අලුත්ම යූසර් ඉන්ටර්ෆේස් එකක් පැමිනෙන බව පැවසේ.මෙය වින්ඩෝස් 7 සහ විස්ටා වල ඇති Aero ඉන්ටර්ෆේස් එක දියුණු කර නිපදවූවක් වේ.මෙසේ පැමිනෙන නව යූසර් ඉන්ටර්ෆේස් එක හදුන්වන්නේ Wind යන නමිනි.එමෙන්ම පෙර සංස්කරණයන්ට වඩා අයිකනයන් වලද ත්‍රිමාණ පෙනුම තවත් දියුණු කර ඇත.එමෙන්ම සම්පූර්ණ මෙහෙයුම් පද්දතියම ටච් ස්ක්‍රීන් තාක්ණයට සහය දක්වන අතර ඩෙස්ක්ටොප් එකෙහි ටච් ස්ක්‍රීන් ක්‍රමයට වැඩ කල හැකි යතුරු පුවරුවක්ද ඇත.
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ඩෙක්ටොප්, ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණකවලද එකලෙස වැඩකරන්නට හැකිය.මේ හේතුවෙන් දැනට ටැබ්ලට් පරිගණක මෙහෙයුම් පද්දති ලොවේ රජකරන Apple i OS සහ Google Android යන මෙහෙයුම් පද්දති වලට තරගයක්ද ඇති වනු ඇත.
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය දැනට ඇති වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්දතිය මෙන් 64 bit සහ 32 bit මෙහෙයුම් පද්දතියක් නොවේ.වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය 128 bit සහ 64 bit මෙහෙයුම් පද්දතියකි.මේ අනුව 128 bit මෙහෙයුම් පද්දති ආරම්භ වනුයේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය සමග වේ.
වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය ඊට පෙර පැමිණි සියලු මෙහෙයුම් පද්දති වලට වඩා ඉක්මනින් බූට් වේ.මේ මග යමින් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියද වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියටත් වඩා ඉක්මනින් බූට්වීමට සකසා ඇත.
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ක්ලවුඩ් කම්පියුටින් තාක්ෂණයද උපයෝගී වන මෙහෙයුම් පද්දතියක් වේ.ක්ලවුඩ් කම්පියුටින් තාක්ෂණය වින්ඩෝස් 8 තුලදී භාවිතා වන එක් අවස්ථාවක් වන්නේ Facial Recognition තාක්ෂණය භාවිතයෙන් පරිගණකයට ලොග් වීමේදී පාස්වර්ඩ් එක ලෙස වෙබ් කැම් එක හරහා මුහුණ හදුනා ගැනීමට හැකි ලෙස එක්කර ඇති නව පහසුකමත් සමගය.මෙහිදී සිදුවන්නේ පරිගණකය භාවිතා කරන්නාගේ යූසර් එකවුන්ටු එකෙහි පාස්වර්ඩ් එක ලෙස යොදන්නේ පරිශීලකයාගේ මුහුණේ ඡායාරූපයකි.ඉන්පසුව පරිගණකයට ලොග් වීමේදී වෙබ් කැම එක හරහා පරිශීලකයාගේ මුහුණ පරිගණකය හදුනාගෙන එය ගැලපෙන්නේ නම් පරිගණකයට ලොග් වීමට ඉඩ ලබාදේ.මෙහිදී අදාල දත්ත රැස්ව ඇත්තේ ක්ලවුඩ් තාක්ෂණය පදනම් වන අන්තර්ජාල සර්වර්ස් තුලය.
ඇප් ස්ටොර් මෙන් වින්ඩෝස් 8 තුලදී මෘදුකාංගයන් ඔන්ලයින් ක්‍රමයට මිළදී ගන්නට හැකි වෙබ් සේවාවක්ද වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය සමග එළි දක්වන බව පැවසේ.
වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ත්‍රිමාණ තාක්ෂණය, 4K Format, USB 3.0 සහ බ්ලූටූත් 3.0 ඇතුලු නව තාක්ෂණයන් සියලක් සමගමත් මල්ටිමීඩියා වැඩකටයුතුත් එක ලෙස වැඩ කරන්නට හැකි වන ලෙස නිපදවා ඇති මෙහෙයුම් පද්දතියකි.එනිසා අනෙක් මෙහෙයුම් පද්දති වලට වඩා ඉදිරියෙන් සිටීමට වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියට හැකි වනු ඇත.
මීට අමතරව එකම වේලාවක සර්වර් කිහිපයක් සමග ගනුදෙනු කල හැකි Distributed File System Replication තාක්ෂණයත් පෙර ප්‍රවේශවූ වෙබ් අඩවියකට නැවත ප්‍රවේශ වීමේදී ලොඩ් වීම ඉක්මන් කරන Branch Cache නම් නව තාක්ෂණයකතුත් සහ GPS තාක්ෂණයට උපරිම ලෙස සහය දැක්වීමත් වින්ඩෝස් 8 සමග ඇති තවත් පහසුකම්ය.