F1 සිට F12 දක්වා ඇති යතුරු වලින් කරන්නේ මොනවාද ?
ඕනෑම ලැප් ටොප් පරිගණකයක මෙන්ම ඩෙස්ක්ටොප් පරිගණකයක යතුරු පුවරුවෙහි F1 සිට F12 දක්වා වූ යතුරු 12ක් දක්නට ලැබෙනවා. මෙම යතුරු Function Keys ලෙස හඳුන්වනු ලබනවා. බොහෝ පරිගණක භාවිත කරන්නන් මේ යතුරු සියල්ලම භාවිතා නොකළත් ඒ ඒ යතුර සඳහා වෙන්වූ රාජකාරි තිබෙනවා. නමුත් ඒ රාජකාරි මෘදුකාංගයෙන් මෘදුකාංගයට විවිධාකාරයි. මබ එක් එක් යතුරෙන් වන්නේ කුමන කාර්‍ය දැයි නිසියාකාරව දන්නවානම් වැඩි ඵළදායිතාවයකින් පරිගණකය හැසිරවීමට ඔබට හැකි වේබි. සාමාන්‍ය භාවිතයේදී මේ යතුරු භාවිත කළ හැක්කේ කුමණ කාරණා උදෙසාද යන්න මේ ලිපියේදී විමසා බැලෙනවා.

F1
සෑම මෘදුකාංගයකම පාහේ දක්නට ඇති Help පිටුව විවෘත කරගැනීමට.
වින්ඩෝස් යතුර සමඟ F1 එබූ විට Windows help and support center විවෘත කරගත හැකියි.
F2
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුළදී සිලෙක්ට් වී ඇති ෆෝල්ඩරය රීනේම් කිරීම සඳහා.
F3
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුළ ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සර්ච් කිරීමට ඇති පහසුම ක්‍රමය මෙයයි.
බොහෝ බ්‍රවුසර් වල Find විධානය ක්‍රියාත්මක කර ගැනීමය.
F4
බොහෝ දෙනා භාවිත කරන ලෙසටම Alt+F4 මගින් දැනට ඇති ඇක්ටිව් වින්ඩෝ එක වසා දැමිය හැකියි. සියළුම වැඩසටහන් වසා දමා ඇත්නම් shut down මෙනුව ලබා ගත හැකියි.
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් මත address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.
F5
සෑම බ්‍රවුසරයකම පාහේ refresh විධානය ක්‍රියාත්මක කිරීම.
වින්ඩෝස් වල refresh විධානය ක්‍රියාත්මක කිරීම.
F6
වින්ඩෝස් වලදී ටාස්ක්බාර් එකේ අයිකන් හා ඇක්ටිව් වින්ඩෝ එක අතර මාරු වීමට.
සෑම බ්‍රවුසරයකම පාහේ address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.
F7
ෆයර්ෆොක්ස් තුළ Caret browsing ක්‍රියාත්මක කිරීමට. (යතුරු පුවරුව මගින් සිලික්ට් කිරීමේ හැකියාව)
F8
පරිගණකය බූට් වන අවස්ථාවේදී බූට් මෙනුව ලබා ගැනීමට. (සේෆ් මෝඩ් වෙත පිවිසීමට)
F10
සමහර වැඩසටහන් වල මෙනු බාර් එක ලබා ගැනීමට (ෆයර්ෆොක්ස් / ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්)
Shift+F10 මගින් ඕනෑම වින්ඩෝවක රයිට් ක්ලික් මෙනුව ලබාගත හැකියි.
F11
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් ද ඇතුළුව බොහෝ වැඩසටහන් වල Full Screen Mode එකට මාරු වීම.