Monday, April 22, 2013


F1 සිට F12 දක්වා ඇති යතුරු වලින් කරන්නේ මොනවාද ?


ඕනෑම ලැප් ටොප් පරිගණකයක මෙන්ම ඩෙස්ක්ටොප් පරිගණකයක යතුරු පුවරුවෙහි F1 සිට F12 දක්වා වූ යතුරු 12ක් දක්නට ලැබෙනවා. මෙම යතුරු Function Keys ලෙස හඳුන්වනු ලබනවා. බොහෝ පරිගණක භාවිත කරන්නන් මේ යතුරු සියල්ලම භාවිතා නොකළත් ඒ ඒ යතුර සඳහා වෙන්වූ රාජකාරි තිබෙනවා. නමුත් ඒ රාජකාරි  මෘදුකාංගයෙන් මෘදුකාංගයට විවිධාකාරයි. මබ එක් එක් යතුරෙන් වන්නේ කුමන කාර්‍ය දැයි නිසියාකාරව දන්නවානම් වැඩි ඵළදායිතාවයකින් පරිගණකය හැසිරවීමට ඔබට හැකි වේබි. සාමාන්‍ය භාවිතයේදී මේ යතුරු භාවිත කළ හැක්කේ කුමණ කාරණා උදෙසාද යන්න මේ ලිපියේදී විමසා බැලෙනවා.

F1

සෑම මෘදුකාංගයකම පාහේ දක්නට ඇති Help පිටුව විවෘත කරගැනීමට.

වින්ඩෝස් යතුර සමඟ F1 එබූ විට Windows help and support center විවෘත කරගත හැකියි.

F2

වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුළදී සිලෙක්ට් වී ඇති ෆෝල්ඩරය රීනේම් කිරීම සඳහා.

F3

වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුළ ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සර්ච් කිරීමට ඇති පහසුම ක්‍රමය මෙයයි.
බොහෝ බ්‍රවුසර් වල Find විධානය ක්‍රියාත්මක කර ගැනීමය.

F4

බොහෝ දෙනා භාවිත කරන ලෙසටම Alt+F4 මගින් දැනට ඇති ඇක්ටිව් වින්ඩෝ එක වසා දැමිය හැකියි. සියළුම වැඩසටහන් වසා දමා ඇත්නම් shut down මෙනුව ලබා ගත හැකියි.
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් මත address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.

F5

සෑම බ්‍රවුසරයකම පාහේ refresh විධානය ක්‍රියාත්මක කිරීම.
වින්ඩෝස් වල refresh විධානය ක්‍රියාත්මක කිරීම.

F6

වින්ඩෝස් වලදී ටාස්ක්බාර් එකේ අයිකන් හා ඇක්ටිව් වින්ඩෝ එක අතර මාරු වීමට.
සෑම බ්‍රවුසරයකම පාහේ address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.

F7

ෆයර්ෆොක්ස් තුළ Caret browsing ක්‍රියාත්මක කිරීමට. (යතුරු පුවරුව මගින් සිලික්ට් කිරීමේ හැකියාව)

F8

පරිගණකය බූට් වන අවස්ථාවේදී බූට් මෙනුව ලබා ගැනීමට. (සේෆ් මෝඩ් වෙත පිවිසීමට)

F10

සමහර වැඩසටහන් වල මෙනු බාර් එක ලබා ගැනීමට (ෆයර්ෆොක්ස් / ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්)
Shift+F10 මගින් ඕනෑම වින්ඩෝවක රයිට් ක්ලික් මෙනුව ලබාගත හැකියි.

F11

වින්ඩෝස් එක්ස්ප්ලෝරර් ද ඇතුළුව බොහෝ වැඩසටහන් වල Full Screen Mode එකට මාරු වීම.

Thursday, November 15, 2012

IP Address යනු



අන්තර්ජාලයට සම්බන්ද සෑම පරිගනකයක්ම හදුනා ගැනීම සදහා සෑම පරිගනකයකටම තිබෙන එකිනෙකට වෙනස් ලිපිනය IP Address එක නම් වෙනවා.IP යන්නෙහි තේරුම Internet Protocol යන්නයි.
IP Address එකක් දශම තිතෙන් වෙන්වන සංඛ්‍යා කොටස් 4කින් යුක්ත වෙනවා.
IP Address එකක් – 216.27.61.137
නමුත් පරිගණක වල භාවිතා වෙන්නේ ද්විමය සංඛ්‍යා [ බයිනරි සංඛ්‍යා ] වන 1 සහ 0 හේතුවෙන් ඉහත සදහන් IP Address එක ද්විමය ආකාරයට පරිවර්ථනය කල විට පහත ආකාරයෙන් දැක්වේ.
1101 1000. 0001 1011. 0011 1101. 10001001
මේ ආකාරයට IP Address එකක දශම ස්ථන 4ක් ඇති බව දැකගන්නට පුලුවන්.මෙය හැදින්වෙන්නේ Octet ලෙසයි.එනම් අෂ්ඨක ලෙසයි.එසේ වන්නේ එක් කෙටසක ඉගක්කම් 8ක් ඇති නිසයි.Octet එකක 0 – 255 ත් අතර අගයන් පවතී.
මෙම Octet Host සහ Net වශයෙන් වර්ග දෙකකට වෙන් කල හැකියි.Net යනු IP Address එකෙහි පළමු Octet එකයි.පරිගණකය අයත් වන ජාලය මෙයින් හදුනාගත හැකිය.Host [ Node ] එක මගින් සිදු වන්නේ ජාලය තුල ඇති පරිගණකය හදුනාගැනීමයි.
ඉහත IP Address ලිපිනයෙහි අංකයන් එකතු කල විට පිළිතුර ලෙස ලැබෙන්නේ 32 වේ.මේ අනුව IP Address එකක් 32-bit වේ.
අන්තර්ජාලයට සම්බන්ද වන සමාණ්‍ය පරිගණක සදහා අන්තර්ජාල සේවා සැපයුම් කරු [ Internet Service Provider ] විසින් ලබා දෙන වෙනස් වන IP Address එකක් [ Dynamic IP ] ඇත.නමුත් වෙබ් සර්වරයක් සදහා ඇත්තේ වෙනස් නෙවන [ Static IP ] එකකි.
යම් අයෙකුට සර්වරයක් සමග සම්බන්ද වීමට අවශ්‍යයි නම් කළ යුත්තේ අන්තර්ජාල සබදතාව සහිත පරිගණකයක වෙබ් බ්‍රව්සරයේ Address Bar එක තුල අදාල සර්වරයේ IP Address එක සටහන් කර Enter කිරීමයි.ඉන්පසු අදාල සර්වරයේ ඇති වෙබ් අඩවිය සමග සම්බන්ද වෙනු ඇත.නමුත් මෙසේ IP Address මතක තබා ගැනීම යම් අපහසු නිසා Domain Name භාවිතා වේ.

Sunday, November 4, 2012

Ms Office 2010 ගැන Audio  Video  පාඩම් මාලාව අධ්‍යනය කරන්න 
help1st.blogspot.com  හි Ms Office 2010 tab 1ක click කරන්න



Friday, October 12, 2012




වේගය අඩුද?මෙම (local setting ) වල තිබෙන් (file ) වල ඔබ ඔබේ පී.සී එකේ කරන හැම කාර්යයකම සුළු මතකයක් රඳවා ගනී
කාලයක් යනවිට විශාල මතක ප්‍රමාණයක් රඳවාගෙන ඔබේ පී.සී එකේ වෙගය අඩාල කරයි



මෙම (temporary internet file) මගින් ඔබ අන්තර්ජාලය හා සම්බන්ද වෙන හැම මොහොතකම එහි (web) අඩවි ලිපිනයන් ගැන මතකයේ රඳවා ගනී

එම නිසා සියළු ලිපිනයන් (h/light) කරල මකා දමන්න 


මකා දමන්න 

මෙම (Temp) මගින් ඔබ කරන සෑම කර්යයකම කෙටි මගක් වසයෙන් මතකයන් රඳවා ගනී එමගින් එයත් ඔබට අවශ්‍ය වන කොටසක් නොවුනත් එමගින් විශාල මතක ප්‍රමාණයක් රඳවා ගනී

සියළුදේ (H/light) මකාදමන්න

මෙසේ වන්නේ ඔබ එම මොහොතේ ක්‍රියාවෙ  යෙදෙන ෆ්යිල් එකබව දැන්වීමයි එම නොම්මරය හො නම තියන ෆියිල් එක හැර අනෙක්වා මකා දමන්න මෙම විදියේ ෆ්යිල් 10ක් පමන ඔබට ඉවත් කිරීමට නොහැකි උවත් සෑහෙන ප්‍රමාණයක් ඉවත් කල හැක එසේ කර බලන්න ඔබේ පරිගනකය දැන් කොහොමද කියා

Tuesday, October 9, 2012

Quality අඩු නොවන ලෙස Video File එකක් කොටස් වලට වෙන් කරන ආකාරය




ඔබට 1GB Film එකක් CD දෙකකට දානව වගේ දෙයක් කරන්න ඕන නම්.Film එකක ගීත වෙන් කර ගන්න ඕන නම්.අනික Quality අඩු කරගන්නත් අකමැතියි නම් මෙන්න මෙහෙමයි Quality  අඩු නොවන ලෙස Video File එකක් කොටස් වලට වෙන් කරන්නෙ.
මෙහෙමයි කරන්නෙ ඕක කරන්න පුළුවන් Format Factory මෘදුකාංගයෙන්.
වැඩේ කරන්නෙ මෙහෙමයි – Format Factory Open කරන්න > Advanced > media file info යන්න ඔබට කොටස් වලට වෙන් කරන්න ඕන වීඩියෝ එක Brows කරල දෙන්න දැන් ඒ වීඩියෝ එකේ Info දැකගන්න පුළුවන්.ඒ Info Word Pad එකකට Save කරගෙන.
නැවතත් Format Factory > Video යන්න දැන් ඔබ Word Pad එකේ Past කරන ලද විඩියෝ එකේ Type එක තෝරන්න [ උදාහරණ - ඔබගේ Video එක AVI නම් All to AVI යන්න. ]
දැන් Add Files තුලින් විඩියෝව තෝරා දී Output Setting යන්න.දැන් ඔබ Word Pad එකේ Past කරන ලද Info බලාගෙන ඒ ආකාරයෙන්ම Video Output Setting හදන්න.[ උදාහරණ- ඔබගේ වීඩියෝවෙ FPS - Freams Per Second ගණන 25 නම් Output Setting තුලද FPS 25 ලෙස ලබාදෙන්න. ]
දැන් එය OK කර Option යන්න එහිදී ඔබට වීඩියෝව වෙන් කරන්න ඕන කොතැන සිට කොතැනටද.( ඒ කියන්නෙ මිනිත්තු 1 සිට 20 තෙක් ඹබට එක වීඩියෝ කොටසක් ලෙසට ඕන නම් ) යන්න Start Time සහ End Time යන තැක් වල සටහන් කර OK > OK යන්න.
ඉන්පසු Start දෙන්න.එය අවසන් වූ පසු Output Folder [ C:\Users\Unknown\Documents\FFOutput ] තුලට ගොස් බලන්න.මෙම ආකාරයට අනෙක් කොටස්ද වෙන් කරගන්න පුළුවන්.

Tuesday, October 2, 2012

ලෙඩවුනු පරිගනක



ඔයල දන්නවා පරිගනකයකින් යම් බීප් හඬක් නිකුත් කරන්නේ නිකම්ම නොවෙයි කියා.මෙයට යම් හේතුවක් තියෙනවා.
ප්‍රවීන කාර්මිකයන් පවා පරිගනකවල ලෙඩ සෙවීමේදී බීප් හඬ අනුගමනය කරයි.මම ඔයාලට ඒ විදි ටික ලබා දෙන්නම්.
පහත ඇත්තේ අයි බි එම් සමාගමේ පරිගනක වලින්  නිකුත්වන බීප් හඬේ සටහනකි.
කෙටි බීප් හඬක් >>> පරිගනකයේ දෝශයක් නැත.
කෙටි බීප් හඬ දෙකක් >>> POST/CMOS හි දෝශයක්.ඔබේ පරිගනකයේමෙන්න මේ කේතයන් පෙනෙනවද කියල බලන්න.
100 to 199 - System boards
200 to 299 - Memory
300 to 399 - Keyboard
400 to 499 - Monochrome display
700 to 799 - Math coprocessor
900 to 999 - Parallel Printer Port
1000 to 1099 - Alternat Printe adapter
1100 to 1299 - Asynchronous communication device adapter or port
1300 to 1399 - Game Port
1400 to 1499 - Color/graphics printer
1500 to 1599 - Synchronous communication device adapter or port
1800 to 1899 - Expansion unit (XT)
2000 to 2199 - Bisy nchroous communication adapter
2400 to 2599 - EGA system-board video (MCA)
3000 to 3199 - LAN adapter
4800 to 4999 - Internal modem
7000 to 7099 - Phoenix BIOS chip
7300 to 7399 - 3.5-inch disk drive
8900 to 8999 - MIDI adapter
11200 to 11299 - SCSI adapter


බීප් හඬ නැත >>> පවර් සප්ලයි එකේ හෝ මවු පුවරුවේ දෝශයකි.
නොනවතින බීප් හඬ >>> පවර් සප්ලයි එකේ , මවු පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝශයකි.
නැවත නැවතත් මතුවන කෙටි බීප් හඬ >>> මතකය පිළිබඳ දෝශයකි.
එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬක් >>> මවු පුවරුවේ දෝශයකි.
එක් දිග බීප් හඬක් හාකෙටි බීප් හඬ දෙකක් >>> ඩිස්ප්ලේ ඇඩැප්ටරයේ දෝශයකි.
එක් දිග බිප් හඬක් හා කෙටි බීප් හඬ තුනක් >>> ග්‍රැෆික් ඇඩැප්ටරයේ දෝශයකි.
දිගු බීප් හඬ තුනක් >>> යතුරු පුවරුවේ දෝශයකි.
නොනවතින උස් හා පහත් හඬින් යුතු බීප් හඬ >>>ප්‍රොසෙසරය අධිකව රත්වී දොශ ගෙනදෙන .

Thursday, September 27, 2012


Laptop එකක් ගන්නවනම් ටිකක් මෙ ගැනත් හිතන්න..


 ලැප් එක ගන්න ගියාම ප‍්‍රශ්න ගොඩයි....
  • කියක් විතර වෙයිද..?
  • මොන Brand එකද ගන්නේ..?
  • කොහෙන්ද ගන්නේ..?
යන ඒවා තමා හැමෝටම තියන ප‍්‍රශ්න
ලැප් එකක් ගද්දී මම නම් හිතන්නේ එකටම බලන්න ඔනි තමන්ගේ අවශ්‍යතාව ඒ කියන්නේ ලැප් එක ගන්න ප‍්‍රධාන හේතුව. Programming කරන්නද, Graphic, Video Editing වගේ වැඩ වලටද, Document හදන්න වගේ පොඩි වැඩ වලටද, Internet ඉන්න වගේ වැඩ වලටද, Game ගහන්න වගේ ඒවටද කියලා.  Programming, Graphic, Video Editing වගේ කරන්න බලාපෙරොත්තුව නම් ඔයාට හොද Processor එකක් තියන RAM එක වැඩි VGA වැඩි ලැප් එකක් ගන්න වෙනවා. ඒ කියන්නේ අඩුම Core i 3 ලැප් එකක් වත් ගන්න ඔන. අනෙක් වැඩ වලටනම් Atom proessor එකක් තියන ලැප් එකක් ගත්තත් ප‍්‍රශ්නයක් නෑ ඒත් මුදල් ගැන ප‍්‍රශ්නයක් නැතිනම් අලුත් ලැප් එකක් ගන්න එක තමා හොදම. මොකද එන්න එන්න අලුත් දෙවල් එනවනේ. දැන් Atom ඉදලා Core i 7 යනකම් තියනවා. මෙවගේ 3rd Genaration එකත් ඇවිත් තියෙන්නේ. 3rdnd Genaration එක 2nd Genaration එකේ ලැප් එකකට වඩා ටිකක් මිල අධිකයි හැබැයි වාසිය තමා ගොඩක් වැඩ එකවැර කරන්න පුලුවන්, මන්දගාමී වෙන එක ගොඩක් අඩුයි. ඒ ඔක්කොම ගැන හිතද්දී ඉස්සරලම හිතන්න මොන දේටද ලැප් එක අවශ්‍ය, ඊට පස්සේ ඒදේ කරන්න මොන මොන ගුනාංගද අවශ්‍ය කියලා, ඒ කිවෙ
  • Processor Speed  (Atom/ Dual Core/ Core i 3/5/7)
  • Cache Memory (3MB L2 Cache)
  • RAM (2GB/4GB)
  • VGA (512MB/ 1GB)
  • Hard Disk (320GB/ 500GB)
  • Screen Size (14/15.6)
  • Wireless Connectivity (bluetooth, wifi)
ඊලගට තියන මුදල බලන්න, අතේ තියන ගානට ඔයාට ඒ අවශ්‍ය ලැප් එක ගන්න පුලුවන්ද..? ඒ මොන Brand එකෙන්ද බලන්න. ඊලගට කොහෙන්ද ගන්නේ බලන්න. ඒ කියන්නේ ඒ ඒ Brand වලට ලංකාවෙ
Authorized Dealers ඉන්නවා එයාලගෙන් ගන්නවනම් ගොඩක් හොදයි ඒත් ඒ ගොල්ලන්ගෙන් ගද්දී සාමාන්‍ය මිලට වඩා 15000ක් 20000ක් විතර වැඩිපුර ගෙවන්න වෙනවා. සමහර විට ඒක පාඩුවක් නෙවෙ මොකද මම අහල තියන විදිහට MC එතකොට Unity Plaza වල තියන ලැප් එයාලම Assemble කරපුවා ගාන ගොඩක් අඩුයි ඒත් වැඩ කරගෙන යද්දී තේරෙන්නේ වෙනස මොකද ඒ ලැප් මන්දගාමී බවින් ගොඩක් වැඩියි, චාර්ජින් ප‍්‍රශ්න, යතුරු පුවරුවෙ දෝශ වගේ ගොඩක් තියනවා. ඒ නිසා මිලදී ගන්න යද්දී විශ්වාසවන්ත හොද තැනකින් ගන්න කියලා තමා කියන්නේ. මම නම් හිතන විදිහට ඔයාලට හොදම දේ තමා ලැප් එකට අදාලව ලොකේ අනෙක් අයගේ ප‍්‍රතිචාර , Problems, Errors Search කරලා බලන එක. ඊට අමතරව ගත්ත අයගෙන් විස්තර අහලා බලන්න ඒ කියන්නේ ගන්න කලින් ගොඩක් විස්තර හොයලා බලලා මෙ පිලිබද දන්න කියන කෙනෙක් එක්ක ගිහින් ලැප් එක ගන්න කියන එක තමා හොදම දේ
.