ඔබ open කරගෙන තිබෙන windows වලින් එකින් එකට පහසුවෙන් මාරුවෙන්න ක්‍රම තුනක්
Alt + Tab – (Task switcher) මේ ක්‍රමය Windows XP සහ ඊට පසුව ආව ඕනෙම මෙහෙයුම් පද්දතියක වැඩ කරනවා. Windows XP හෝ non-Aero Vista/7 වලදී Alt + Tab මගින් ඔබ open කරගෙන ඇති සියලුම windows වල icons, bar එකක පෙන්නනවා. Alt key එක ඔබාගෙන සිටියදීම Tab key එක එබීමෙන් ඔබට අවශ්‍ය window එක open කරගන්න පුළුවන්. Aero theme එකේදී නම් Alt key එක ඔබාගෙන Tab key එක ඔබනා විට icon bar එකේ windows එකේ icon එකට අමතරව windows එකත් ඔබට පෙන්වනවා.
Alt + Esc – මෙයත් තවත් එක පරණ ක්‍රමයක්. තවමත් windows XP හි මෙන්ම windows 7 වලත් වැඩ කරනවා. windows taskbar එකේ windows ඇති පිලිවලට තමයි මෙය කැරකෙන්නේ. Alt key එක ඔබගෙන ඔබට අවශ්‍ය windows එක ලැබෙන තුරු Esc key එක ඔබන්න.
Windows key + Tab – (Flip 3D) මෙය windows vista සමග හදුන්වා දුන්නු විශේෂාංගයක්. windows 7 හිදීත් මෙය ක්‍රියාත්මකයි. ඒ සදහා windows aero theme එක හා එයට සහය දක්වන graphics අවශ්‍ය වෙනවා. Windows key එක ඔබාගෙන, ඔබට අවශ්‍ය window එක ලැබෙනා තුරු Tab key එක ඔබන්න.
තවද Ctrl + Windows key + Tab මගින් ඔබට පුළුවන් keyboard එකේ arrow keys වලින් හා mouse එකේ scroll button එකෙන් ඔබ open කරගෙන ඇති windows ටික රවුමක් වගේ කරකවා අවශ්‍ය windows එක තෝරාගන්නට.

No comments:
Post a Comment