ඊමේල්



කොහොමද ඊ මේල් ලිපිනයක් හදන්නේ

නූතනයේ ඔබට ඊ මේල් ලිපිනයක් නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇත වඩාත් ජනපිය Gmail ලිපිනයක් නිර්මාණය කරන ආකාරය පියවරින් පියවර සරලව විස්තර කර ඇත ඔබටත් ඊ මේල් ලිපිනයක් නොමැතිනම් අදම එය නිර්මාණය කර ගන්න 
ඒ සදහා අවශ්‍ය සියලු දැනුම මෙයින් ලබා ගත හැකිය

 සැකසුම
Sisira kumara 

පළමුව Google වෙත පිවිසෙන්න

ඒ සදහා https://www.google.lk/


නැවත පිවිසීමේදී....http://gmail.com/


ඊමේල් ගැන හිතන්නට යමක්

අන්තර්ජාලය හරහා අපි භාවිතා කරන සේවාවන්ගෙන් එකක් තමා විද්‍යුත් තැපෑල, එහෙම නැත්තම් ඊ මේල් කියන්නේ. ඊයක් වගේ ඉක්මනට ලෝකේ ඕනෑම තැනකට පණිවිඩයක් යවන්න කියාපු දේ නම කියපු ගමන් ඊ මේල් කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්න නිසා කෙලින්ම මාතෘකාවට.
දැන් හැමෝම යන්න තමන් පාවිච්චි කරන ඊ මේල් සේවයට. අලුත් ඊ මේල් ලිපියක් ලියන්න පටන් ගන්න. වෙන විදියකට කියනවා නම් Compose New Mail වෙත යන්න. විවිධ ඊ මේල් සේවා වල මෙය විවිධාකාරයෙන් පෙන්නනවා. සමහර ඒවාගේ නිකන්ම Compose ලෙසත් සමහර ඒවාගේ compose email වගේ වචනත් තියෙන්න පුළුවන්. ඔය මොන වචනය තිබ්බත්, අලුත් ඊ මේලයක් ලියන්න පටන් ගන්නකොට අපිට පේනවා හිස් තැන් තුනක් ලිපිනය දාන්න පුළුවන්: To, CC, BCC
TO ඉස්සරහින් ඔබට අවශ්‍යය ලිපිනය හෝ ලිපින ඇතුලත් කළොත්  ඒ හැමෝටම බලාගන්න පුළුවන් අනිත් කෙනාගේ ඊ මේල් ලිපිනය.
CC (Carbon Copy) තීරුවේ දාන්න පුළුවන් ලිපිය යවා ඇති බව දැනගන්න අවශ්‍ය පුද්ගලයින්. උදාහරණයක් විදියට අපි හිතමු අපේ පාරිභෝගිකයෙකුට ඊ මේලයක් යවනවා අහවල් දවසට ඇවිත් අපේ කළමනාකාරතුමා හම්බ වෙන්න කියලා. එතකොට අපිට පුළුවන් පාරිභෝගිකයාගේ ලිපිනය TO තීරුවටත් , කළමනාකාරතුමාගේ ලිපිනය CC තීරුවටත් දාන්න. පාරිභෝගිකයා එතකොට දන්නවා කළමනාකාරතුමාත් මේ රැස්වීම ගැන දන්නවා කියලා. මේ ක්‍රමයේදී කළමනාකාරතුමාට, පාරිභෝගිකයාට සහ ලිපිය යවන අපි කියන පාර්ශව තුනටම එකිනෙකාගේ ඊ මේල් ලිපින බලාගන්න පුළුවන්. ඒ නිසා පාරිභෝගිකයාට අපි දෙන වෙලාවට එන්න බැරි නම් ඔහුට හැකියාවක් තියනවා කෙලින්ම කළමනාකාරතුමා එක්ක කතා කරලා වෙලාව වෙනස් කරගන්න. සිම්පල් ප්ලෑනක්.



BCC (Blind Carbon Copy) තීරුවට අපි කාගෙහරි ලිපින කිහිපයක් ඇතුලත් කළොත් ඒ ලිපිනයන් අනෙක් අයට පෙනෙන්නේ නැහැ. ඒ වගේම කවුරු හරි අපේ ඊ මේල් ලිපිනය BCC තීරුවට ඇතුලත් කිරීම නිසා අපිට ලිපියක් ලැබුනොත්, එම ලිපිය ලැබෙන අය විදියට පෙන්නන්නේ අපේ ඊ මේල් ලිපිනය විතරයි. අපි ඊ මේල් ලිපින සියයක් BCC කලත්, ඒ සිය දෙනාට  අනෙක් ඊ මේල් ලිපින 99 පෙනෙන්නේ නැහැ.ගොඩ දෙනෙක්ට යවන්න ඕනේ ලිපි තියනවා නම් මේ ක්‍රමය භාවිතා කරන එක හොඳයි. එකෙන් අපි අනික් අයගේ ඊ මේල් ලිපිනයන් ආරක්ෂා කරලා දෙනවා විතරක් නෙවේ අනවශ්‍ය ඊ මේල් ලැබීමේ සම්භාවිතාවත් අඩු වෙනවා.
ඔය මුලික කරුණු ඊ මේල් භාවිතා කරන හැමෝම දැනගෙන සිටිය යුතු කරුණු.ඔය දේවල් ටික දන්නා කෙනෙක්ගේ අතින් CC හෝ BCC පාවිච්චි කරන්න ඕනේ තැනට forward පාවිච්චි වෙන්නේ නැති වේවි. මීළඟට හිතන්න ඕනේ දේවල් ටික.
ඊ මේල් කියන්නේ බොහෝ විට අපිට නොමිලේ ලැබෙන සේවයක්. නිකං ලැබෙන සේවයක් කියලා එක අනිසි විදියට පාවිච්චි කරන එක නම් වැඩිය හොඳ නැහැ. ලිපිය කියවන කෙනාගේ කාලය, ලිපිය කියවීම සඳහා ඔහුට වැය කිරීමට සිදුවන දත්ත ප්‍රමාණය ගැන නිතරම සැළකිලිමත් වෙන එක හොඳ පුරුද්දක්. විශේෂයෙන් අද බොහෝ දෙනෙක් ජංගම දුරකථන හරහා ඊ මේල් බැලීමට පුරුදු වී සිටින නිසා ජංගම දුරකථන වලදී පවා පැහැදිලිව කියවීමට හැකි විදියට ඊ මේල් යැවීම වැදගත්.
යම්කිසි කෙනෙකුට පණිවිඩයක් යවන්න අවශ්‍ය නම් පණිවිඩය හැකි තාක් කෙටියෙන් සහ පැහැදිලිව යැවිය යුතුයි. පිළිතුරු යැවීමත් ඒ විදියටම වෙනවා නම් ඒක හැමදෙනාටම පහසුවක්. සමහරු ඊ මේල් කියවන්න අකමැති හේතුවත් ඒවා වැඩකට නැති ආකාරයෙන් දිග වීම. එහෙම නැත්තම් වැඩකට නැති ඊ මේල් ලැබීම




 ඇමිණුම් එක් කිරීම - Adding Attachments 

ඔබට ඔබගේ ඊ-මේල් ලිපිය සමග ඇමුණුමක් එක් කිරීමටද සමහර විට අවශ්‍ය වනු ඇත. ඇමුණුමක් යනු ඔබගේ ඊ-මේල් ලිපිය සමග යවන එහෙත් ඒ තුළ කියවීමට නොහැකි ආකාරයෙන් වන ගොනුවකි. මෙමඟින් ලිපිය ලබන්නාට එම ගොනුව වෙනත් පරිගණක යෙදුමක් ආධාරයෙන් බැලීමට ඉඩකඩ ලබා දේ. කෙසේ නමුත්, ලබන්නා සතුව එම අදාල පරිගණක යෙදුම තිබිය යුතුය.   හැඩගැසුම් (formatting) සහිතව ඊ-මේල් ලිපියක් යැවීම සඳහා ඇමිණුම් ප්‍රයෝජනවත් වේ.   DOC (Microsoft Word Document or Windows WordPad Document) යනු එවැනි ජනප්‍රිය ආකාරයක් වන්නාසේම RTF (Rich Text Format) ද නිතර භාවිතා වේ.  එසේම ඔබට පිංතූරද යැවිය හැකිය.  නැවතත්, ඔබ යවන ගොනුව බැලීම සඳහා ලබන්නා සතුව නිවැරදි පරිගණක යෙදුම තිබෙන බවට තහවුරු කරගන්න, නොඑසේනම් ඔවුනට බැලීම සඳහා ගොනුව විවෘත කරගත නොහැකි වනු ඇත.ඇමිණුමක් එක් කිරීම සඳහා, ඇමිණුම් කොටුව අසල ඇති "Browse" බොත්තම ක්ලික් කරන්න. මෙය ඔබ‌ට ඇමිණුම සඳහා ගොනුව තේරීමට අවස්ථාව ලබාදෙන දෙබස් කවුළුවක් විවෘත කරනු ඇත.  ගොනුව සොයා ගැනීම සඳහා මෙම දෙබස් කවුළුව භාවිතා කරන්න.  ඇමිණුම සඳහා ගොනුව තේරීමෙන් පසු, "Open" ක්ලික් කරන්න, පසුව "එක්කරනු (Add) " ක්ලික් කරන්න.   ඔබගේ ගොනුව ඇමිණුම සඳහා කරුණාකර ස්වල්ප වේලාවක් රැදී සිටින්න, ඔබ අමුණන ගොනුවේ විශාලත්වය අනුව ඒ සඳහා තත්ත්පර කිහිපයක් හෝ සමහර විට විනාඩි කිහිපයක් අවශ්‍ය වනු ඇති. "එක්කරනු (Add) " ක්ලික් කිරීමෙන් පසු තවත් ගොනුවක් ඇමිණුම සඳහා මේ ක්‍රියාවලිය නැවතත් සිදුකළ හැකිය.
ඔබ වැරදී ගොනුවක් ඇමිණුවේ නම්, එය මකා දැමීම සඳහා, ගොනුව අසල ඇති [ මකන්න (Del)] ක්ලික් කරන්න.
 



Gmail Backgroud එකට අපිට කැමති පිංතූරයක් එකතු කරගමු

01) පළමුවෙන්ම
ඔබේ Gamil ගිනුමට log වෙන්න....
02) දෙවනුව Gmail ගිනුමේ Setting වෙතන යන්න...


03) බලන්න දැන් ඔබට ලැබෙන setting දැක්වෙන Page එකෙහි උඩ තිබෙන Tab වලින් theme යන්න ක්ලික් කරන්න....
04) දැන් බලන්න පහත තියෙනවා, Create your own theme මෙය ක්ලික් කරන්න......


05)
 pop up window  එකකින් මෙයට අදාල Setting විවෘත වනු ඇත, බලන්න මෙහි දැක්වෙන එක් එක කොටස් වල ක්ලික් කරලා, එහි ඔයාගෙ Inbox එකට සහ Backgroud එකට අපිට කැමති පිංතූරයක් ලබා දෙන්න පුළුවන්, අනිත් කොටස් වලට අපිට කැමති පාටක් Select කරලා දෙන්න පුළුවන්.........



06)
Background එක වෙනස් කිරීමට, මෙහි දැක්වෙන හිස් කොටසක් මට ක්ලික් කරන්න, එවිත පහත දැක්වෙන පිංතූරයේ තිබෙන ආකරයට දකින්න පුළුවන්. Select කියන තැන ක්ලික් කරන්න.....


07) ඔබට අළුත් වින්ඩෝ එකක් දකින්න පුළුවන්එයින් Upload Photo ගිහින් Choose file බට්න් එක ක්ලික් කරලාඅවශ්‍ය පිංතුරය ලබාදිය හැකිය....



08) වින්ඩෝ එක ටිකක් පහලට ස්ක්‍රෝල් කරලා බලන්න
, Upload බට්න් එකක් තියෙනවා, ඒක ක්ලික් කරන්න.....



09) පිංතූරය අප්ලොඩ් වීමෙන් පසු
, pop up window එකට පැමිනෙන්න, අහි තිබෙනවා, Save බට්න් එක ඒක ක්ලික් කරලා, ඔයා හදාගත්ත Theme එක Save කරගන්න...පසුව pop up window එක Close කරන්න....



10)
Gmail එකට අලුත් පෙනුමක්....:D


3 comments: