Friday, July 27, 2012

අපේ ගුගල් ගිණුම බේරාගමු


  • # 1 ලෝකේ ගැන අවදානෙන් සිටීම.
හැමදාම ලෝකේ පරිගණක බවිත කරන අයට එන තර්ජන මොනවද ඒවාට ගන්න ඕන පිළියම් මොනවද කියල පල වෙන නිවුස් වලට උප්දටේ එකේ ඉන්න ඕන.එක තමයි ප්‍රදානම.
  • #2 හැමදාම කියන ඇන්ටිගේ වයිරස්
හැමදාම කියනවා වගේ හොද ලෝකේ පිළිගත්ත ඇන්ටි වයිරස් මුදෘකන්ගයක් පරිගණකයේ දල තියාගන්න.ඒ විතරම් මදි එක පුළුවන් හැම වෙලාවකම අප්ඩේට් කරන්නත් ඕන.ඉට අමතරව මාසෙකට වතාවක් හරි සම්පුර්න පරිගනකයම ෆුල් සිස්ටම් ස්කන් එකක් කරන්න ඕං.
මේක ඉතින් කට කැඩෙනකන් කියන්නේ මේ හේතු නිසා
මෙතැනදී වයිරස වලට වැඩ අපිට තර්ජනයක් වෙන්නේ ට්‍රෝජන් සහ කි ලොගර් වලින් තමයි.ඒ වගේ හානිකර වැඩසහන් වලින් වෙන්නේ ඔයා පරිගණකයේ කරන කියන දේ,ටයිප් කරන දේ පාස්වර්ඩ් ,ක්‍රෙඩිට් කාර්ඩ් තොරතුරු මේ හානිකර මුදෘකන්ගය මුදා හැරපු කෙනාට යවන එක.ඉතින් මේවගෙන් බේරෙන්න හොද ඇන්ටි වයිරස් එකක් දල තියෙන්න ඕන ඊට අමතරම ඇන්ටි මල්වෙයාර් එකක් දල තියාගන්න.
  • #3 මොලේ පාවිච්චි කරලා මුර පදයක් හද ගන්න.
මුර පදයක් තමන්ගේ ජි මේල් ගිණුමට හදන්න කලින් මේ ගැන හිතන්න.
කවදාවත් තමන් ගැන ලෝකේ අනිත් ය දන්නා දේවල් වලින් මුර පදය හදන්න එපා.උදාහරනෙකට ඖඅගෙ ගැනු ළමයාගේ නම,දුරකටන  අංකය, ඉන්න පළාත වගේ දේවල් දන්නා එපා.
අනික ඔයාගේ පබ්ලික් ප්‍රොෆයිල් වල තියෙන දේවල් උදහරෙනෙකට ෆේස්බුක් එකේ තමන් ප්‍රසිද්ද කරලා තියෙන දේවල් වලින් මුර පදය හදන්න එපා.ගොඩක් හකර්සලා හැක් කරනවා කියල කරන්නේ ඔයාගේ පෞද්ගලික තොරතුරු හොයාගෙන ඔයාගේ මුර පදය ගෙස් කරන එක.ඒ ඉන ඒවත් ඔලුවට ගන්න.
ඊළගට කවදවට් පොඩි මෝඩ මුර පද හදන්න එපා.මුර පදයක් හදද්දී සිම්පල් කැපිටල් අකුරු සංයෝජනයක් යොදන්න,ඉලක්කම් ඒ මැදින් යොදන්න.සිම්බල් (!@#$%^&*) වගේ ඒවත් යොදන්න.එතකොට ගොඩක් ආරක්‍ෂිත මුර පදයක් හද ගන්න පුළුවන්.
කවදාවත් ශබ්දකෝෂයේ තියෙන වචන වලින් මුර පදේ හදන්න එපා.උද-apple ,cat ,dog  වගේ.මොකද ගොඩක් පාස්වර්ඩ් ගෙස් කරන මුදෘකාංග වලින් මුලින්ම කරන්නේ ඔයවගේ වචන මුලින් දල බලන් එක.
කිසිම දවසක තමන්ගේ ජි මේල් ගිණුමේ පාස්වර්ඩ් එක තවත් අඩවියක ලියාපදිංචි වෙන්න යොදා ගන්න එපා.එකට හේතු වෙන්නේ හිතන්න ඔය ඒ ලියාපදිංචි උන වෙබ් අඩවිය හැක් උනාම ඒ හැක් කරපු කෙනාට ඔයාගේ මුරපද ඉ මේල්  ලිපිනය ලැබෙනවා.සොරිම තමයි ,තව සමහර වෙබ් අඩවි හදන යම තමන්ගේ වෙබ් අඩවියේ සාමාජිකයන්ගේ මුරපද බලන්න පුළුවන් විදියට හද ගන්නවා.මමත් එහෙම කරනවා මගේ සයිට් වලට්.ඒ වගේ මන් බැලුව අපේ ලංකාවේ අයෙගේ චෙක් කරලා.ඒ විධියට තමාගේ ජීමේල් ගිණුමේ මුරපදේ ,ෆේස්බුක් ගිණුමේ මුරපද ඔක්කොම මගේ වෙබ් සයිට් එකේ ලිය පදිංචි වෙනකොට දිපුවම තමයි.ඕනේ නම් මට කිසි ගේමක් නැතුව ඒයලගේ ගිණුම් ඔක්කොම හැක් කරන්න තිබුන.(එකට හැකින්ග් කියන්නත් අමාරුයි.පිශින්ග් වගේ)
  • #4 සමහර සයිට් වලට් ගියහම ඔයාල දැකල ඇති එක පාරටම අනතුරු ඇගවීමක් එනවා ඔයාගේ පරිගණකයට වයිරස් ගිහින් තියෙනවා කියල ස්කෑන් කරලා වයිරස් වල නම් ටිකකුට් එක්ක පණිවිඩයක් එනවා.ඒවා අයින් කරන්න නම් එයාල නොමිලේ දෙන වයිරස් ගාර්ඩ් එක දාගන්න කියල.ඊට කලින් සමහර විට දැනට තියෙන වයිරස් ගාර්ඩ් එක අයින් කරන්නට් වෙනවා.අපේ ය ගොනා සේ නිකන් දෙනවා නම් දෙමල පත්තරේ හරි කියල එකත් දාගන්නවා බඩු බනිස් ! මේ දෙන්නෙත් ලොකුම වයිරස් එකක් තමයි.ඕවට අහු වෙන්න එපා.කිසිම වෙබ් සයිට් එකක ටුඋල් එකකට ඔන්ලයින් ඔයාගේ පරිගණකය වයිරස සදහා ස්කෑන් කරන්න බැහැ.එක මතක තියාගන්න.ඔය නෙට් එකේ නිකන් දෙන්නම්වලේ දෙන හැම මගුලම ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා.
.#5 කැෆේ වලින් ජීමේල් සහ ඉන්ටෙර්නෙට් බාවිත කරන අය.තමන් පරිගනකය ලග ඉදගන්න කලින් බලන්න සිස්ටෙම් යුනිට් එක පිටිපස්සේ කි බෝර්ඩ් එක සවි වෙන තැන මන් මේ පහලින් පෙන්නලා තියෙනවා වගේ ගැජ මටික් එකක් හයි කරලා තියෙනවද කියල.
ඕවට කියන්නේ Hardware key loggers  කියල .මේකෙන් වෙන්නේ ඔයා කි බෝර්ඩ් එකේ ටයිප් කරන සියලුම කි ස්ට්‍රෝක් තැම්පත් කර ගන්නවා.ඊට පස්සේ ඕන කෙනෙකුට ඔය බවිත කරපු දේවල් බලන්න පුළුවන්.ඒ නිසා එහෙම එකක් ගහල තියෙනවා නම් අපහු කවදවට් ඒ කැෆේ එකට යන්නත් එපා,යනකොට හොද දෙකක් කියල යන්න එකේ අයිතිකාරයට.ඊළගට තව කැෆේ එකකින් බාවිතා කරනකොට පෙන් එකකට පොර්ටබල් ප්‍රව්සර් එකක් ගෙන එක මාර්ගයෙන් ඉන්ටෙර්නෙට් යන්න.එතකොට ටිකක් පරිස්සම්.
#6 තවත් හැමදාම කියන දෙයක්
ජි මේල් ගිණුමට ලොග් වෙන්න කලින් මුලින්ම චෙච්ක් කරලා බලන්න එකේ ලින්ක් එක Address  bar  එකේ තියෙන ලින්ක් එක ධිහ.එතන තියෙන්නේ https :// වලින් පටන් ගන්න  ලිපිනයක්ද හරියටම එක ගුගල් ලිපිනයද,ඕනවට වැඩ ලිපිනය දිගනම් එකේ අග ටම ගිහින් බලන්න ඩොමේන් එක මොකක්ද කියල.එක ගොඩක් පරිස්සම්.අනික කව්දෝ දන්නේ නැති පොරක් එවල තියෙන මේල් වල තියෙන ලින්ක් නම් ක්ලිච්ක් කරලා අමාරුවේ වැටෙන්න එපා,අනික එවල තියෙන කිසිම ෆයිල් එකක් දන්නේ නැති කෙනෙක් නම් ඩවුන්ලෝඩ් ,ඔපෙන් කරන්න නම් එපා.

Wednesday, July 25, 2012

GMAIL INBOX සම්පූර්ණයෙන් CLEAR කරන්නේ කොහොමද?



Gmail Inbox එකේ ඇති සියලුම Email එකවර Select කිරීමේ විකල්පයක් බොහෝදෙනෙක් දැක නැතත් Inbox එකේම උඩින්ම තිබෙනවා.

මේ සඳහා ඔබ කළයුත්තේ ඔබේ ඉන්බොක්ස් එකෙහි සාමාන්‍ය පරිදි පළමු පිටුවේ ඇති Emails සියල්ල සිලෙක්ට් කිරීම පමණයි. ඒ සඳහා ඔබට Select All විකල්පය තෝරාදිය හැකියි.




















ඉන්පසු ඔබේ Inbox එකේ පළමු පිටුවේ ඇති ඊමේල් සියල්ල select වනු ඇති. එමෙන්ම එම Email සංඛ්‍යාව select වී ඇති බවත්, Inbox එකේ ඇති සියලුම Email select කළහැකි විකල්පයකුත් එම Emails වලට ඉහළින් පෙනෙනු ඇති.









දැන් ඔබ කළයුත්තේ මෙම Select all #### conversations in Inbox යන්න මත ක්ලික් කිරීමයි. එවිට ඔබේ Inbox එක තුළ එදා මෙදා තුර පැමිණි සියලුම Emails select වනු ඇත. දැන් ඔබට Delete මත ක්ලික් කර එම ඊමේල් සියල්ල එකවර මකා දැමිය හැකියි හැකියි.
















ඉන්පසු ඔබේ Inbox එක clear වනු ඇති.


Tuesday, July 24, 2012

Firefox බ්‍රව්සර් එකේ ඔබගේ ප්‍රියතම අඩවි කිහිපයක්ම ඔබගේ Home Page එකට දාගන්නා ආකාරය




 
තවත් පෝස්ට් එකක් අරගෙන ආවා. අපේ හැමෝගේම වගේ එක කියන එකනේ. ගූගුල් එක ඇරෙන්නට අපි හැමවෙලේම යූස් කරන අඩවි වන ෆේස්බුක්, ජී මේල්, වැනි අඩවි කිය්හිපයක්ම අපේ හෝම් පේජ් එකට දාගන්න කැමතිද? ඒ නම් ඒක කරන්නේ කොහොමද?  

  • මේ ක්‍රමයෙන් ෆයෆොx යූස් කරන අයට ඒක කරගන්න පුලුවන්.
    • පහත රූපයේ ආකාරයට යන්න.
  • General Tab ක යටතේ.  Homepage කියන හිස්තැනහි, පහත දක්වා ඇති ආකාරයට ඔබට අවශ්‍ය අඩ්වි ටික Type කර OK කරන්න්න .
http://www.google.com|http://www.facebook.com|http://www.mysinhalablog.com
 

ඒ කියන්නේ අඩ්වි දෙක අතර සලකුණ ලබාදෙන්න. ඒ සලකුණ කීබෝඩ් එකේ පහත ආකාරයට ඇත.  





Sunday, July 22, 2012

ඕනම size එකක ෆයිල් එකක් share කරගන්න ක්‍රමයක්




අපිට ඊ-මේල් එකක් යවද්දී attach කරන්න පුළුවන් files වල උපරිම size එක 10MB බව ඔබ දන්නවා. සමහර වේලාවට ඔය size එක (10MB) මදි වෙනවා නේද? මේ කියන්න යන site එක ඕනම ප්‍රමාණයේ (unlimited) file එකක් share කරගන්න ඉඩ සළසන එකක්. (මෙතනින් යන්න ඒකට - http://s4ve.as/). කරන්න තියෙන්නේ මෙච්චරයි site එකට ගිහිල්ලා ඔබට share කරන්න ඕන file එක තෝරලා දෙන්න.

දැන් upload කියන එක ඔබන්න.

දැන් ඉතින් upload වෙනකන් බලන් ඉන්න.:D (upload speed එක ඔයාලා භාවිතා කරන අන්තර්ජාල සම්බන්ධතාවය මත රඳා පවතිනවා.) upload වුනාට පස්සේ හම්බවෙනවා file එකට අදාළව link එකක්. කරන්න තියෙන්නේ share කරගන්න ඕන අයට (file එක යවන්න ඕන අයට) මේ link එක යවන එක විතරයි.

එයාලට පුළුවන් file එක download කරගන්න.(සැ: යු: පැය 24 ක් ඇතුළත file එක download කරගන්න වෙනවා නැත්නම් පැය 24න් පස්සේ එක අයින් වෙනවාලු)

Sorry Everybody

මේ දින වල help1st.blogspot.com හි යම් යම් අලුත් වැඩියා සිදු වන නිසා සිදුවන අපහසුතා සම්බන්ධයෙන් බලවත් කණගාටුව 

Thursday, July 12, 2012

මොබිටෙල් වෙතින් ලංකාවේ අඩුම Prepaid Internet පැකේජ!



පෙර ලිපියෙන් ඔබ ලංකාවේ අඩුම Late Night Internet Packages ගැන දැනගන්න ඇතිනේ. මේ කියන්නෙ මොබිටෙල් වෙතින් ලබාදෙන ලංකාවේ අඩුම පෙරගෙවුම් ඉන්ටර්නෙට් පැකේජයන්. ඔවුන් රු.279කට(උපරිම පැකේජය) 1GB ඩේටා ප්‍රමාණයක්, ජාලය තුළ විනාඩි 90ක් හා කෙටි පණිවුඩ 200ක් නොමිලේ ලබාදෙනවා.

පහත තිබෙන්නෙ ඒ පැකේජයන් පිළිබඳ විස්තර හා ඇක්ටිව් කරගන්නා ආකාරයයි.

Monday, July 9, 2012

අළුතෙන් එන ලේට් නයිට් ඉන්ටර්නෙට්


පහුගිය සති කීපයේදී ලංකාවේ මොබයිල් ඉන්ටනෙට් සේවා සපයන්නන් අළුත් පැකේජ් කීපයක් අඳුන්වලා දුන්නා තරඟෙට වගේ.. මේ ඔක්කොම ලේට් නයිට් එහෙමත් නැත්තම් මධ්‍යම රාත්‍රීයෙන් පස්සේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි අඳුන්වලා දුන්නේ.. ඒ රෑ 12.00ත් පාන්දර 6.00ත් අතර කාලෙට.. මේ කාල සීමාව දකිද්දී මට මතක් වෙන්නේ දැනට අවුරුදු ගාණකට කලින් අපි ඩයල්-අප් ඉන්ටර්නෙට් පාවිච්චි කරපු විදිහ..


මුලින්ම මේ ලේට් නයිට් ප්ලෑන්ස් අඳුන්වලා දුන්නේ මොබිටෙල් එකෙන්.. ඩේටා ප්ලෑන්ස් 4ක් මේ විදියට අඳුන්වලා දීලා තියෙනවා.. හැබැයි මේ ප්ලෑන්ස් ඔක්කොම අදාල වෙන්නේ මොබිටෙල් පසුගෙවුම් පැකේජ් වලට විතරයි දැනට.. පහල තියෙන ඇඩ් එකේ වැඩි විස්තර තියෙනවා මේ ගැන..

1GB ඩේටා වලට රු. 50කුත්
3GB ඩේටා වලට රු. 140කුත්
8GB ඩේටා වලට රු. 350කුත්
15GB ඩේටා වලට රු. 600ක් විදිහට තමයි අය කිරීම වෙන්නේ..




ඊළඟට මේ වගේ ලේට් නයිට් ප්ලෑන්ස් දෙකක් අඳුන්වලා දුන්නා හච් එකෙන්.. මේ පැකේජ් දෙක රුපියල් 75ක රීලෝඩ් එකකට 2GB හා රුපියල් 175කට 4GB විදිහටයි දැනට අඳුන්වලා දීලා තියෙන්නේ.. අමතර වාසියක් විදිහට 75 එකට රු.40ක ටෝක් ටයිම් එකකුත් 175 එකට රු. 100ක ටෝක් ටයිම් එකකුත් ලබා දෙනවා..





ඊළඟට ලේට් නයිට් ඩේටා ප්ලෑන්ස් තරඟෙට බහින්නේ ඩයලොග් එක කියලයි ආරංචිය.. මේ එන ජුලි 10 වෙනිදා ලේට් නයිට් ඩේටා ප්ලෑන්ස් 3ක් අඳුන්වලා දෙන්න ඩයලොග් එක බලාපොරොත්තු වෙනවා.. මොබිටෙල් සහ හච් යන දෙකටම වඩා වැඩි පහසුකම් මේ ප්ලෑන් වල තියෙන බවයි පේන්නේ.. විශේෂයෙන් දවසට රු. 100 ප්ලෑන් එක අන්ලිමිටඩ් ඉන්ටනෙට් දෙනවා.. මේ වාසිය අනික් එක ප්ලෑන් එකකවත් දැනට නැති පහසුකමක්.. ඩවුන්ලෝඩ් කරන අයට නම් නියමෙට ගැලපෙන ප්ලෑන් එක.. අනිත් ප්ලෑන්ස් දෙකත් මොබිටෙල්, හච් ප්ලෑන්ස් වලට වඩා සෑහෙන වාසි පාටයි පේන්නේ.. දැනට දැන ගන්න ලැබුනු විදිහට මේ ප්ලෑන්ස් පෙරගෙවුම් හා පසුගෙවුම් යන ඕනෑම ඩයලොග් සම්බන්ධතාවයකට ලබාගන්න පුළුවන් කියලයි ආරංචිය..



Friday, July 6, 2012

මොබිටෙල් Late Night Internet හඳුන්වා දෙයි


 
ඉතින් දැන් ඔබ වැඩියෙන් අන්තර්ජාල භාවිතයක් තියෙන්නෙ රෑට නම් ඔන්න ප්‍රයොජනයක් ගන්න..ඉතින් මේකට අදාළ කාල සීමාව Off Peak කියලා නම් කරලා තියෙනවා..ඉතින් එ කාලය වෙන්නේ මධ්‍යම රාත්‍රි 12 ඉඳන් උදෑසන 6 දක්වා කාලය..

එ කාලය තුල අන්තර්ජාල භාවිතයට වැය වන්නෙ පහත විදියට
1 GB - Rs. 50
3 GB - Rs. 140
8 GB - Rs.350
15 Gb - Rs.600

මාර ලාබයි නේ..ඉතින් මේ පැකෙජ වලින් කුමන පැකජයද අවශ්‍ය කියලා මුලින් ඇක්ටිවෙට් කරගන්න වෙනවා...
Act OP50
Act OP140
Act OP350
Act OP600

කියලා අදාළ පැකෙජය අනුව එස්.එම්.එස් කරන්න වෙනවා 2545ට...ඉතින් ඔන්න ඔහොමයි විස්තර තියෙන්නෙ...දැන් රෑට ෆිල්ම් ටිකක් ඩවුන්ලොඩ් කරගන්න .

Thursday, July 5, 2012

Dialog KIT සිම් එකෙන් අන්තර්ජාලයට පිවිසෙමු.



වර්තමානයේ බොහෝ දෙනා අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට එනම් අන්තර්ජාලයට පිවිසීමට යූ.ඒස්.බි. මොඩම් භාවිතා කරනු ලබයි. සේවා සපයන ආයතන වලින් (ඩයලොග් මොබිටෙල් වැනි) මෙම මොඩම් සමග නොයෙකුත් වර්ගයේ පැකේජ ලබා දෙයි. නමුත් ටික කාලයක් යන විට මෙම පැකේජ වල බිල් ගෙවීමට නොහැකිව බොහෝ දෙනා ඒවාට පොලු තිබීම සුලභ දෙයක්. මෙන්න මේ පොලු උදවියට හා පැකේජ මිල දී ගත නොහැකිව ලත වෙන අයට කිට් සිම් එකකින් අන්තර්ජාලයට පිවිසිය හැකි විදිහ කියන්න තමා අද මේ සෙට් වෙන්නේ.
පළමුවෙන්ම සිම් එක මොඩම් එකට දාලා සෙට් කරගන්න. ඊට පස්සේ ඒක කම්පියුටර් එකට ප්ලග් කරන්න. දැන් මොබයිල් පාට්නර් එක ඕපන් උනාද බලන්න. නැත්නම් ඒක ඕපන් කර ගන්න.
අපි මුලින්ම කරන්න ඕන නෙට් යන්න පුළුවන් විදිහට කිට් සිම් එක ඇක්ටිව් කර ගන්න එක. ඒ සඳහා පහළ පින්තූර වල පෙනෙන පරිදි Text -> New Message ගිහින් KBB කියලා type කරලා 678ට send කරන්න.














ටික වෙලාවක් ගියාම Successfully Registered කියලා message එකක් එයි. තව ටිකකින් තව එකක් එයි.ඒකේ තියනවා නෙට් යන්න කළ යුතු ආකාරය. ඒක අපි තව ටිකකින් බලමු .
දැන් අපි මොබයිල් පාට්නර් එකේ Profile එක හදා ගමු. ඒ සඳහා Tools -> Options ගිහින් Profile Management තෝරන්න. පසුව New button එක ක්ලික් කරන්න. දැන් පහත පරිදි ටයිප් කර save කර Ok කරන්න.
Add caption

දැන් Profile Name යටතේ ඔබ අළුතින් හදපු profile එක දිස්වෙනු ඇත. දැන් හරි. දැන් Text ගිහින් ඔබට අවශ්‍ය පැකේජ එක අනුව 678ට sms එකක් send කරන්න පහත පරිදි.

ක්‍රම තියනවා පහක්
KBB 20, KBB 50, KBB 100, KBB 200, KBB 40.
පසුව message එකක් එයි ඔබ මෙම පැකේජ එක තේරුවා කියලා. දැන් Profile එක තෝරලා Connect කරන්න. ගොඩේ ගොඩ. දැන් Browser එක open කරලා net යන්න. මතක තබා ගත යුතු දෙයක් තියනවා. පැය අදාළ කාලය ඉවර වෙන්න කලින් (ඒ කියන්නෙ 20ක් දැම්මාම පැය භාගය ඉවර වෙන්න කලින්) ඔයා Browse කරලා ඉවර නම් මතක් කරලා  මොබයිල් පාට්නර් එක Disconnect කරන්න. ඉතුරු වෙලාවන් පස්සෙ නෙට් යන්න පුළුවන්. හැබැයි වලංගු කාල සීමාව තුළ.

මෙන්න ගාස්තු හා කාල සීමා:

පැකේජකාලයගාස්තුව*වලංගු කාල සීමාවඋපරිම සීමාව
2030 minutes20.001 dayN/A
502 hours50.003 daysN/A
1005 hours**100.005 days500 MB
20012 hours**200.005 days1 GB
40024 hours**
400.007 days2 GB

Tuesday, July 3, 2012


WINDOWS 7 වල අති වැදගත් SHORTCUT TRICKS & TIPS

අද මන් පොඩ් DOC 1ක දෙන්නම් මෙකෙන් කියන්න යන්නෙ WINDOWS 7 වල තියන SHORTCUT TRICKS වගයක්‌ ගැන.ඔය පහලින් තියෙන්නෙ එවයි ,,

CTRL+O (Open a saved console)

CTRL+N (Open a new console)

CTRL+S (Save the open console)

CTRL+M (Add or remove a console item)

CTRL+W (Open a new window)

F5 key (Update the content of all console windows)

ALT+SPACEBAR (Display the MMC window menu)

ALT+F4 (Close the console) • ALT+A (Display the Action menu)

ALT+V (Display the View menu)

ALT+F (Display the File menu)

ALT+O (Display the Favorites menu)


MMC console window keyboard shortcuts


CTRL+P (Print the current page or active pane)

 ALT+Minus sign (-) (Display the window menu for the active console window)

SHIFT+F10 (Display the Action shortcut menu for the selected item)

F1 key (Open the Help topic, if any, for the selected item)

F5 key (Update the content of all console windows)

CTRL+F10 (Maximize the active console window)

CTRL+F5 (Restore the active console window)

ALT+ENTER (Display the Properties dialog box, if any, for the selected item)

F2 key (Rename the selected item)


CTRL+F4 (Close the active console window. When a console has only one console window, this shortcut closes the console)

අපි නොදන්න OS ගැන ටිකක්





අද බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමා ස්මාර්ට්ෆෝන් කියන්නේ. කුමන හෝ ජාතියේ ස්මාර්ට්ෆෝන් එකක් ඇති නැති, පාවිච්චි කරපු හෝ නොකරපු ඕනෑම කෙනෙක් ස්මාර්ට්ෆෝන් ගැන කතා කරනවමයි. මේ මොන ස්මාර්ට්ෆෝන් එකත් "ස්මාර්ට්" ද යන්න හෙවත් එය කෙතරම් නවීන ජීවිතයට ගැලපේද යන්න තීරණය කෙරෙන්නේ එහි තිබෙන මොබයිල් ඕඑස් එක විසින්ය. වෙළඳ නාම සිය ගණනනක් යටතේ ආවත්, දුරකථන සේවා සපයන සමාගම් දහස් ගණනක් යටතේ සේවය ලබා ගත්තත්, මේ ස්මාර්ට්ෆෝන් වල එකිනෙකට වෙනස් ක්‍රියාකාරිත්ව තිබෙන්නේ අතලොස්සකි.ඊට හේතුව මොබයිල් ඕඑස් තිබෙන්නේ කීපයක් නිසාය.

දැනට තිබෙන ඕඑස් ලැයිස්තුව පහසුවෙන් ලිවිය හැක්කකි. ගූගල් ඇන්ඩ්රොයිඩ්, නොකිය සිම්බියන්, ඇපල් අයිඕඑස්, රිම් බ්ලැක්බෙරි, මයික්‍රෝසො‍ෆ්ට් වින්ඩෝස් ෆෝන්, එච්පී වෙබ් ඕඑස් සහ ලිනක්ස් මීගෝ ඉන් වඩාත් ප්‍රකට ඒවාය. මීට අමතර වශයෙන් සැම්සුන්ග් බාඩා, නොකියා මීමෝ යනාදියද තිබේ. චීනයේ වැඩිපුරම බාවිතා වන්නේ ලිනක්ස්ය. ඒ නොයෙක් වෙනස්කම් සහිත මෙහෙයුම් පද්දති වශයෙනි. එසේ නොමැතිව කෙලින්ම ලිනක්ස් මොබයිල් ඕඑස් බාවිතා වන්නේ අඩුවෙනි.

එක මොබයිල් ෆෝන් ඕඑස් එකකක් තවත් එකකින් වෙනස් වන කරුණු කීපයකි. ඉන්ටෆෙස් එක හෙවත් පෙනුම (visual panache) ප්‍රධාන කොට වැඩි දෙන සලකයි. දෙවැන්න එය කෙතරම් පහසුද යන්නයි . එමගින් කරගත හැකි විවිද කටයුතු තවත් කාරණයකි. (capabilities) උදාහරණයක් විදිහට සිම්බියන් මෙහෙයුම් පද්ධතියේ බලපුලුවන් කාරකමකි පයිතන් කෝඩ් කිරීමට හැකි වීම. එය පරිගණකයක් හා සමානව කල හැකිය. එමෙන්ම අනිත් වැදගත්ම කාරණය වන්නේ එයින් නොයෙකුත් වැඩ ගන්නට උපකාරී වන අවශේෂ මෘදුකාංග කෙතරම් හොඳද යන්නය. මෙයට උදාහරණයක්‌ ලෙස Android Market, apple app-store දැක්විය හැකිය.

මේ සියල්ල එක්ව ගෙන ප්‍රධාන මොබයිල් ඕඑස් ගැන සසඳා බලන්නට පුළුවන. දැන් ඔයාල හැමෝටම පුළුවන් මොන ඕඑස් එකද හොඳ කියල තීරණයක් ගන්න. මතක තියාගන්න මේ කතා කරන්නේ මෘදුකාංගමය පැත්ත මිසක් කිසිම වෙළඳ නාමයක් යටතේ එන ස්මාර්ට්ෆෝන් වල දෘඩාංග වල ගුණාත්මක බාවය නෙමෙයි.

ඇපල් අයිෆෝන් ඕඑස් හෙවත් අයිඕඑස් (iOS)




ස්මාර්ට්ෆෝන් අතර ප්‍රසිද්ධම අයිෆෝනයයි. එනිසාම අයිඕඑස් මෙහෙයුම් පද්දතිය මොබයිල් ඕඑස් අතර පුරෝගාමියාය. 2007 ජුනි 29 වැනිදා අයිඕඑස් එලි දුටුවේ, Mac OSX හි මොබයිල් සංස්කරණය හැටියටය. 2010 ජුනි මාසයේදී එහි නම iOS කියා වෙනස් කෙරුණි. මෙහි 4.3 සංස්කරණය 2011 මාර්තු 09 වැනිදා ප්‍රසිද්ද කළේය.
මෙය සම්පුර්ණයෙන්ම මල්ටි ටච් පහසුකමට වැඩකළ හැකි ඕඑස් එකකි. ඉන්ටෆෙස් එක ගත්විට මනරම් අයිකන සමුහයකින් යුක්තය. වැඩ කටයුතු වඩාත් පහසු වී තිබෙන්නේ නොයෙක් ඇප්ස් සමග වැඩ කරන්නට පුළුවන නිසාය. මේ වන විටත් අයිෆෝන් සඳහා ඇප්ස් ලක්ෂ තුන ඉක්මවා තිබේ. ඇප්ස්ටොර් තුලින් ඒවා තෝරාගෙන ඩව්න්ලෝඩ් කරගන්නට පුළුවන.
අයිඕඑස් බොහෝ දුරට බාවිතා කරන්නාට යම් යම් සීමා පනවා තිබේ. උදාහරණ ලෙස අයි ටියුන් සහ ඇප්ස්ටෝ දැක්විය හැකිය. එනම් අයි ෆෝන් බාවිත කරන්නන්ගෙන් බහුතරයකට මෙම සේවාව ලබාගත යුතුව ඇත. අනික් අතට අයිඕඑස් නිර්මාණය කර තිබෙන්නේ ටච් ඉන්ටෙෆෙස් එකක් උදෙසාම වීමත් මෙහි ප්‍රබල අඩුපාඩුවකි.

ඇන්ඩ්රෝයිඩ් 



මෙය ඕපන්සෝස් වර්ගයේ වැඩසටහනකි. 2008 ඔක්තෝබර් 21 වෙනිදා මුලිකව නිකුත් කල ඇන්ඩ්රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය හැම අතින්ම වගේ පහසු වේගවත් මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකේ. අයිඔඑස්හි තිබෙන ගති ලක්ෂණ මෙන්ම බ්ලැක්බෙරි ඕඑස් එකේද තිබෙන ගති ලක්ෂණ අලුත් තාලයකට මෙහිදී එක කොට තිබේ. මෙහි HoneyComb සංස්කරණය 2011 පෙබරවාරි 24 වැනිදා එලි දැක්විණ. ඉන්පසුව icecream sandwich සංස්කරණයද නිකුත් වූ අතර මෙම වසරේ දෙවන් කාර්තුවේදී පමණ එහි අලුත්ම සංස්කරණය වන ජෙලි බීන් නිකුත් වීමට නියමිතය. ටච් ස්ක්‍රීනයට මෙන්ම ට්‍රැක්බෝල් ක්‍රමයටද ගැලපෙන පරිදි මෙය යොදාගත හැක. ඇන්ඩ්රෝයිඩ් සඳහා ගැලපෙන නොයෙක් ඇප්ස් ඇන්ඩ්රෝයිඩ් මාර්කට් වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගත හැක. ඇන්ඩ්රෝයිඩ්හි විශේෂත්වය වන්නේ එය දියුණු කරනු ලබන්නේ Open Handset Alliance කියා හඳුන්වන විවිද තාක්ෂණික සහ සන්නිවේදන සමාගම් 80කින් සැදී මණ්ඩලයක් විසින් වීමය. එනිසා මෙය අන කවර මොබයිල් ඕඑස් එකකකටත් වඩා නවීන වෙමින් තිබේ. එසේම බාවිතයට පහසු වී තිබේ.

සිම්බියන්




නොකියා සමාගමේ ස්මාර්ට්ෆෝන් සඳහා වැඩිපුරම යොදාගන්නේ සිම්බියන් යන ඕපන්සෝස් වැඩසටහනයි. සිම්බියන් ඉන්ටෆෙස් එක ගත් විට එය අලුත් ගුණාංග සියල්ල ඇති නමුත් පැරණි පෙනුමේ එකකි. සිම්බියන් මොබයිල් ඕඑස් එකෙහි තිබෙන විශේෂත්වය වන්නේ එයට වින්ඩෝස්, ලිනක්ස් සහ අයිඕඑස් සමග සහයෝගයෙන් වැඩ කල හැකි වීමයි. සිම්බියන් ඕඑස් එකෙහි මෙම බලපුළුවන්කාරකම පෙන්වන කදිම උදාහරණය නම් මෙහි තුන්වන සංස්කරණය තුල වින්ඩෝස් 98 ධාවනය කල හැකි වීමයි. කලින් රහස් කෙතයක්ව තිබු සිම්බියන් ඕඑස් එකෙහි කේතය නොකියා සමාගම විසින් ප්‍රසිද්ද කරන ලද්දේ ඉදිරි දෙවසර තුල සිම්බියන් සහිත ස්මාර්ට්ෆෝන් ගණන අඩුකිරීමටය. මෙය ලෝකයේ සිදු වූ දැවැන්තම ඔපෙන්සොස් දානය ලෙසද සැලකෙයි. වර්තමානයේ නොකියා සමාගම විසින් තම ස්මාර්ට්ෆෝන් සඳහා වින්ඩෝස් ඕඑස් යොදා ගනී. ඊට හේතුව සිම්බියන් මොබයිල් ඕඑස් එකෙහි ගැටළු නොවේ., නොකිය සමාගම ඊට ධනය යෙදවීමට අකමැති වීමයි.

බ්ලැක්බෙරි ඕඑස්




ටච් ස්ක්‍රීන් ක්‍රමයට මෙන්ම ට්‍රැක්බෝලයකින් සහ මෙනු මතින්ද ක්‍රියාත්මක කල හැකි ක්‍රමයට බ්ලැක්බෙරි ඕඑස් සකසා තිබේ. එවිට අයිකන් අතර යා යුත්තේ යතුරු පුවරුවේ බොත්තම් පාවිච්චි කරමින් වුවත් එය පහසුය. විශේෂයෙන්ම පරිගණක යතුරු පුවරු බාවිතයෙන් වැඩ කරන අය අතර බ්ලැක්බෙරි ඕඑස් ජනප්‍රිය වීමට හේතුව මෙයයි. අයිඕඑස් මෙන් වර්ණ පසුබිම් සහ ත්‍රිමාන අයිකන් භාවිත කිරීම වෙනුවට මෙහි තිබෙන්නේ සාමාන්‍ය ජංගම දුරකථනවල තිබෙන අයිකනය. එනිසා ඉන්ටෆෙස් එක සරලය.

විවිද භාෂා වලින් තිබෙන බ්ලැක්බෙරි ඕඑස් එක ජාවා කේත සටහන් භාවිතා කරමින් තැනුවකි. blackberry torch 9800 බ්ලැක්බෙරි ඕඑස් එක 2010 අගොස්තු මාසයේදී නිකුත් කෙරින.