අන්තර්ජාලයට සම්බන්ද සෑම පරිගනකයක්ම හදුනා ගැනීම සදහා සෑම පරිගනකයකටම තිබෙන එකිනෙකට වෙනස් ලිපිනය IP Address එක නම් වෙනවා.IP යන්නෙහි තේරුම Internet Protocol යන්නයි.
IP Address එකක් දශම තිතෙන් වෙන්වන සංඛ්‍යා කොටස් 4කින් යුක්ත වෙනවා.
IP Address එකක් දශම තිතෙන් වෙන්වන සංඛ්‍යා කොටස් 4කින් යුක්ත වෙනවා.
IP Address එකක් – 216.27.61.137
නමුත් පරිගණක වල භාවිතා වෙන්නේ ද්විමය සංඛ්‍යා [ බයිනරි සංඛ්‍යා ] වන 1 සහ 0 හේතුවෙන් ඉහත සදහන් IP Address එක ද්විමය ආකාරයට පරිවර්ථනය කල විට පහත ආකාරයෙන් දැක්වේ.
1101 1000. 0001 1011. 0011 1101. 10001001
මේ ආකාරයට IP Address එකක දශම ස්ථන 4ක් ඇති බව දැකගන්නට පුලුවන්.මෙය හැදින්වෙන්නේ Octet ලෙසයි.එනම් අෂ්ඨක ලෙසයි.එසේ වන්නේ එක් කෙටසක ඉගක්කම් 8ක් ඇති නිසයි.Octet එකක 0 – 255 ත් අතර අගයන් පවතී.
මෙම Octet Host සහ Net වශයෙන් වර්ග දෙකකට වෙන් කල හැකියි.Net යනු IP Address එකෙහි පළමු Octet එකයි.පරිගණකය අයත් වන ජාලය මෙයින් හදුනාගත හැකිය.Host [ Node ] එක මගින් සිදු වන්නේ ජාලය තුල ඇති පරිගණකය හදුනාගැනීමයි.
ඉහත IP Address ලිපිනයෙහි අංකයන් එකතු කල විට පිළිතුර ලෙස ලැබෙන්නේ 32 වේ.මේ අනුව IP Address එකක් 32-bit වේ.
අන්තර්ජාලයට සම්බන්ද වන සමාණ්‍ය පරිගණක සදහා අන්තර්ජාල සේවා සැපයුම් කරු [ Internet Service Provider ] විසින් ලබා දෙන වෙනස් වන IP Address එකක් [ Dynamic IP ] ඇත.නමුත් වෙබ් සර්වරයක් සදහා ඇත්තේ වෙනස් නෙවන [ Static IP ] එකකි.
යම් අයෙකුට සර්වරයක් සමග සම්බන්ද වීමට අවශ්‍යයි නම් කළ යුත්තේ අන්තර්ජාල සබදතාව සහිත පරිගණකයක වෙබ් බ්‍රව්සරයේ Address Bar එක තුල අදාල සර්වරයේ IP Address එක සටහන් කර Enter කිරීමයි.ඉන්පසු අදාල සර්වරයේ ඇති වෙබ් අඩවිය සමග සම්බන්ද වෙනු ඇත.නමුත් මෙසේ IP Address මතක තබා ගැනීම යම් අපහසු නිසා Domain Name භාවිතා වේ.
