Tuesday, June 5, 2012

වෛරස්‍ ස්කෑන් වැඩසටහනහි ක්‍රියාකාරීත්වය මැන බලමු

‍ඔබ ගබඩාකොටගෙන ඇති Virus  Scan වැඩසටහණ අවශ්‍යය අවස්ථා වලදී නිසිලෙස ක්‍රියාකරයිදැයි කල්තියා දැන ගැනීම ඉතා වැදගත්ය. ‍මෙ‍ම නිසා ලොව  මෙවැනි වැඩසටහන් නිෂ්පාදනය කරන ආයතන විසින් සියලුම එවැනි ආයතන වල Antivirus වැඩසටහන් වල ක්‍රියාකාරීත්වය මැන බැලීමට පෙදු ප්‍රමිතියක් හදුන්වා දී ඇත. ‍මේ ස‍‍‍දහා ඔවූන් Virus එකක මුහුණුවරක් ගන්නා වූ කුඩා වැඩසටහණක් සකස් කොට එය ක්‍රියාත්මක කිරීම මගින් එය Antivirus වැඩසටහනෙහි ක්‍රියාකාරීත්වය මැන බලයි. ‍මෙය ඇත්තෙන්ම කුඩා වැඩසටහණක් නෙව කුඩා file එකකි. 


මෙම file එක යොදාගෙන ඔබත් ඔබගේ Antivirus වැඩසටහනේ ක්‍රියාකාරීත්වය මැන බලන්න. එය සදහා පහත පියවර අනුගමනය කරන්න.


1.) notepad එක විවෘත්ත කර ඒ මත පහත දැක්වෙන සටහණ Copy කොට Paste කරන්න.


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*


2.) දැන් file menu වෙත ගොස් Save as තොරාගෙන File Type එක all files ලෙස තෙරාගෙන file name එක ලෙස test.com ලෙස නම් කොට Save කරන්න උත්සාහ කරන්න. (virus scan එක ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්න.) ඔබ Virus Scanner එක නිසිලෙස ක්‍රියාකරයි නම් ඔබ Save කිරීමට උත්සාහ කරන විට එය Virus ලෙස පෙන්නුම් කරනු ලබයි.

No comments:

Post a Comment