Sunday, June 3, 2012

Mozilla FireFox short cuts


Mozilla FireFox කාර්යක්ෂමව භාවිතා කිරීමට කෙටිමං..


[F3] -
පිටුව තුල වචන සෙවුමට.

[F5] -
වත්මන් පිටුව / ටැබය යලිපූරණයට.

[Ctrl + T] -
නව ටැබයක් ලබාගැනීමට.

[Ctrl + W] -
වත්මන් ටැබය වැසීමට.

[Ctrl + Shift + T] -
අවසානයට වසා දැමූ ටැබය යලි විවෘත කිරීමට.

[Ctrl + Shift + P] -
පෞද්ගලික ගවේශණය ආරම්භ කිරීමට.

[Alt + Left Arrow]
හෝ [Backspace] - පෙර පිටුවට.

[Alt + Right Arrow] -
ඉදිරි පිටුවට.

[F11] -
පුළුල් තිර ආකාරය සහ පුළුල් තිර ආකාරයෙන් ඉවත්වීමට.

[Esc] -
පිටුව පූරණය නැවැත්වීමට.

[Ctrl + (- or +)] -
ෆොන්ටයේ ප්‍රමාණය, ෆොන්ටයේ ප්‍රමාණය '-' මගින් අඩුවන අතර '+' මඟින් වැඩිවනු ඇත.

[Ctrl + Shift + Del] -‍
‍පෞද්ගලික දත්ත ඉක්මණින් හිස් කිරීම සඳහා Clear Data කවුලුව වීවෘත කිරීමට

[F6] or [Alt + D] or [Ctrl + L] –
වෙබ් ලිපිනය එකවර තෝරාගැනීමට.

[Ctrl + D] -
විවෘතව ඇති වත්මන් පිටුව සඳහා පිටු සළකුණක් එක් කිරීමට.

[Ctrl + I] -
භාවිතයට ඇති පිටු සළකුණු ‍දර්ශණය කිරීමට.

[Ctrl + J] -
භාගත කිරීමේ කවුලුව (Download Window) විවෘත කිරීමට.

[Ctrl + N] -
ගවේශකයේ නව කවුලුවක් විවෘත කිරීමට.

[Ctrl + P] -
වත්මන් පිටුව / රාමුව මූද්‍රණයට.

[Ctrl + Tab] -
විවාතව පවතින ටැබ අතර මාරුවීමට.

[Spacebar] -
වරකට පිටුව බැගින් පහළට චලනයට.

[Shift + Spacebar] -
වරකට පිටුව බැගින් ඉහළට චලනයට.



http://www
සහ .com ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව සම්පූර්ණ කිරීමට [CTRL + Enter]

උදා:- http://www.google.com ලබා ගැනීමට ලිපින තීරුවේ google ලෙස සඳහන් කර [Ctrl +Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

http://www
සහ .org ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව සම්පූර්ණ කරගැනීමට [CTRL + Shift + Enter]

උදා:- http://www.hanthana.org ලබා ගැනීමට ලිපින තීරුවේ hanthana ලෙස සඳහන් කර [Ctrl + Shift + Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

http://www
සහ .net ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව ලබාගැනීමට [Alt + Enter]

උදා:- http://www.batapola.net ලබා ගැනීමට ලිපින තීරුවේ batapola ලෙස සඳහන් කර [Alt + Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

No comments:

Post a Comment