Saturday, June 2, 2012

USB ප‍්fලෑෂ් ඩ්‍රයිව් භාව්තයෙන් පැතිරෙන පරිගණක වෛරස

Viruses Infecting From USB Pen Drive/Flash Drive

 PC Clinic Sri Lanka Logo  
USB ප‍්fලෑෂ් ඩ්‍රයිව් භාව්තයෙන් පැතිරෙන පරිගණක වෛරස

What is a USB Flash Drive or Pen Drive?
පෙන් ඩ්‍රයිව්/ප්ලෑෂ් ඩ්‍රයිව් කියන්නේ මොකක්ද?
ප‍්fලෑෂ් ඩ්‍රයිව් හෝ පෙන් ඩ්‍රයිව් (මෙමරි ස්ට්ක් ලෙසද හඳුන්වයි) යනු පරිගණකයට සවිකිරීම සඳහා USB connector එකක් සමග එන දත්ත ගබඩා කිරීමේ උපකරණයකි. ප‍්fලෑෂ් ඩ්‍රයිව් ඉතා කුඩා , හුරුබුහුටි , සැහැල්ලු , නැවත නැවත දත්ත ලිවිය හැකි, පහසුවෙන් ගෙන යා හැකි ආකාරයකට නිපදවා ඇති අතර ප‍fලෑෂ් ඩ්‍රයිව් භාවිතයෙන් ඔබට ඔබේ වටිනා දත්ත එක් පරිගණකයකින් තවත් පරිගණකයකට ගෙන යා හැක.
ප‍්fලෑෂ් ඩ්‍රයිව් අනෙකුත් දත්ත ගෙන යෑමේ උපකරණ හා සැසඳීමේදී වීශේෂයෙන් පොfලොපි ඩිස්ක් හා සැසඳීමේදී වඩාත් කාර්යක්ෂම , විශ්වාසදායි , වැඩි කාලයක් භාවිතා කළ හැකි , පොfලොපි ඩිස්ක් එකකට සාපේක්ෂව ඉතා විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කළ හැකි උපකරණයකි.

Can the Flash Drive be infected with a virus?
ප‍්fලෑෂ් ඩ්‍රයිව් වලට පරිගණක වෛරස ඇතුල් විය හැකිද?
ප‍්fලෑෂ් ඩ්‍රයිව් පරිගණකයකින් පරිගණකයකට දත්ත ගෙන යෑම සඳහා නිතර නිතර භාවිතා වන ඉතා ප්‍රයෝජනවත් උපකරණයකි. නමුත් මේවායේ ඇති භාව්තයට පහසු බව , ප්‍රයෝජනවත් බව , සුලභ බව නිසා පරිගණක වෛරස නිර්මාණකරවන්ගේ අවධානයට ලක්වීමෙන් , ප‍්fලෑෂ් ඩ්‍රයිව් භාවිතයෙන් පරිගණක වෛරස පැතිරීමේ අවධානම ඉතා ඉහල ප්‍රතිශතයක් බවට පත්ව ඇත.
ඔබ පරිගණක වෛරස ආසාදිත පරිගණකයකින් දත්ත ගොනු (files: Document,Games,etc) ප‍්fලෑෂ් ඩ්‍රයිව් එකකට කොපි කර ගැනීමේදී එම පරිගණක වෛරස ප‍්fලෑෂ් ඩ්‍රයිව් එකටද ඇතුලත් වේ. අනතුරුව එම ප‍්fලෑෂ් ඩ්‍රයිව් එක වෙනත් ඕනෑම පරිගණකයකට ඇතුල් කිරීමේදී එම පරිගණකයකයටද එම වෛරසය ඇතුලත් වේ.
Viruses Infecting From USB Flash Drive
USB ප‍්fලෑෂ් ඩ්‍රයිව් භාව්තයෙන් පැතිරෙන පරිගණක වෛරස
මෙම වෛරස USB ප‍්fලෑෂ් ඩ්‍රයිව් වැනි පරිගණකයෙන් ඉවතට ගෙන යා හැකි (Removable) දත්ත ගබඩා කිරීමේ උපකරණ භාව්තයෙන් පැතිරේ. මෙම වෛරස ආසාදිත පරිගණකයේ ටාස්ක් මැනේජර් (Task Manager) , කොමාන්ඩ් ‍ප්‍රොම්ප්ට් (Command Prompt) , රෙජිස්ට්‍රි එඩිටර් (Registry Editor), පොලිසි එඩිටර් (Policy Editor) ආදී වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාලනය කළ හැකි මෙවලම් අඩපන/අක්‍රිය (Disable) කරන අතර ටූල්ස් මෙනුවේ (Tools menu) පෝfල්ඩර් ඔප්ෂන් (Folder Option) ඉවත් කරයි. මීට හේතුව පරිගණකය භාවිතා කරන්නා විසින් පරිගණක වෛරසයේ පරිගණකයට හානිකර ක්‍රියාකාරකම් ඉහත දැක්වු වින්ඩෝස් මෙවලම් (Tools) භාව්තයෙන් වළක්වලිය හැකි වීමයි.
මෙම වෛරස වින්ඩෝස් මෙහෙයුම් පදධතිය ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ගොනු (system files ) සඳහා භාව්තා කර ඇති (SVCHOST.exe වැනි) නම් වලට සමාන නම් වලින් බොහෝ විට පෙනී සිටි. උදාහරණ ලෙස SVCHOTS.EXE , SSVICHOSST.EXE, SVICHOSSST.EXE, RVHOST.EXE, SVICHOSST.EXE, ආදිය ගත හැක. ඔබේ ප‍්fලෑෂ් ඩ්‍රයිව් එකේ හෝ පරිගණකයේ මෙවැනි ‍නම් වලින් ගොනු දැකිය හැකි නම් බොහෝ විට මෙවැනි පරිගණක වෛරසයක් ඇතුල් වී තිබිය හැක. බොහෝ විට ඔබට අයත් නොවන ගොනුවක් ඔබේ ප‍්fලෑෂ් ඩ්‍රයිව් එකේ ඇත්නම් වෛරසයක් විය හැක. ඔබට මෙවැනි සැක සහිත ගොනුවක් පිළිබඳව පැහැදිලි කර ගැනීමක් අවශ්‍යනම් අපෙන් විමසන්න.
ඉහත දක්වා ඇත්තේ , මෙම වෛරස ඔබේ පරිගණකයට සිදුකරන හානි වලින් සරල ක්‍රියාකාරකම් ස්වලපයක් පමණි. ඊට අමතරව ඔබේ පරිගණකයට හානි සිදුවන ක්‍රියාකාරකම් මෙ‍ම පරිගණක වෛරස වල අඩංගු කර තිබේ.

How to remove them ?
මෙම වෛරස ඉවත් කර ගන්නේ කෙසේද?
මෙ‍ම autorun වෛරස ඉවත් කිරීම සඳහා අප නොමිලේ ලබා දෙන Autorun-Virus-removal.exe වෛරස ඉවත් කිරීමේ පරිගණක වැඩසටහන භාවිත කරන්න.
මෙම වෛරස ඉවත් කිරීමේ පරිගණක වැඩසටහන භාවිතයෙන් ඔබට,
-අක්‍රිය වී ඇති Task Manager , Command prompt , Registry Editor , Policy Editor සක්‍රිය කිරීම
-Tool මෙනුවේ Folder Option නැවත ලබා ගැනීම
-සැඟවුනු (Hidden) Folders නැවත ලබා දීම
-මෙම වර්ගයට අයත් වෛරස් files ඉවත් කිරීම
සිදුකරගත හැක.

Important:වැදගත්
මෙම වෛරස ඉවත් කිරීමේ පරිගණක වැඩසටහන සම්පූර්ණ වෛරස ඉවත් කිරීමේ පරිගණක වැඩ සටහනක් (Anti-Virus guard) නොවේ. මෙය සකස් කර ඇත්තේ මෙම වැඩසටහන නිර්මාණය කරන දිනට හඳුනාගත් මෙම ප‍්fලෑෂ් ඩ්‍රයිව් වලින් පැතිරෙන වෛරස් වර්ග පමණක් ඉවත් කිරීම හා ඔබේ පරිගණකයට එම වෛරස් මගින් සිදුකරන ලද හානි ඉවත් කිරීම සඳහා පමණී.
පහත උපදෙස් පිලිපැදීමෙන් ඔබේ පරිගණකයට වෛරස ඇතුළ් වීම වලක්වා ගත හැක
1. නිසි පරිදි ක්‍රියාත්මකවන නිතිපතා නව වෛරස් ඉවත් කිරීමට අළුත් වන ලොව පිළිගත් වෛරස් ඉවත් කිරීමේ වැඩසටහනක් (Anti-Virus Program) භාවිත කරන්න. Ex:-Kaspersky,TrendMicor,Norton,Macfee,Avg, Sophos,etc
2. ඔබේ වෛරස් ඉවත් කිරීමේ වැඩසටහන (Anti-Virus Program)නිසි පරිදි දින පතා හෝ අවම වශයෙන් සතියකට සැරයක්වත් යාවත්කාලනය (update) කරගනිමින් පවත්වා ගන්න. Keep upto date
3. ප‍්fලෑෂ් ඩ්‍රයිව් එක පරිගණකයට සවිකල (plug) පමණින් විවෘත (open) කිරීමෙන් වළකින්න.
4. ප‍්fලෑෂ් ඩ්‍රයිව් එක පරිගණකයට සවිකල (plug) ගමන් වෛරස සඳහා පරික්ෂා කර ගන්න, ( ඔබේ වෛරස ඉවත් කිරීමේ පරිගණක වැඩ සටහන (උදා-Kaspersky,Norton,Macfee,Avg,etc) භාව්තයෙන් )

No comments:

Post a Comment