Thursday, June 21, 2012

facebook එකේ මේ දිනවල පැතිරයන අලුත් scams කිහිපයක්.

ප්‍රවේසමෙන්!!

මේ දවස්වල තවත් අලුත් scams කිහිපයක් facebook එක තුල පතිරයනවා. සමහර විට ඔබට හිතෙන්න ඇති ඇයි මුහුනුපොතේ මේ වගේ වංචාකාරී දේවල් පැතිරෙන්නේ කියලා. facebook එක තුල ඕනෑම කෙනෙකුට applications හදන්න අවස්තාව facebook සලසා දී තිබෙනවා. ඉතින් ඒ නිසයි අපි මේ විදියට අමුතු අමුතු scams මුහුනුපොත තුල දකින්නේ.
මෙය wall post එකක් විදියට පැතිර යන්නේ. ඉතින් ඒ ලින්ක් එක ක්ලික් කල විට පහත රුපයේ ඇති පරිදි app එකකට ඔබව රැගෙන යනවා.
Facebook-scam
Remove My Timeline
මෙම application එක මගින් Timeline එක disable කරන්න ඔබේ browser එකට extension එකක් එකතු කරන ලෙස පවසනවා. ඔබ යම් හෙයකින් එම extension එක ස්ථාපිත කරගත්තොතින් ඔබේ සියලුම තොරතුරු මෙම extension එක මගින් එය නිර්මාණය කල තැනැත්තා වෙත යවනවා. ඉතින් ගොඩක් ප්‍රවේසම් වෙන්න මෙයින්.
remove_my_timeline_app
Who view your Profile
මෙම application එක මගින් ඔබේ profile එක බැලුවේ කවුද යන්න පෙන්නමින් ඔබව රවටා ඔබේ තොරතුරු ලබාගන්නවා.
anothe-Facebook-scam
Auto Subscribe
මුහුණුපොතේ scams අතරින් මෙය තවත් එකක්. මෙමගින් ඔබට facebook subscribers 100,000 ලබාදෙන බව පවසනවා. ඕනෑම කෙනෙක් කැමතියි නේ ඉතින් තමන්ට subscribers ලා වැඩි කරගෙන මුහුනුපොතේ චරිතයක් වෙන්න. ඉතින් මෙවැනි වංචාකාරී apps වලට අහුවෙන්න තියෙන ඉඩ වැඩියි.
Facebook-recent-scam
ඉතින් මම කියන්නේ ඔබ apps වලට ඔබේ තොරතුරු වලට පිවිසීමට ඉඩ ලබාදෙන විට ඔබට පිළිගන්න පුළුවන්, එහෙම නැතිනම් කවුරුත් දන්නා කියන වෙබ් අඩවියක හෝ පිළිගත හැකි ආයතනයක apps වලට පමණක් ඔබේ තොරතුරු වලට පිවිසීමට අවස්තාව ලබාදෙන්න.
facebook app settings

No comments:

Post a Comment