
අද වනවිට අන්තර්ජාලයේ බොහෝදුරට භාවිතා වන්නේ HTTP හෙවත්Hypertext Transferring Protocol එකයි නමුත් Google සමාගමේ නවතමහදුන්වාදීම වන SPDY ,HTTP වලට වඩා වේගයෙන් අන්තර්ජාල පිටු වෙබ් බ්රව්සරය වෙත ගෙන ඒමේ හැකියාවෙන් යුක්ත වේ .2009 වර්ෂයේ අග භාගයේදී සොයාගන්න ලද මෙම SPDY ප්‍රොටෝකෝලයට අන්තර්ජාලය වෙතට විස්මිතවේගයක් ලබාදීමේ හැකියාව සහිතය.නමුත් මෑතක් වනතුරුම පරීක්ෂණ මට්ටමේ පැවති මෙම සොයාගැනීම Google සමාගමටම අයත් වෙබ් අඩවි වල පමණක් යොදා ගැනිණි.
Google Chromeවෙබ් බ්‍රවුසරය හරහා පමණක් මෙය යොදා ගැනුන නමුත් ක්‍රෝම් හරහා අන්තර්ජාලයට පිවිසෙන්නන්ට මුලදීඑහි වේගයේ විශේෂ වෙනසක් හදුනා ගත නොහැකි විය. නමුත් අද වන විට මෙය වානිජමය නිෂ්පාදනයක් බවට පත්වී හමාරය වෙබ් අඩවි ප්‍රශස්තීකරණය ( Web optimization ) සමාගමක් වන Strangeloop සමගම ඔවුන්ගේ වෙබ් අඩවි හා එම වෙබ් අඩවි භාවිත කරන්නන් වෙනුවෙන් යොදාගන ඇත. මෙම ප්‍රොටෝකෝලය අනාගතයේදී ජංගම දුරකථන හා ජංගම උපාංග හරහා අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර පවා ප්‍රචලිතවන බව Strangeloop සමාගම තරයේ විශ්වාස කරයි. මෙය වෙබ් අඩවිය හා එය භාවිතා කරන්නා අතර මැදදී මැදිහත්වන මෘදුකාන්ගයක් වන අතර මෙමගින් අදාළ වෙබ් පිටුව නියමාකාරයෙන් වේගයෙන් නරබන්නා වෙත ලබා දේ මෙමගින් 10% 20% අතර ප්‍රමාණයකින් වේගය වැඩි කරන බව සොයා ගෙන ඇත. Google සමාගම Android සදහා නිපදවන බ්‍රවූසරයටද SPDY යොදාගැනීමට බලාපොරොත්තු වේ. වෙබ් අඩවියක වේගය එම අඩවිය කෙරෙහි කෙලින්ම බලපාන්නේ සාමන්යෙන් අප බොහොවෙලාවක් එකම වෙබ් අඩවියක් ලෝඩ් වනතුරු බලා නොඉද වෙනත් වෙබ් පිටුවක් කරා ඇදීමට හුරු වී ඇති බැවිනි. එනම් වෙබ් අඩවියක වේගය වැඩි වනවා යනු එම වෙබ් අඩවියට පැමිණෙන්නා නරබන වෙබ් පිටු ගණන වැඩි වීමයි. මෙය අන්තර්ජාලය හරහා භාණ්ඩ අලවි කරන වෙබ් අදවියක්නම් මෙම අඩවියෙන් අලවි වන භාණ්ඩ ප්‍රමාණය වැඩි කර කරමී හැකියාව වෙබ් අඩවිය වේගවත් කිරීම තුලින් සිදු කරගත හැක.සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් එහි වේගය වැඩි කරගැනීමට විශේෂ අවදානයක්යොමු කරන්නේ ඉහත හේතූන් නිසාය. වේගවත් බව නරබන්නා සතුටු කරවන අතර එමගින් ඔවුන්ට වෙබ් සේවා කරා වැඩි පිරිසක් ඇද ගැනීමේ හැකියාව ලැබේ. සියලුම වෙබ් බ්‍රවුසර් හා සර්වර් පරිගණක මෙම තාක්ෂණය භාවිතයටගතහොත් වේගවත් ව අන්තර්ජාලයේ සැරිසැරීමේ හැකියාව ලැබේ

No comments:
Post a Comment