විවෘතව ඇති ෆෝල්ඩරයක සිට අන්තර්ජාලයට පිවිසීම.

සාමාන්‍යයෙන් වෙබ් ලිපිනයක් ලබා දිය යුත්තේ වෙබ් බ්‍රව්සරයේ ඇඩ්රස් බාර් එක තුළයි. එහෙත් මේ සදහා වෙබ් බ්‍රව්සරය මුලින් විවෘත කර ගෙන පසුව ඇඩ්රස් එක ලබා දිය යුතු වේ. එහෙත් ඔබ විවෘත කරගෙන ඇති ඔනෑම ෆෝල්ඩරයක් තුළ ඇති ඇඩ්රස් බාර් එක තුළ ඔබට අවශ්‍ය වෙබ් ලිපිනය ලබා දී යතුරු පුවරුවේ ඇති Enter යතුර තද කරන්න. එවිට සම්මත වශයෙන් තේරී ඇති වෙබ් බ්‍රව්සරය විවෘත වී ඒ හරහා අදාළ වෙබ් ලිපිනයේ ඇති විස්තර පෙන්වනු ඇත.
අන්තර්ජාලය හරහා ඩෙක්ස්ටොප් එක වෙනත් අයෙකුට පෙන්විය හැකිද?

මේ සදහා ක්‍රම කිහිපයක් ඇත. Windows Remote Desktop එවැනි පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයකි. මෙම ක්‍රමය මගින් අන්තර්ජාලය ඔස්සේ වෙනත් අයෙකුට අපගේ ඩෙක්ස්ටොප් එක බැලීමට පමණක් නොව පරිගණකයේ වැඩ කිරීමටද ඉඩ සලසයි. එසේම ස්කයිප්(Skype) මෘදුකාංගය හරහා ඩෙක්ස්ටොප් එක ආරක්ෂිතව වෙනත් අයෙකුට පෙන්විය හැකිය. ඒ සදහා පළමුව අදාල පුද්ගලයා Skype Contact තුලට ඇතුල් කරගන්න. ඉන්පසුව Call මෙනූව තුළින් Share Your Screen තුළ ඇති Share Full Screen යන්න තෝර්න්න. එවිට අනෙක් පුද්ගලයාට අපගේ ඩෙක්ස්ටොප් එක පෙනේ. එහෙත් අපගේ පරිගණකයට ඇතුල් විය නොහැක.
No comments:
Post a Comment