Facebook නව පෙනුමක් හදුන්වාදීමට බලපෑ කරුණු හා Facebook අනාගතය
created by Sisira Kumara (uoc)
මේ සතිය අවසන් වෙනවත් සමග බොහෝ දෙනෙක් අතරේ
කතා බහට ලක්වුනු දෙයක් තමා Facebook නව පෙනුමක් හදුන්වා දීම. මීට මාස
ගණනකට කලිනුත් ඔවුන් මේ දේම කළ බවට ඔබට මතක ඇති. බැලූ බැල්මට නම් මේ පෙනුම
කිසි වැඩකට නැති එකක් ලෙස කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. මටත් එකවරම මේ නව
පෙනුම දැකපුවහම පුදුම හිතුනා. ඉතින් මේ වෙනස් වීමක් පිටුපස අනිවාර්යයෙන්
ලොකු හේතුවක් ඇති කියලා, අන්තර්ජාලයේ හොදට සොයා බැලුවා. ටිකක් මේ ගැන
හොයද්දි තමා දැනගත්තේ මෙහි ප්‍රධාන අරමුණ. ඒ ඔවුන්ගේ තරගකරුවෙක් වන Twitter සමග කරට කර සටනක් දීම. ඇත්තම කිව්වොත් Twitter කොපි කිරීමක්
තවමත් ප්‍රමාණාත්මකව Facebook ඉදිරියෙන්
සිටියත් Twitter එන්න එන්නම අන්තර්ජාල භාවිතා කරන්නන් අතරේ ජනප්‍රිය වන
ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් මේ දේ තමා නව පෙනුමට ගොඩක්ම බලපෑවේ. දැනට නව
පෙනුමත් සමග විශේෂාංග කීපයක් ඔවුන් හදුන්වා දෙනවා.
- News Feed
2. The Publisher
මේ කලින් තිබූ Status Update කිරීම දැන් වැඩි පහසුකම් සහිතව ලබා දීම.
3. Discovering Content
මෙයින් ඉහතදී සදහන් නොවුනු යහළුවන්ගේ උපන්දින සිහිකැදවීම්, පින්තූර, යහළුවන්ගේ ක්‍රියාකාරකම් ආදී අනෙකුත් විශේෂාංග දකුණුපස වෙනමම දර්ශණය වෙමින් පවතිනවා.
කොහොමවුනත් දැන්නම් ගොඩක් අය මේ නව පෙනුමට කැමති නැහැ වගේ

its good
ReplyDelete