අප බොහොමයක් දෙනෙක් විවිද email සේවාවන් බාවිතා කරනවා. ඉතින් ලෝකයේ වේගයෙන් ව්‍යාප්තවන අප බොහොමයක් දෙනෙක් බාවිතා කරන හොද Spam Filters තියෙන, බාවිතයට පහසු අතුරු මුහුණතක් තිබෙන mail සේවාවක් තමයි Gmail. ඒ වගේම Gmail සතුව Gmail Preview Pane, Additional Chat emotions වගේ අපි නොදන්නා විශේෂාංගයන් බොහොමයක් තියෙනවා. මේ විසේශාන්ගයන් සම්බන්දව ඉදිරියේ දවසක අපි කතාකරමු.
ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ Gmail ලිපිනයට email පණිවිඩයක් ලැබුණු සැනින් ඔබේ ජංගම දුරකතනයට ඒ බව දන්වා කෙටි පණිවිඩයක් ලබා ගන්නා ආකාරය පිලිබදවයි.
Gmail Alerts ඔබගේ ජංගම දුරකතනයට ගෙන්වා ගන්නේ කෙසේද?
- මුලින්ම ඔබට කරන්න තිබෙන්නේhttp://twitter.com/#!/xxxxxවෙබ් අඩවිය වෙත ගොස් එහි ලියාපදිංචි වී එහි ගිණුමක් සාදාගන්න එක.
- අනතුරුව ඔබ ඉහත සදහන් කරන ලද වෙබ් අඩවියෙහි ඔබ සාදාගත් ගිණුමට ලොග් වී "Mail Alerts" යන Tab එක ක්ලික් කරන්න.
- දැන් ඔබගේ Gmail Account එකට ලොග් වෙන්න.
- ඔබගේ ගිණුමට ලොග් වූ පසු ඔබගේ Gmail "Mail Settings" වෙත යන්න. පසුව එහි ඇති "Forwarding and POP/IMAP" යන Tab එක ක්ලික් කරන්න.
- පසුව "Add a forwarding address" යන්න ක්ලික් කර ඔබ xxxx අඩවියෙහි සාදාගත් email ලිපිනය ලබා දෙන්න.
- අනතුරුව "Next" යන button එක ක්ලික් කරන්න.
- දැන් ඔබට verification code එකක් සහිත email එකක් ඔබේ xxxxx ගිණුමට ලැබී තියෙනවා. ඉතින් ඒක verify කරගෙන ඔබට ලැබෙන සියලුම Email සදහා Email Alerts ඔබගේ ජංගම දුරකතනයට ලබාගන්න.
- ඒ වගේම ඔබට Email Alerts ඔබගේ ජංගම දුරකතනයට ලැබෙන එක Disable කරනන අවශ්‍ය නම් ඔබට කරන්න තියෙන්නේ Gmail Email Settings ----> Forwarding and POP/IMAP වෙත ගොස් "Disable Forwarding" යන්න ක්ලික් කිරීම පමණයි.
ඉතින් මේ විදියට Email Alerts ලබා ගැනීම Gmail වලට වගේම Yahoo Mail සදහාත් සකසා ගත හැකියි. මම හිතනවා මෙය ඔබ හැම කෙනෙකුටම බොහොමයක් වැදගත් දෙයක් වෙවියි කියලා. මොකද දැන් ඔබට Email එකක් ලැබී ඇත්දැයි බලන්න නිකරුනේ Email Account එකට ලොග් වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔබගේ කාලයත් ඉතුරුයි.



No comments:
Post a Comment