ලොව සන්නිවේදනය වෙනසකට ගෙන ගිය පලමු ඊ-මේලයේ වගතුග.. – Who sent the World 1st E-mail??
1876 මාර්තු මස 10 දින ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් මහත්මයා තම සහයක වොට්සන්ට
“ Mr.Watson Come Here, I want you” කියමින් ලොව පලමු දුරකතන ඇමතුම ලබාදුන්නා...
ලොව සන්නිවේදන ක්‍රියාවලිය විශාල වෙනසකට හේතු වු එය ගැන බොහෝමත්ම දෙනා දන්නවා..
මෑත කාලයේ සන්නිවේදනය තවත් වෙනසක් කරමින් තවත් පැත්තකට ගෙන ගියා වු E-mail (ඊ- මේල්) එහෙතමත් නැතිනම් ඉලෙක්ට්‍රෝනික ලිපි ගැන නම් අන්තර්ජාලය භාවිත කරන වගේම නොකරන ඕනෑම කෙනෙක් නොදන්නා තරම්!

ඒත් පොඩි ප්‍රශ්ණ දෙකක් තියෙනවා...
01 .කවුද E-mail (ඊ- මේල්) හොයාගත්තේ දන්නවද ??
02. ඊ- මේලය ලොවට ඇවිත් දැනට වයස කියක් වෙනවද?
ඕ....
මාර ප්‍රශ්න තමා අහන්නේ!
මේ තමා දෙවනි ප්‍රශ්නෙට උත්තරය...
2011 ඔක්තෝබර් මාසය වෙන කොට ඊ- මේලය ලොවට හදුන්වලා දීලා අවුරුදු 40 ක් වෙනවා...
එනම් 1971 ඔක්තෝබර් මාසයේ තමා පලමු වෙනි ඊ- මේලය යවලා තියෙන්නේ!
කවුද E-mail (ඊ- මේල්) හොයාගත්තේ??
ම්... මේ කියන්න යන්නේ ඒ ගැන තමා...

1941 ඇමස්ටර්ඩෑම්, නිව්යෝර්ක් හි උපත ලැබු
රේමන්ඩ් සැමුවෙල් තොම්ලින්සන්
ඇමරිකාවේ පැරණිම තාක්ෂණීක විශ්ව විද්‍යාලය වන
Rensselaer Polytechnic Institute
වෙතින් තම උපාධීය ලබා ගත්තේය.
රේමන්ඩ් සැමුවෙල් තොම්ලින්සන්
ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ කුලි පදනම මත 1968 වසර
වල දි Arpanet ජාලය නිර්මාණය කිරීමේ යෙදි සිටි
Bolt Breaknek & Newman (BBN) සමාගම යටතේ
රේ තොම්ලින්සන් රාජකාරි කරමින් සිටියා..
එකල ඔහුහා කණ්ඩායම විසින් නිර්මාණය කලා වු SENDMSG නැමති එකම පරිගණකයක් තුල තව අයකුට පණිවිඩයක් යැවිය හැකි හා READMSG නැමැති එම පණිවිඩය කියවිය හැකි පරිගණක වැඩසටහන් දෙකක් වු අතරම විවිධ ෆයිල් පරිගණකය හරහා යැවිය හැකි CPYNET නැමති වැඩසටහනක් ද නිර්මාණය කරන ලදි.
තොම්ලින්සන්ට ආ අදහසක් වු
SENDMSG හා READMSGහා CPYNETයන වැඩසටහන් තුන
එකතු කොට තැනිය හැකි යයි සිතු E-mail (ඊ- මේලය) ලෙස හදුන්වන වැඩසටහන ඔහුට සාර්ථක කර ගත හැකි විය.
1971 ඔක්තෝම්බර් මාසයේදි ක්‍රේම්බ්‍රිජ් ,මැෂචුනට් හි තම කාර්යාලය තුලවු එක ලග පිහිටිArpanet ජාලය මගින් සම්බන්ධ වු එනම් ,එහි තුල වු
BBN–TENEX A (BBN A) හා BBN–TENEX B (BBN B) ලෙස හැදින්වු පරිගණක දෙක යොදා ගනිමින්,
ඔහු ලොව පලමු E-mail (ඊ- මේලය) “QWERTYUIOP “
ලෙස සඳහන් කරමින් යවනු ලැබුවා!
ලොව පලමු E-mail (ඊ- මේලය) යවනු ලැබුවේ BBN B සිට BBN A වෙතයි.
BBN–TENEX A (BBN A) හා BBN–TENEX B (BBN B)
ලෙස හැදින්වු පරිගණක දෙක

ඔහුගේ 1971 මේ සොයාගැනීමත් එක්ක ඊ- මේලය වඩාත් ජනප්‍රිය වු අතර අවුරුදු 02 පසු එනම් 1973 කල සමීක්ෂණයකින් කියා තිබුනේ එකල Arpanet ජාලයේ 75% වැඩි කාර්යබහුල බවක් මේ ඊ- මේල් හින්දා ඇති වුනා කියලයි.
1990 වසරේ WWW හෙවත් World Wide Web නැතිනම් අන්තර් ජාලය නිසා ඊ-මේල් භාවිතය ඉතාම වේගයෙන් ඉහල ගියා..
1996 දි ප්‍රථම වතාවට ඇමෙරිකාව තුල තැපැල් ලිපි ප්‍රමාණය ඉක්මවා ඊ-මේල් යවා තිබුනා..
කෝහෝම වුනත් දැනට ලොව පුරා විහිදෙන ඊ- මේල් වලින් 81% ක්ම ස්පෑම් -Spam ආකාරයේ ඒවායි..
ආ...
තවත් දෙයක් බොහෝ දෙනා දන්නවා දැකලා තියෙනවා නේද
@ “ඇට්“ – “at” ලෙස හදුන්වන මේ සලකුණ..

ඊ මේල් ලිපින එක්කම තමා බොහෝමත් වෙලාවට යන්නේ..
අන්න මේ @ සලකුණත් හදුන්වලා දීලා ඊ මේල් ලිපින වලට ඇතුලත් කලේ මේ රේ තොම්ලින්සන් මහත්තයා..
ඒකත් ගොඩාක් වටින කරුණක්..
ඇත්තටම දැන් ඊ මේල් ගැන නම් ඉතින් කියන්න නම් මුකුත් නෑ මොකද අන්තර්ජාලයේ කරක් ගහන ඕන කෙනෙක්ට අනිවා ඊ මේල් ලිපිනයක් තියෙනවා..
මම වගේම හැමෝටමත් එහෙමයි නේද??
ඒ වුනාට ඉස්සෙලා කිව්ව තොරතුරු දන්නේ බොහෝම සුළු පිරිසයි කියලයි මට හිතෙන්නේ මමත් අහම්බයෙන් තමා මේ ගැන දැන ගත්තේ...
අන්තර්ජාලයෙන් තමා වැඩි විස්තර හා පින්තූර සොයා ගත්තේ ..
ඉතින් වැදගත් වුනා කියලා හිතෙනවනම් අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා!
අද වන විට නම් සමාජ ජාල වෙබ් අඩවි නිසා ඊ මේල්
භාවිතයේ බොහෝමත් ම අඩුවීමක් තියෙනවා..

ඒ වුනත් , සැමුවෙල් ඩී මෝර්ස්, ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්,ගුග්ලි එල්මෝ මාර්කෝනි වැනි ලොව සන්නිවේදනය වෙනස් කලා වු පුද්ගලයන්ට ඉතිහාසයේ හිමිවු තැනක් අනාගතයේ රේ තොම්ලින්සන් මහත්මයට ලැබෙයිද??

No comments:
Post a Comment