Thursday, May 17, 2012

පරිගනකයක් යනු කුමක්ද

පරිගනකයක් යනු කුමක්ද
What is a Computer
පරිගනක(පද්ධති)යක් යනු නොයෙක් උපකරණ කිහිපයක එකතුවකි. මේවා වෙන වෙනම නිශ්පාදනය කර පසුව එකලස් කල විට එක් අවශ්‍යතාවයක් සපුරාලීමට එකට ක්‍රියා කරයි. මේ අනුව බලන කල පරිගනකයක් යනු තනි උපකරණයක් ලෙස සැලකිය නොහැක.
මෙම උපකරණ අතුරෙන් සමහරක් පරිගනකයට දත්ත ඇතුලත් කිරීමට යොදා ගන්නා අතර තවත් සමහරක් පරිගනකයෙන් තොරතුරු පිටතට ගැනීමට භාවිතා කරයි. මේවා ආදාන ඒකක සහ ප්‍රතිදාන ඒකක ලෙස හඳුන්වයි.
යතුරු පුවරුව (key board), මවුසය(Mouse), කැමරාව(Camera/webCam), මයික්‍රෆෝනය (Microphone) ආදාන ඒකක වලට උදාහරන වේ.
මොනිටරය (Monitor), මුද්‍රන යන්ත්‍රය (Printer), ස්පීකරය (Speaker) ප්‍රතිදාන ඒකක වලට උදාහරන වේ.
මේ අතර තවත් සමහර උපකරණ පරිගනකය තුල දත්ත ගබඩා කර තැබීමටත් ඒවා සැකසීමටත් භාවිතා කරයි.
මීට අමතරව තවත් නොයෙක් ආකාරයේ උපකරණ පරිගනක පද්ධති සඳහා නිර්මානය කෙරුනද මේ සියල්ලටම පොදුවේ ව්‍යවහාර කරනු ලබන්නේ ආදාන/ප්‍රතිදාන ඒකක (I/O Devices) ලෙසටය.

No comments:

Post a Comment