Friday, May 25, 2012

අන්තර්ජාලය

බහුජන මාධ්‍ය ජාලය - අන්තර්ජාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ද නෙට් නැත‍හොත් ද වෙබ් යනුවෙන්ද හැඳින්වෙන) අන්තර්ජාලය ‘ජාල තුළ ජාලයක්’ ලෙස කෙටියෙන් හැඳින්විය හැක. මෙය නියත වශයෙන්ම එකිනෙකට සම්බන්ධ කරන ලද පරිගණක ජාලයක් තුළ, මහජනයාට සම්බන්ධ විය හැකි, ලෝක ව්‍යාප්තව පවතින ජාලයකි. මෙයට තොරතුරු සපයනු ලබන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටකොල් ක්‍රමය ප්‍රයෝජනයට ගනිමින් පැකට් ස්විචිං ක්‍රමය (Packet switching) මගිනි. මෙය ගෘහස්ථ වශයෙන් කුඩා තොරතුරුද, අධ්‍යාපන, ව්‍යාපාරික සහ රාජ්‍යයන් රාශියක තොරතුරු වලින්ද සමන්විත වන අතර විද්‍යුත් තැපෑල, අන්තර්ජාලයේ කෙරෙන හමුවීම්, සාකච්ඡා, ලිපි ගොනු එහා මෙහා යැවීම් සහ එකිනෙකට සම්බන්ධ වෙබ්පිටු සහ ලෝක ව්‍යාප්ත ජාලයේ වෙනත් ලියවිලි වැනි නොයෙක් ආකාරයේ තොරතුරු හා සේවාද සපයයි.
අන්තර්ජාලය (Internet) සහ ලෝක ව්‍යාප්ත ජාලය (World wide web) යනු එකක් ලෙස සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු වටහා ගෙන සිටින නමුදු එය එසේ නොවේ අන්තර්ජාලය යනු අන්තර් වශයෙන් එකිනෙකට සම්බන්ධ වී පරිගණක ජාල එකතුවකි. මේවා සම්බන්ධ වී තිබෙන්නේ තඹ කම්බි, ෆයිබර් ඔප්ටික් කේබල් රැහැන් රහිත සම්බන්ධතා ආදියෙනි. ලෝක ව්‍යාප්ත ජාලය යනු හයිපර් ලින්ක සහ URL මගින් සම්බන්ධ කරනු ලබන අන්තර් වශයෙන් සම්බන්ධ ලියවිලි (documents) එකතුවකි. මෙම ලෝක ව්‍යාප්ත ජාලයට විද්‍යුත් තැපෑල, ගොනු හුවමාරු (File sharing) සහ පහත විස්තර කරනු ලබන වෙනත් ක්‍රමද ඇතුළුව අන්තර්ජාලය තුලින් ප්‍රවිෂ්ට විය හැක.
20 වෙනි ශත වර්ෂය අවසාන වන්නට ආසන්නයේදී ලෝක ව්‍යාප්ත ජාලය හඳුන්වා දීමත් සමග ඕනෑම තනි පුද්ගලයෙකුට ලෝක ව්‍යාප්ත ජන මාධ්‍ය කලාව එක් වීමේ හැකියාව ලැබි තිබේ. පළමු වතාවට වෙබ් අඩවියක් ඇති ඕනෑම කෙනෙකුට ලෝක ව්‍යාප්ත ප්‍රේක්ෂක පිරිසකට ඇමතිය හැක. (එසේ වුවද ඉහත මට්ටමේ වෙබ් සංසරණය සාමාන්‍යයෙන් මිළ අධික කාර්යයකි) ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි වන ලෙස තොරතුරු, පින්තූර සහ ප්‍රකාශ ආදි විශාල ප්‍රමාණයක කාරණා ලෝක ව්‍යාප්ත ජාලය තුල ඇතත් (බොහෝ විට තනි පුද්ගලයෙකු පල කරන) එවැනි තොරතුරු වල විශ්වාසනීයත්වය නිශ්චය කිරීම අසීරු කාරණයක්ව පවති. අන්තර්ජාලය පැමිණීමත් සමග ලෝකයේ සිදු වන හදිසි සිදු වීම් පිළිබඳ ප්‍රවෘත්ති (Breaking News) මිනිත්තු කිහිපයක් තුල මුලු ලෝකයටම දැන ගැනීමට හැකියාව ලැබී තිබේ. මෙම ක්ෂණික විමධ්‍යගත සන්නිවේදන ක්‍රමය හේතුවෙන් ලෝක ව්‍යාප්ත ජන සන්නිවේදන කලාව සහ එය සමාජයට ඇති කරන බැඳීම වෙනස් කර ඇතැයි හැඟි යයි.
ක්‍රොස් මීඩියා (Cross – Media) යනුවෙන් අදහස් වන්නේ එකම පණිවුඩය විවිධාකාර චැනලයන් හරහා බෙදා හැරීමයි. කේන්ද්‍රාභිමුඛ (Convergence) නොහොත් සියලු දිශාවෙන් පැමිණෙන සහ මෙවැනිම තවත් අදහසක් ප්‍රවෘත්ති කර්මාන්තය තුල ප්‍රකාශ වී තිබේ. මානව සම්බන්ධතා නොමැතිව, ක්‍රොස් මීඩියා මගින් මුද්‍රණය හා ලෝක ව්‍යාප්ත ජාලය තුල තම තමන්ගේ ප්‍රකාශන පල කිරීමට හැකි යයි බොහෝ කර්තෘවරු තේරුම් ගෙන සිටිති. එකිනෙකට නොගැලපෙන දත්ත තිර හැඩයන් (Screen fermats) සමග රැහැන් රහිත උපකරණවල සංඛ්‍යාව වැඩි වීම “එක් වතාවක් සකස් කර වැඩියෙන් ප්‍රකාශයට පත් කිරීම” (Create once publish more) යන අදහස ක්‍රියාත්මක කිරීමේදි බාධකයක් වී තිබේ.
පෘථුල සන්නිවේදන මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය ඉතා ඉක්මණින් පැමිණෙමින් තිබේ. සෑම දෙයක්ම අන්තර්ජාලය තුලින් ලබා ගැනීමේ පහසුව ලැබි තිබේ. ප්‍රවෘත්ති පත්‍රයක් මිළ දී ගැනීම හෝ රෑ උදයේ ප්‍රවෘත්ති රූපවාහිනියෙන් බලනවාට වඩා අන්තර්ජාලය තුලින් තමන්ට අවශ්‍ය ප්‍රවෘත්තිය ලබා ගැනිම සඳහා මිනිසුන්ට හැකියාව ලැබී තිබේ. බොහෝ වැඩ කරන ජනතාව තමන්ගේ මේසය ළඟ වාඩි වී අන්තර්ජාල ප්‍රවෘත්ති වලට සවන් දෙති ක්‍රීඩා කරති. ‘අන්තර් ජාලය හා සහ අධ්‍යාපනය’ සම්බන්ධයෙන් ‘The pew internet & American life’ ව්‍යාප්පෘතිය මගින් කරනු ලැබු සමීක්ෂණයකදි අධ්‍යාපන ක්‍රමය පවා අන්තර්ජාලය මත රැඳි පමවතින බව අනාවරණය කර ඇත. ගුරුවරයෙකුට එක් ඊ මේල් එකක් මගින් සම්පූර්ණ පන්තියක් සමග සම්බන්ධ විය හැක. පන්තියේ ශිෂ්‍යයින්ට පිටපතක් ලබා ගැනීමට හැකි වන සේ ඔවුන් සතුව වෙබ් පිටු තිබේ. සමහරක් පන්ති වලට, ශිෂ්‍යයින් සතිපතා තැපෑලෙන් යැවිය හැකි ක්ලාස් බ්ලොග්ස් තිබේ. දායකත්වය මත වර්ගීකරණය කරනු ලැබේ. මෙපරිදි අන්තර්ජාලය සන්නිවේදනයේ බලවතෙකු බවට පත් වී ඇත.

 අන්තර්ජාලය තවදුරටත් දැන ගන්න කැමති අයට
අන්තර්ජාලය නම් සන්කල්පය බිහිවන්නේ පරිගනකය නම් වූ  මෙවලමේ බිහිවීමෙන් දශක ගනාවකට පසුවය.පරිගනක තාක්ෂණය සහ සන්නිවේදන තාක්ෂණයේ උපරිම පලයක් ලෙස අන්තර්ජාලය බිහිවීම තුලින් එක ලොකයක විවිද සීමා මායිම් තුල ජීවත් වූ මිනිසා සියලු සීමා මායිම් පරයමින් විශ්වගම්මානය තුල පියමන් කරයි.
අන්තර්ජාලය යනුවෙන් හෑදින්වෙන්නේ ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි. එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණුනොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ. මෙයට කෝටි ගණනක්වූ කුඩා ගෘහාශ්‍රිත, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන් ඇතුලත් වන අතර විද්‍යුත් තැපෑල, ඔන්ලයින් සංවාද, ලිපිගොණු සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ (World Wide Web) ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන්ද අයත්ය.
අන්තර්ජාලයේ ඉතිහාසය
 අන්තර්ජාලයට මඟ පෑදූ පුළුල්ව පැතිරුණු අන්තර් - ජාලකරණයට පෙර වූ බොහෝමයක් ඔවුන්ගේ ජාලයේ නැවතුම්පොළ අතර පමණක් සන්නිවේදනයට ඉඩ දීමේ ස්වභාවය නිසා සීමා වී තිබූ අතර පවතින පරිගණක ජාලකරණ ක්‍රම වේදය පදනම් වී තිබුණේ මධ්‍යම මේන්ෆ්‍රේම් ක්‍රමවේදය මතය. 1960 කාල වකවානුවේ දී ජේ.සී.ආර්. ලික්ලීඩර් හා රොබට් ඩබ්. ටේලර් නැමැති පරිගණක පර්යේෂකයන් අන්තර් ක්‍රියාකාරී ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා එකිනෙක හා සබැඳුනු ලෝක ව්‍යාප්ත ජාලයක් යෝජනා කළහ. ඒ හා සමාකාලීනවම එකිනෙකින් වෙන් වූ භෞතික ජාල අතර ජාලකරණයේ මූලික නීති පර්යේෂණයට පර්යේෂණ වැඩ සටහන් ද ආරම්භ කෙරිනි. මෙය පැකැට්ටු හුවමාරු (Packet switching) ක්‍රමයේ වර්ධනයට හේතුවේ. මෙම පර්යේෂණ වැඩසටහන්වලට ඩොනල්ඩ් ඩේවිස් (Donald Davies (NPL) පෝල් බැරන් (Paul Baran (RAND සංස්තාව) හා ලෙනාර්ඩ් ක්ලේයින් රොන් (Leonard Kleinrock ) (MIT) යන පර්යේෂණ වැඩසටහන අයත් වේ. මෙය 1960 හා 1970 අග භාගයේ දී ARPANET, සහ X.25 ඇතුලුව පැකට්ටු හුවමාරු ජාලකරණ කිහිපයක දියුණුවට මඟ හසර හෙළි කළේය. ඊට අමතරව UUCP ඇතුළුව පොදු ප්‍රවේශ හා විනෝදාංශ ජාලකරණ පද්ධති ජනප්‍රියත්වයෙන් ඉහල යාමට විය. කෙසේ නමුත් තවමත් ඒවා ජාල අතර ඇති සීමිත වාහල් සංඛ්‍යාවකින් සේවා ලබා එකිනෙකින් වෙන් වූ ජාල වෙයි. මෙය පැකට්ටු හුවමාරු යෙදුම මඟින් අන්තර්ජාලකරණයට ප්‍රෝටෝකෝලයක් නිපදවීමට මග පෑදීය. එමඟින් එකිනෙකට වෙනස් ජාල සුපිරි සැකිලි ජාලයන් බවට පත් කිරීමට හැකි විය. අන්තර්ජාල ප්‍රෝටෝකෝල කට්ටලය නැමැති සරල පොදු ජාල පද්ධතියක් අර්ථ දැක්වීමෙන් ජාලයේ සංකල්පය වැනි භෞතික ක්‍රියා පිළිවෙලින් වෙන් කල හැකි විය. අන්තර්ජාලකරණයේ මෙම ව්‍යාප්තිය අන්තර්ජාලය ලෙස හඳුන්වන විශ්වීය අන්තර් ජාල කරණයක අදහස ඇතිකරලීය. මෙය ඉතා වේගයෙන් පැතිරුණු අතර පවතින ජාල මෙයට උචිත ලෙස පරිවර්තනය විය. මෙය බටහිර ලෝකයේ දියුණු විදුලි සංදේශ ජාල හරහා වේගයෙන් පැතිරුණූ අතර ඇත්ත වශයෙන්ම එය ලෝක සම්මතය හා විශ්ව ජාලය බවට පත් වු විට ලෝකයේ අනෙක් කොටස්වලට ද ව්‍යාප්ත විය. කෙසේ නමුත් වර්ධනයේ විෂමතාව අදටත් සැලකිල්ලට බඳුන්වන සංඛ්‍යාත බෙදුමකට හේතු විය. 1980 දී පෞද්ගලිකව ක්‍රියාත්මක වන අන්තර්ජාල සේවා සපයන්නන් වාණිජකරණයට ලක්වීම හා හඳුන්වා දීම 1990 දී ජනප්‍රිය භාවිතය තෙක් පුළුල් වීම නිසා අන්තර්ජාලය සංස්කෘතිය හා වාණිජය මත දැඩි බලපෑමක් ඇති ‍කළේය. මෙයට විද්‍යුත් තැපෑල හරහා සන්නිවේදනය දියුණු වීම, වදන් මත පදනම් වූ සාකච්ඡා (වර්ල්ඩ් වයිඩ් වෙබ්) ලෝක ව්‍යාප්ත ජාලය ආදිය ඇතුළත් වේ. මෙම නව හඳුන්වාදීම මඟින් ආයෝජකයන්ට නව වෙළඳ පොළවල් කෙරෙහි ඇති කල කල්පිත විශාල වෙළඳ පොළ බිඳ වැටීමත් වූ ඩොට් - කොම් බබ්ල් හි උද්ධමනයට හා බිඳ වැටීමට හේතු විය. එසේ තිබිය දීත් අන්තර්ජාලයේ වර්ධනය දිගින් දිගටම සිදු වූ අතර අදටත් සිදුවෙයි.
අන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන (World Wide Web)
අන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන එකම දෙයක් නොවේ. තඹ රැහැන්, ප්‍රකාශ තන්තු රැහැන්, රැහැන් රහිත සම්බන්ධතා ආදී වූ නොයෙක් ක්‍රම‍ මගින් එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගේ එකතුවක් අන්තර්ජාලය වන අතර හයිපර්ලින්ක්ස් (Hyperlinks) සහ URL මගින් අමුණා ඇති ලිපි හා අනෙකුත් සම්පත් වල එකතුවකි විශ්ව ව්‍යාප්ත වියමන. විශ්ව ව්‍යාප්ත වියමනට පිවිසිය හැකි මග අන්තර්ජාලය වනවා සේම විද්‍යුත් තැපෑල, ලිපිගොනු හුවමාරුව  ආදී වු දේ ඉටුකර ගැනීමේ මග ද අන්තර්ජාලයයි.
අන්තර්ජාලය ක්‍රියා කරන ආකාරය
වර්ල්ඩ් වයිඩ් වෙබ් හි වෙබ් පිටුවක් බැලීම මුලින්ම පටන් ගන්නේ වෙබ් බ්‍රවුසරයක අදාල වෙබ් පිටුවේ URL යතුරු ලියනය කිරීමෙන් හෝ එම පිටුවට හෝ ප්‍රභවයට හයිපර්ලින්ක් (Hyperlink) අනුගමන කිරීමෙනි. ඉන්පසු වෙබ් බ්‍රවුසරය එය තිරයෙහි දර්ශනය කිරීමට සන්නිවේදන පණිවිඩ මාලාවක් නිකුත් කරයි.
ප්‍රථමයෙන්ම URL හි සේවාදායක නාම කොටස , වසම් නාම පද්ධතිය හෝ DNS ලෙස හඳුන්වන ලෝක ව්‍යාප්ත අන්තර්ජාල දත්ත සමුදායක් භාවිතයෙන් IP ලිපිනයක් අයිපී ලිපිනය බවට විසඳනු ලැබේ. මෙම IP ලිපිනය වෙබ් සේවාදායකය සම්බන්ධකර ගැනීමට හා දත්ත පැකට් යැවීමට අත්‍යවශ්‍ය වේ.
ඉන්පසු බ්‍රවුසරය අදාල ලිපිනයේ සේවාදාකයා වෙත HTTP ඉල්ලීමක් යැවීමෙන් සම්පත් සඳහා ඉල්ලුම් කරනු ලැබේ. සාමාන්‍ය වෙබ් අඩවියකදී වෙබ් බ්‍රවුසරය මගින් ප්‍රථමයෙන් පිටුවේ HTML වදන් ඉල්ලුම් කර ඒවා වහාම ව්‍යාකරණ විග්‍රහයට භාජනය කරනු ලැබේ. පිටුවේ කොටස් වන අනෙකුත් ඡායාරූප හා ගොණු ඉල්ලීම සිදු කරන්නේ ඉන්පසුවය. වෙබ් අඩවියක ජනප්‍රියතාව මනින දත්ත රඳා පවතින්නේ පිටු නිරීක්ෂණය කරන අයගේ සංඛ්‍යාව හෝ බැඳී ඇති සේවාදායක “හිට්ස්” (hits) හෝ ගොණු ඉල්ලීම් ප්‍රමාණය මතය.
වෙබ් සේවාදායකයන් අවශ්‍ය ගොණු ලැබුණු පසු බ්‍රවුසරය , අදාල පිටුවේ HTML , CSS හා වෙනත් වෙබ් භාෂා මගින් සඳහන් කර ඇති පරිදි පිටුව තිරයට පිරිනමනු (render) ලැබේ. පරිශීලකයා තිරය මත දකින වෙබ් පිටුව නිර්මාණය වීමට පින්තූර හා අනෙකුත් සම්පත් ද සම්බන්ද වේ.
බොහෝමයක් වෙබ් පිටුවල අනෙකුත් අදාල වෙබ් පිටුවලට හෝ බාගත කිරීම්වලට , මූලාශ්‍ර ‍ලේඛවලට , අර්ථ දැක්වීම්වලට හා අනෙකුත් වෙබ් අඩවිවලට හයිපර්ලින්ක් (Hyperlink) අඩංගු වේ. එවැනි හයිපර්ලින්ක්වලින් (Hyperlink) එකට බැඳී ඇති ප්‍රයෝජනවත් සම්පත්වල එකතුවක් තොරතුරු “වෙබය” ක් ලෙස හැඳින්වේ. එය අන්තර්ජාලයෙන් ලබාගත හැකිවූයේ 1990 දී ටිම් බර්නර්ස් ලී ( Tim Berners – Lee) වර්ල්ඩ් වයිඩ් වෙබ් ලෙස (www) හැඳින්වූ දෙයෙහි නිර්මාණයත් සමගය.
ලොවපුර අන්තර්ජාල භාවිතයේ වර්ධනය.
1995 වසරේ සිට 2011 අවසානය තෙක් අන්තර්ජාල බාවිතයේ වර්දනය මෙලෙස දෑක්විය හෑක."www.internetworldstats.com"
DATE
December, 1995
December, 1996
December, 1997
December, 1998
December, 1999
December, 2000
August, 2001
September, 2002
December, 2003
December, 2004
December, 2005
Dec, 2006
Dec, 2007
Dec, 2008
Dec, 2009
Sept, 2010
Dec, 2011
NUMBER OF USERS
16 millions
36 millions
70 millions
147 millions
248 millions
361 millions
513 millions
587 millions
719 millions
817 millions
1,018 millions
1,093 millions
1,319 millions
1,574 millions
1,802 millions
1,971 millions
2,267 millions
% WORLD POP
0.4 %
0.9 %
1.7 %
3.6 %
4.1 %
5.8 %
8.6 %
9.4 %
11.1 %
12.7 %
15.7 %
16.7 %
20.0 %
23.5 %
26.6 %
28.8 %
32.7 %
INFORMATION 
IDC
IDC
IDC
C.I. Almanac
Nua Ltd.
Internet World Stats
Nua Ltd.
Internet World Stats
Internet World Stats
Internet World Stats
Internet World Stats
Internet World Stats
Internet World Stats
Internet World Stats
Internet World Stats
Internet World Stats
Internet World Stats

1 comment: