ඉස්සරලම කියන්න ඕන 32bit ට වඩා 64bit සුපිරි.64bit කොම් එකෙක සුපිරි වාසි ටිකක් තියනව.ඒව තමයි මේ.
- 32bit වර්ෂන් එක භාවිත කරන කොම් වල උපරිම RAM ධාරිතාව වන 4GB ට වඩා වැඩි RAM ධාරිතාවක් 64bit කොම් වල පාවිච්චි කරන්න පුලුවන්.මේ නිසා වැඩි මතක ධාරිතාවක් අවශ්‍ය වැඩසටහන් වඩාත් හොදින් 64bit කොම් වල වැඩ කරනවා.
- සංකීර්ණ ගණිත කර්ම වේගවත්ව කල හැකි නිසා පරිගණක ක්‍රීඩා,ත්‍රිමාන සජීවීකරණ නිර්මාණය,වීඩියෝ සංස්කරණය ආදී කටයුතු වඩා වේගවත්කළ හැකි වීම.
ඔයාලගෙ කොම් එකේ 64bit මෙහෙයුම් පද්ධතියක් වැඩ කරන්න ඕන නම් ඔයාලගෙ කොම් එකේ ප්‍රොසෙසරයත් 64bit වෙන්න ඕන.ඒක හොයා ගන්නෙ මෙහෙමයි.(මෙම ක්‍රමය වින්ඩොස් 7 වලදී භාවිත වේ)
මෙන්න ක්‍රමය-Start තුලින් Control panel ක්ලික් කරන්න.ලැබෙන Control panel වින්ඩෝවෙ ඇති
System and Maintenance විවෘත කර ගන්න.එහි ඇති Performance Information and Tools විවෘත
කරගන්න.දැන එහි ඇති View and Print details මත ක්ලික් කරන්න.එවිට එහි ලැබෙන කොටසේ 64-bit capable යන්න ඉදිරියෙන් Yes ලෙස තිබේනම් ඔයාලගෙ කොම් එකේ ප්‍රොසෙසරය 64bit වේ

No comments:
Post a Comment