Friday, July 27, 2012

අපේ ගුගල් ගිණුම බේරාගමු


  • # 1 ලෝකේ ගැන අවදානෙන් සිටීම.
හැමදාම ලෝකේ පරිගණක බවිත කරන අයට එන තර්ජන මොනවද ඒවාට ගන්න ඕන පිළියම් මොනවද කියල පල වෙන නිවුස් වලට උප්දටේ එකේ ඉන්න ඕන.එක තමයි ප්‍රදානම.
  • #2 හැමදාම කියන ඇන්ටිගේ වයිරස්
හැමදාම කියනවා වගේ හොද ලෝකේ පිළිගත්ත ඇන්ටි වයිරස් මුදෘකන්ගයක් පරිගණකයේ දල තියාගන්න.ඒ විතරම් මදි එක පුළුවන් හැම වෙලාවකම අප්ඩේට් කරන්නත් ඕන.ඉට අමතරව මාසෙකට වතාවක් හරි සම්පුර්න පරිගනකයම ෆුල් සිස්ටම් ස්කන් එකක් කරන්න ඕං.
මේක ඉතින් කට කැඩෙනකන් කියන්නේ මේ හේතු නිසා
මෙතැනදී වයිරස වලට වැඩ අපිට තර්ජනයක් වෙන්නේ ට්‍රෝජන් සහ කි ලොගර් වලින් තමයි.ඒ වගේ හානිකර වැඩසහන් වලින් වෙන්නේ ඔයා පරිගණකයේ කරන කියන දේ,ටයිප් කරන දේ පාස්වර්ඩ් ,ක්‍රෙඩිට් කාර්ඩ් තොරතුරු මේ හානිකර මුදෘකන්ගය මුදා හැරපු කෙනාට යවන එක.ඉතින් මේවගෙන් බේරෙන්න හොද ඇන්ටි වයිරස් එකක් දල තියෙන්න ඕන ඊට අමතරම ඇන්ටි මල්වෙයාර් එකක් දල තියාගන්න.
  • #3 මොලේ පාවිච්චි කරලා මුර පදයක් හද ගන්න.
මුර පදයක් තමන්ගේ ජි මේල් ගිණුමට හදන්න කලින් මේ ගැන හිතන්න.
කවදාවත් තමන් ගැන ලෝකේ අනිත් ය දන්නා දේවල් වලින් මුර පදය හදන්න එපා.උදාහරනෙකට ඖඅගෙ ගැනු ළමයාගේ නම,දුරකටන  අංකය, ඉන්න පළාත වගේ දේවල් දන්නා එපා.
අනික ඔයාගේ පබ්ලික් ප්‍රොෆයිල් වල තියෙන දේවල් උදහරෙනෙකට ෆේස්බුක් එකේ තමන් ප්‍රසිද්ද කරලා තියෙන දේවල් වලින් මුර පදය හදන්න එපා.ගොඩක් හකර්සලා හැක් කරනවා කියල කරන්නේ ඔයාගේ පෞද්ගලික තොරතුරු හොයාගෙන ඔයාගේ මුර පදය ගෙස් කරන එක.ඒ ඉන ඒවත් ඔලුවට ගන්න.
ඊළගට කවදවට් පොඩි මෝඩ මුර පද හදන්න එපා.මුර පදයක් හදද්දී සිම්පල් කැපිටල් අකුරු සංයෝජනයක් යොදන්න,ඉලක්කම් ඒ මැදින් යොදන්න.සිම්බල් (!@#$%^&*) වගේ ඒවත් යොදන්න.එතකොට ගොඩක් ආරක්‍ෂිත මුර පදයක් හද ගන්න පුළුවන්.
කවදාවත් ශබ්දකෝෂයේ තියෙන වචන වලින් මුර පදේ හදන්න එපා.උද-apple ,cat ,dog  වගේ.මොකද ගොඩක් පාස්වර්ඩ් ගෙස් කරන මුදෘකාංග වලින් මුලින්ම කරන්නේ ඔයවගේ වචන මුලින් දල බලන් එක.
කිසිම දවසක තමන්ගේ ජි මේල් ගිණුමේ පාස්වර්ඩ් එක තවත් අඩවියක ලියාපදිංචි වෙන්න යොදා ගන්න එපා.එකට හේතු වෙන්නේ හිතන්න ඔය ඒ ලියාපදිංචි උන වෙබ් අඩවිය හැක් උනාම ඒ හැක් කරපු කෙනාට ඔයාගේ මුරපද ඉ මේල්  ලිපිනය ලැබෙනවා.සොරිම තමයි ,තව සමහර වෙබ් අඩවි හදන යම තමන්ගේ වෙබ් අඩවියේ සාමාජිකයන්ගේ මුරපද බලන්න පුළුවන් විදියට හද ගන්නවා.මමත් එහෙම කරනවා මගේ සයිට් වලට්.ඒ වගේ මන් බැලුව අපේ ලංකාවේ අයෙගේ චෙක් කරලා.ඒ විධියට තමාගේ ජීමේල් ගිණුමේ මුරපදේ ,ෆේස්බුක් ගිණුමේ මුරපද ඔක්කොම මගේ වෙබ් සයිට් එකේ ලිය පදිංචි වෙනකොට දිපුවම තමයි.ඕනේ නම් මට කිසි ගේමක් නැතුව ඒයලගේ ගිණුම් ඔක්කොම හැක් කරන්න තිබුන.(එකට හැකින්ග් කියන්නත් අමාරුයි.පිශින්ග් වගේ)
  • #4 සමහර සයිට් වලට් ගියහම ඔයාල දැකල ඇති එක පාරටම අනතුරු ඇගවීමක් එනවා ඔයාගේ පරිගණකයට වයිරස් ගිහින් තියෙනවා කියල ස්කෑන් කරලා වයිරස් වල නම් ටිකකුට් එක්ක පණිවිඩයක් එනවා.ඒවා අයින් කරන්න නම් එයාල නොමිලේ දෙන වයිරස් ගාර්ඩ් එක දාගන්න කියල.ඊට කලින් සමහර විට දැනට තියෙන වයිරස් ගාර්ඩ් එක අයින් කරන්නට් වෙනවා.අපේ ය ගොනා සේ නිකන් දෙනවා නම් දෙමල පත්තරේ හරි කියල එකත් දාගන්නවා බඩු බනිස් ! මේ දෙන්නෙත් ලොකුම වයිරස් එකක් තමයි.ඕවට අහු වෙන්න එපා.කිසිම වෙබ් සයිට් එකක ටුඋල් එකකට ඔන්ලයින් ඔයාගේ පරිගණකය වයිරස සදහා ස්කෑන් කරන්න බැහැ.එක මතක තියාගන්න.ඔය නෙට් එකේ නිකන් දෙන්නම්වලේ දෙන හැම මගුලම ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා.
.#5 කැෆේ වලින් ජීමේල් සහ ඉන්ටෙර්නෙට් බාවිත කරන අය.තමන් පරිගනකය ලග ඉදගන්න කලින් බලන්න සිස්ටෙම් යුනිට් එක පිටිපස්සේ කි බෝර්ඩ් එක සවි වෙන තැන මන් මේ පහලින් පෙන්නලා තියෙනවා වගේ ගැජ මටික් එකක් හයි කරලා තියෙනවද කියල.
ඕවට කියන්නේ Hardware key loggers  කියල .මේකෙන් වෙන්නේ ඔයා කි බෝර්ඩ් එකේ ටයිප් කරන සියලුම කි ස්ට්‍රෝක් තැම්පත් කර ගන්නවා.ඊට පස්සේ ඕන කෙනෙකුට ඔය බවිත කරපු දේවල් බලන්න පුළුවන්.ඒ නිසා එහෙම එකක් ගහල තියෙනවා නම් අපහු කවදවට් ඒ කැෆේ එකට යන්නත් එපා,යනකොට හොද දෙකක් කියල යන්න එකේ අයිතිකාරයට.ඊළගට තව කැෆේ එකකින් බාවිතා කරනකොට පෙන් එකකට පොර්ටබල් ප්‍රව්සර් එකක් ගෙන එක මාර්ගයෙන් ඉන්ටෙර්නෙට් යන්න.එතකොට ටිකක් පරිස්සම්.
#6 තවත් හැමදාම කියන දෙයක්
ජි මේල් ගිණුමට ලොග් වෙන්න කලින් මුලින්ම චෙච්ක් කරලා බලන්න එකේ ලින්ක් එක Address  bar  එකේ තියෙන ලින්ක් එක ධිහ.එතන තියෙන්නේ https :// වලින් පටන් ගන්න  ලිපිනයක්ද හරියටම එක ගුගල් ලිපිනයද,ඕනවට වැඩ ලිපිනය දිගනම් එකේ අග ටම ගිහින් බලන්න ඩොමේන් එක මොකක්ද කියල.එක ගොඩක් පරිස්සම්.අනික කව්දෝ දන්නේ නැති පොරක් එවල තියෙන මේල් වල තියෙන ලින්ක් නම් ක්ලිච්ක් කරලා අමාරුවේ වැටෙන්න එපා,අනික එවල තියෙන කිසිම ෆයිල් එකක් දන්නේ නැති කෙනෙක් නම් ඩවුන්ලෝඩ් ,ඔපෙන් කරන්න නම් එපා.

No comments:

Post a Comment