පරණ LAP එකක් ගන්න කලින්?
- ඔයා ගන්න හදන ලැප ඔයාල කරන වැඩ වලට ගැලපෙනවද කියල මුලින්ම බලන්න ඕන.ඒ කියන්නෙ ප්‍රොසෙසර්,රැම් සහ හාඩ් ඩිස්ක් වගේ උපාංග වල ධාරිතා ගැළපෙනවද කියලා බලන්න ඕනි.ඒ වගේම සීඩී/ඩීවීඩී රයිටර්,වෙබ් කෑම්,බ්ලූටූත් හැකියාව,වයිෆයි හැකියාව වගේ අත්‍යාවශ්‍ය අංග හොඳට වැඩද කියල බලන්න ඕනි.
- ඊළඟට සලකා බලන්න ඕනි තවත් කාරණාවක් තමයි ලැප්ටොප් එකේ තිරයේ දිග - පළල තමගේ අවශ්‍යතාවයන්ට ගැළපෙනවද කියල.ඒ වගේම තිරයේ තැන් තැන් වල සාමාන්‍ය වර්ණ වල වෙනසක් තියනවද කියල බලන්නත් ඕනි.යම් තැනක ඒ වගෙ පලුදු වීම් තියනවනම් ඒ තිරයනම් එච්චර හොඳ තිරයක් නම් නෙවේ.
- ලැප්ටොප් එකේ බාහිර ආවරණයේ තැලුම් ලකුනු එහෙම තියනවනම් ඒ ලැප බිම වැටිල එහෙම තියෙන්න පුලුවන්.ඒ වගේම ලැප්ටොප් එකේ යටි පැත්තේ ඇති ඉස්කුරුප්පු ඇණ එහෙම ගලවල තියනව කියල පේනවනම් ඒ ලැප අලුත්වැඩියා කරපු එකක් වෙන්න පුළුවන්.ඒ වගේ ලැපක් ගන්න එකනම් ඒච්චර හොඳ අදහසක් නෙවේ.
- අනිත් වැදගත්ම කාරණයක් තමා බැටරියේ ආරෝපණ තත්වය.බැටරියේ ආරෝපණ කාලය ඉක්මනට බහිනවනම් අලුත් බැටරියක් යොදන එක තමාහොඳ.නැත්තම් ඉතින් ලැප බූට් කරන්න කලින් ඕෆ් වෙලා තියෙයි.
- තව කාරණාවක් තමා ලැප උණුසුම් වෙන තත්වය.ලැප රත් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැත්නම් ලැප්ටොප් එකේ ඇතුළත සිසිලන පංකා හරියට වැඩ කරන්නේ නෑ.නැත්නම් සිසිලන පංකා වල දූවිලි බැඳිලා.ඒ අවුල් නම් අලුත් පංකා දාල නැතිනම් දූවිලි අයින් කරල හරි ෂේප් කරගන්න පුළුවන්.ඒත් එහෙම කරලත් ලැප රත් වෙනවනම් ඉතින් ඒ ලැප නොගන්න එක වඩාත් හොඳයි.
- තව කාරණාවක් තමා ඔයා ගන්න හදන ලැපේ කී බෝඩ් එකේ තියන ඔක්කොම කීස් හරියට වැඩද කියල බලන්න ඕනි.
- තවත් දෙයක් තමා ලැපේ සීඩී/ඩීවීඩී ඩ්‍රයිව්,කාඩ් රීඩර් ආදිය හොඳට වැඩද කියලා බලන එක.
No comments:
Post a Comment