Thursday, July 5, 2012

Dialog KIT සිම් එකෙන් අන්තර්ජාලයට පිවිසෙමු.



වර්තමානයේ බොහෝ දෙනා අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට එනම් අන්තර්ජාලයට පිවිසීමට යූ.ඒස්.බි. මොඩම් භාවිතා කරනු ලබයි. සේවා සපයන ආයතන වලින් (ඩයලොග් මොබිටෙල් වැනි) මෙම මොඩම් සමග නොයෙකුත් වර්ගයේ පැකේජ ලබා දෙයි. නමුත් ටික කාලයක් යන විට මෙම පැකේජ වල බිල් ගෙවීමට නොහැකිව බොහෝ දෙනා ඒවාට පොලු තිබීම සුලභ දෙයක්. මෙන්න මේ පොලු උදවියට හා පැකේජ මිල දී ගත නොහැකිව ලත වෙන අයට කිට් සිම් එකකින් අන්තර්ජාලයට පිවිසිය හැකි විදිහ කියන්න තමා අද මේ සෙට් වෙන්නේ.
පළමුවෙන්ම සිම් එක මොඩම් එකට දාලා සෙට් කරගන්න. ඊට පස්සේ ඒක කම්පියුටර් එකට ප්ලග් කරන්න. දැන් මොබයිල් පාට්නර් එක ඕපන් උනාද බලන්න. නැත්නම් ඒක ඕපන් කර ගන්න.
අපි මුලින්ම කරන්න ඕන නෙට් යන්න පුළුවන් විදිහට කිට් සිම් එක ඇක්ටිව් කර ගන්න එක. ඒ සඳහා පහළ පින්තූර වල පෙනෙන පරිදි Text -> New Message ගිහින් KBB කියලා type කරලා 678ට send කරන්න.














ටික වෙලාවක් ගියාම Successfully Registered කියලා message එකක් එයි. තව ටිකකින් තව එකක් එයි.ඒකේ තියනවා නෙට් යන්න කළ යුතු ආකාරය. ඒක අපි තව ටිකකින් බලමු .
දැන් අපි මොබයිල් පාට්නර් එකේ Profile එක හදා ගමු. ඒ සඳහා Tools -> Options ගිහින් Profile Management තෝරන්න. පසුව New button එක ක්ලික් කරන්න. දැන් පහත පරිදි ටයිප් කර save කර Ok කරන්න.
Add caption

දැන් Profile Name යටතේ ඔබ අළුතින් හදපු profile එක දිස්වෙනු ඇත. දැන් හරි. දැන් Text ගිහින් ඔබට අවශ්‍ය පැකේජ එක අනුව 678ට sms එකක් send කරන්න පහත පරිදි.

ක්‍රම තියනවා පහක්
KBB 20, KBB 50, KBB 100, KBB 200, KBB 40.
පසුව message එකක් එයි ඔබ මෙම පැකේජ එක තේරුවා කියලා. දැන් Profile එක තෝරලා Connect කරන්න. ගොඩේ ගොඩ. දැන් Browser එක open කරලා net යන්න. මතක තබා ගත යුතු දෙයක් තියනවා. පැය අදාළ කාලය ඉවර වෙන්න කලින් (ඒ කියන්නෙ 20ක් දැම්මාම පැය භාගය ඉවර වෙන්න කලින්) ඔයා Browse කරලා ඉවර නම් මතක් කරලා  මොබයිල් පාට්නර් එක Disconnect කරන්න. ඉතුරු වෙලාවන් පස්සෙ නෙට් යන්න පුළුවන්. හැබැයි වලංගු කාල සීමාව තුළ.

මෙන්න ගාස්තු හා කාල සීමා:

පැකේජකාලයගාස්තුව*වලංගු කාල සීමාවඋපරිම සීමාව
2030 minutes20.001 dayN/A
502 hours50.003 daysN/A
1005 hours**100.005 days500 MB
20012 hours**200.005 days1 GB
40024 hours**
400.007 days2 GB

No comments:

Post a Comment